nivahal

Click here to edit subtitle

නූතන වහල් චින්තනය පිළිබද බුද්ධිය අමතන විද්‍යුත් කතිකාව

දෙමළ ජාතිවාදීන් සත්‍ය ලෙසම තමන්ගේ මව් බසට ආදරය නො කරන බවත් මව් බස ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවයක් නැති බවත් ඔවුන් ඇලුම් කරන්නේ ඉංග්‍රීසි බසට බවත් පාර්ලිමේන්තු හැන්සාර්ඩ් වාර්තා අධයයනය කිරීමෙන් පැහැදිලි කර ගත හැකිය. දෙමළ ජාතිවාදීන් ප්‍රංශ බස , ජර්මන් බස හෝ චීන බසට නොව ඉංග්‍රීසි බසට පමණක් ඇලුම් කරන්නේ ඇයි ?දෙමළ ජාතිවාදයේ අවසන් නවාතැන ඉංග්‍රීසි බස සහ බටහිර සංස්කෘතිය තහවුරැ කිරීම වන අතර ඉංග්‍රීසි බස තහවුරැ කිරීම තුළ සිංහල සහ දෙමළ සංස්කෘතිය විකෘති කිරීමද පහසු කරයි . හින්දු භක්තිකයන් විසින් පූජනීයත්වයෙන් සළකන ගවයන් ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් දෙමළ ජාතිවාදීන් හඩ නො නැගීමෙන් ම මෙය පැහැදිලි වෙයි. සිංහල දෙමළ සංස්කෘතීන් දෙක ආරක්ෂා කර ගැනීම දෙමළ ජාතිවාදය පැතිරීම වැළක්වීමේ සාධනීය පියවරකි. ගව ඝාතනය තහනම් කිරීම මගින් සිංහල දෙමළ සංස්කෘතීන් වඩා හොදින් ආරක්ෂා කර ගත හැකි වෙයි.

ii වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය 

ප්‍රජාතන්ත්‍රවාදයට, පරමාධිපත්‍යයට සහ 

අධිකරණයට සිදුකරන අයුතු බලපෑම


වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණඩලය ට එරෙහිව පවරන නඩුවකට 1972 ජනරජ ව්‍යවස්ථාව සම්මත කරගත් සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ ආණ්ඩුවේ ව්‍යවස්ථා සම්පාදක මණඩලයට එරෙහිව පවරනු ලෑබූ SUNTHARALINGAM, Petitioner, and THE ATTORNEY-GENERAL and 2 others, Respondents (75 NLR 126)*නඩුවේ බලපෑමක් වෙයිද?

වර්තමානයේ ක්‍රියාත්මක වන ii වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසින් ආණ්ඩුවේ ප්‍රධාන පාලන ආයතන 3නේ එනම් විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ යන ආයතනවල ක්‍රියාකාරීත්වය ශෝචනීය ඉරණමකට ඇද දමා ඇති බවත්, ජනතාවගේ පරමාධිපත්‍යය අනතුරේ දමා ඇති ආකාරයත්, අධිකරණ ස්වාධීනත්වය බිදදමා ඇති විලාසයත් මෙම ලිපියෙන් පෙන්වා දෙයි.

Democracy is the government of the people, by the people, for the people.

 Abraham Lincoln

The best argument against democracy is a five-minute conversation with the average voter. Winston Churchill.

The difference between a democracy and a dictatorship is that in a democracy you vote first and take orders later; in a dictatorship you don't have to waste your time voting. Charles Bukowski

ප්‍රජාතන්ත්‍රවාදය යනු ප්‍රජාව විසින් ප්‍රජාව පාලනය කිරිමයි. ප්‍රජාව‍ගේ සාමුහික තීරණය මත ‍ගොඩනගා ගනු ලබන පාලන තන්ත්‍රයයි. මේ තුල සාමුහිකත්වය,සමානාත්මතාව යන සංකල්ප අන්තර්ගතය.


ප්‍රජාතන්ත්‍රවාදයේ මුලධර්ම ‍දෙකකි


  1. සාමුහික වශයෙන් තීරණ ගැනීම සහ සෑම දෙනාගේම පාලනයට සෑම දෙනාම යටත් විම.
  2. පාලනය ක්‍රියාවට නැංවිම සදහා සෑම දෙනාටම එක හා සමාන අයිතිවාසිකම් තිබිය යුතුයි.


ප්‍රජාතන්ත්‍රවාදය යන්න හුදෙක් රාජ්‍යට හෝ ආණ්ඩුවට පමණක් අයත් දෙයක් නොවන අතර ඕනෑම සංවිධානයක සමා‍ජයක දක්නට ලැබේ. ‍මෙසේ පැවතීම රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදය සංවර්ධනය සදහා ‍‍බෙහෙවින් දායක වේ. ඒ ඒ සමාජයක පවතින ආර්ථික, දේශපාලන සංස්කෘතික ස්වරෑපය අනුව ප්‍රජාතන්ත්‍රවාදය වෙනස් වේ. මේ අනුව ප්‍රජාතනත්‍රවාදය යන්න සාපේක්ෂ සංකල්පයකි.


ප්‍රජාතන්ත්‍රවාදය යන සංකල්පය ජින් ජැක් වින් රෑසෝ විසින් හදුනා ගත් සංකල්පයකි. එහෙත් ඊට පෙර ගීක පෞර රාජ්‍යයේ ඇතනස්, ස්පාටා නගර තුල ප්‍රජාතන්ත්‍රවාදය යන්න පැවතුනි. එය සෘජු ප්‍රජාතන්ත්‍රවාදය ලෙස හදුනා ගනු ලබන අතර ජනගහන වර්ධනයත් සමග නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය දක්වා මෙය පරිවර්ථනය විය. මේ වන විට පවතින්නේ නියෝජිතයින් මාර්ගයෙන් පාලනය සිදු කරනු ලබන නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයයි.


ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍යක් තුල ආණ්ඩුව එම රටේ ජනතාවට වගකිව යුතුය. එසේම ප්‍රජාවගේ සිවිල් හා දේශපාලන අයිතීන් මනාව සුරක්ෂිත විය යුතුය. එය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක ප්‍රධාන ලක්ෂණයක් වේ.


ප්‍රජාතන්ත්‍රවාදි රාජ්‍යයක් අධිකරණයේ ස්වාධීනත්වය ප්‍රමුඛස්ථානයේ ලා සළකයි. සම්මත කර ඇති නීතියකින් මිස අධිකරණ විනිසුරැවරැන්ට වෙනත් ආකාරයෙන් බලපෑමි නො කිරීම අධිකරණයේ ස්වාධීනත්වයේ මූලික ලක්ෂණයකි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 ව්‍යවස්ථාවේ සිට 111 (ඇ) ව්‍යවස්ථා ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථෘ විධිවිධාන වලින් අධිකරණයේ ස්වාධීනත්වය ආර්ක්ෂා කරදී ඇත. උපරිමාධිකරණ විනිසුරැවරැන් ධූරයෙන් ඉවත් කිරීමේ දෝෂාභියෝග ක්‍රියාවලිය 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 107 ව්‍යවස්ථාවේ සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 78 මගින් දක්වා ඇත. එසේ තිබියදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සමිමත කිරීමෙන් පසු එතෙක් ධූර දරමින් සිටින උපරිමාධිකරණ විනිසුරැවරැන් නැවත සේවයේ නොපිහිටුවනු ලැබුවහොත් වක්‍රආකාරයෙන් විනිසුරැවරැ ධූරයෙන් ඉවත් කිරීමක් සිදුවෙයි. එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිළිගෙන ඇති විනිසුරැවරැ ධූර හිස්කිරීමට අදාල දෝෂාභියෝග ලඝු පටිපාටියක් අළුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පැනවීමක් සමගම ක්‍රියාත්මක වෙයි. 1972 පළමු ජනරජ ආණ්ඩුක්‍රමය පරිච්චින්න කරමින් 1978 ආණ්ඩුක්‍රමය පනවනු ලැබූ අවස්ථාවේ එතෙක් ධූර දැරෑ උපරිමාධිකරණ විනිසුරැවරැන්ගේ ධූර හිස් වූ ආකාරය මෙහිදී පූර්වාදර්ශයක් වෙයි. මේ අනුව සැළකීමේදී ද, දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ක්‍රියාත්මක වන වර්තමානයේ අධිකරණයේ ස්වාධිනත්වයට එමගින් එල්ල කරන තර්ජනය විද්‍යාත්මක පසුබිමින් තේරැම් ගැනීම වැදගත් වෙයි.


නීතිය පිළිබද දැනුම සහ තර්කනයට අමතරව විනිශ්චයකාරවරයෙකුට තිබිය යුතු අනෙක් මූලික ගුණාංගය ස්වාධීනත්වයයි. අයුතු පෙළඹවීම්වලට හෝ ඔවුන්ගේ තීරණ ගැනීමේදී බලපෑම් කළ හැකි බාහිර සාධකවලට හෝ විනිශ්චයකාරවරයන් භාජනය නොකළ යුතුය යනු විනිශ්චයකාරවරයන්ගේ ස්වාධීනතාවය යන්නෙහි අදහසයි. Motharole and Ridley, A Level Law in Action, P.67.


ජනතාවට පැනනගින ගැටළුවකදී සහනයක් හෝ ප්‍රතිකර්මයක් ලැබීමට ඔවුන් අවසානයට යොමුවන්නේ අධිකරණයටයි. විධායකයේ ක්‍රියාවකින් හෝ නොකර හැරීමකින් අගතියට පත්වන තැනැත්තෝ ප්‍රතිකර්ම හෝ සහන පතා අධිකරණයට පැමිණෙති. එසේම ව්‍යවස්ථාදායකය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූල පනත් කෙටුම්පත් සම්මත කිරීමට යනවිටද ජනතාව අධිකරණය හමුවට පැමිණෙති. ආණ්ඩුව ක්‍රියාත්මක වන ආකාරය පිළිබද සුපරීක්ෂාකාරී වීමත් එසේ ක්‍රියාත්මකවන යම් ආකාරයකින් ජනතාවට හානියක් නොවන බවට වග බලා ගැනීමත්, අධිකරණයේ භූමිකාව වෙයි. අධිකරණය ආණ්ඩුවේ අනෙකුත් ශාඛා දෙක සමග සමීපව ඇසුරැ කළහොත් හෝ ඇසුරැකරන බව පෙනී ගියහොත් මේ ස්ථාවරය අනතුරට ලක් වේ.


විනිශ්චයකාරවරැ එම ධූරයන් ලබා ඇත්තේ මහජන ඡන්දයෙන් නොව පත්කරනු ලැබීමෙන් නිසා අධිකරණයේ ස්වාධීන වීම අපේක්ෂා කෙරේ. අධිකරණයේ ස්වාධීනත්වය සදහා වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රකාශිත විධිවිධාන සළසා ඇත. සෑම විනිශ්චයකාරවරයෙකුම තමන්ගේ කර්තව්‍ය ඉටු කිරීමේදී තමන්ට විධානයක් කිරීමට හෝ අධීක්ෂණය කිරීමට නීතියෙන් හිමිකම් ඇති ජේ්‍යෂ්ඨ අධිකරණයක හෝ වෙනත් තැනැත්තෙකුගේ හෝ විධිනයට නැතහොත් බලපෑමකට හැර වෙනත් කිසිම තැනැත්තකුගේ විධානයට හෝ බලපෑමට යටත් නොවිය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111.ඇ.1 ව්‍යවස්ථාව දක්වයි.මේ නිසාම ආණ්ඩුවෙන් හෝ වෙනත් තැනැත්තකුගේ හෝ වෙනත් අංශයකින් සිදුවන නෛතික ප්‍රහාරයක් ගැන බියක් හෝ චකිතයකින් තොරව නඩු තීන්දු දීමට සහ නියෝග දීමටත් විනිශ්චයාරෑඪව වෙනත් ප්‍රකාශ කිරීමටත් සමත් වෙති.


එමෙන්ම අධිකරණයේ කටයුතු යථා පරිදි කරගෙනයාමට බාධා පැමිණවීමට තැත්කරන, අධිකරණයේ අධිකාරිය හෑල්ලුවට ලක්කරන හෝ යුක්තිය පසිදලීමට බාධා පැමිණවීමට තුඩු දෙන ඔනෑම ක්‍රියාවකට අධිකරණයට අපහාස කිරීම අදාල වෙයි.


අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධව පිළිගත විවිධ වූ උපමාන සහ නියමයන් තිබුණද ii වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය එවැනි පිළිගත් ප්‍රමිතීන් අභිබවමින් ක්‍රියාකරන බව පෙනෙන්ට ඇත. Ii වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසින් නුදුරේදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමට නියමිත හෙයින් එහිදී පිහිටුවන ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාර පත්වීම් වර්තමාන විනිසුරැවරැන්ට ලැබේද නොලැබේද යන සැකය පවතී. 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව පරිච්ඡින්න කරමින් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැනවූ අවස්ථාවේ එවකටත් සේවයේ නියුතු විනිසුරැවරැන් නැවත සේවයේ නොපිහිටුවා විනිසුරැධූරයෙන් ඉවත් කිරීමේ අත්දැකීම් සහිත වීම වර්තමානයටද අදාල වෙයි. අධිකරණයේ ස්වාධීනත්වය යනු ධූරයෙන් ඉවත් කිරීමේ දෝශාභියෝග හැර වෙනත් කෙටි ක්‍රම වලින් ඉවත් කරන බවට වන බලපෑම් නොමැතිව ක්‍රියාකිරීමට විනිසුරැවරැන්ට අවස්ථාව තිබිය යුතු වීමයි.


‘මැඩිසින්’ පවසා ඇති ආකාරයට එක් පුද්ගලයකු කෙරෙහි හෝ එක ම මහේස්ත්‍රාත්වරුන් සමූහයක් කෙරෙහි හෝ ව්‍යවස්ථාදායක බලයත් විධායක බලයත් එක් වර ම පිහිටන්නේ නම්, හෝ විනිශ්චය කිරීමේ බලය ව්‍යවස්ථාදායක බලයෙනුත් වෙන් නො කරන්නේ නම් හෝ නිදහසක් නො තිබිය හැකි ය.


ii වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදකයන් පරමාධිපත්‍යයට සිදු කරන අයුතු බලපෑම


1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3වන ව්‍යවස්ථාවේ ජනතාවගේ පරමාධිපත්‍ය සම්බන්ධ විධිවිධාන දක්වා ඇත.ඒ අනුව ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇත. ජනතාව සතු පරමාධිපත්‍ය අත්හළ නොහැකි බවත්, පරමාධිපත්‍ය යන්නට විධායක, ව්‍යවස්ථාදායක, අධිකරණ බලය මෙන්ම මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය යන පංචමය කුළුණු ඇතුළත් බව දක්වා ඇත. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3වන ව්‍යවස්ථාවේ දක්වා ඇති ඉහත ජනතාවගේ පරමාධිපත්‍ය කුළුණු 5 ක්‍රියාත්මක කරන ආකාරය 4වැනි ව්‍යවස්ථාවේ දක්වා ඇත.


ජනතාවගේ පරමාධිපත්‍යයේ පළමු කුළුණ එනම් ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුව විසින් සහ ජනමතවිචාරණයකදී ජනතාව විසින් ක්‍රියාත්මක කරයි. ජනතාවගේ පරමාධිපත්‍යයේ දෙවන කුළුණ එනම් විධායක බලය ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කරයි. ජනතාවගේ පරමාධිපත්‍යයේ පළමු කුළුණ එනම් ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුව විසින් සහ ජනමතවිචාරණයකදී ජනතාව විසින් ක්‍රියාත්මක කරයි. ජනතාවගේ පරමාධිපත්‍යයේ තෙවන කුළුණ එනම් අධිකරණ බලය පාර්ලිමේන්තුවේ සහ එහි මන්ත්‍රීවරැන්ගේ වරප්‍රසාද, පරිහාර, බලතල හැර පාර්ලිමේන්තුව විසින් ඇතිකර පිහිටුවනු ලබන අධීකරණ මගින් ක්‍රියාත්මක කරයි. ජනතාවගේ පරමාධිපත්‍යයේ සිව්වැනි කුළුණ එනම් මූලික අයිතිවාසිකම් ජනතාව විසින් සියලු පාලන ආයතන (විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ) මගින් ක්‍රියාත්මක කරයි. ජනතාවගේ පරමාධිපත්‍යයේ පස්වැනි කුළුණ එනම් ඡන්ද බලය ජනාධිපතිවරණයකදීද, පාර්ලිමේන්තු මැතිවරණයකදීද, ජනමතවිචාරණයකදී ද අවුරැදු 18 සම්පූර්ණ කළ පුරවැසියන් විසින් ක්‍රියාත්මක කරයි.


ඉහත පරමාධිපත්‍යට අයති මූලික කුළුණු 5 සමාන ශක්තියෙන් යුතු අතර සංවරණ සහ තුළණ ( Check & Balance) ක්‍රමය යටතේ විධායක, ව්‍යවස්ථාදායක, අධිකරණ, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය යන අවයවයන් කිසිවිට එකා පරයා එකා නැගී සිටීම පරාමාධිපත්‍ය ක්‍රියාත්මක කිරීමේදී ජනතාව බලපොරොත්තු නොවේ. නමුත් දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදකයන් විසින් මෙකී පරමාධිපත්යයේ කුළුණු 5 එක් කුළුණක්වන ජනතාවගේ මූලික අයිතිවාසිකම් කුළුණ පිපුරා දමන්නට සැරසෙන්නේ වර්තමාන ආණ්ඩුවේ ජාතික ආණ්ඩුවේ තීතිමය වලංගුතාවය, පාර්ලිමේන්තුවේ ඇති දේශපාලන පක්ෂවල ජාතික ලැයිස්තුවල තීතිමය වලංගුතාවය, ජාතික ලැයිස්තුවෙන් පත් කළ මන්ත්‍රීවරැන්ගේ තීතිමය වලංගුතාවය, සම්බන්ධ මූලික අයිතිවාසිකම් නඩු විනිශ්චය වෙමින් තිබියදීය. ආණ්ඩුවේ නීත්‍යානුකූලත්වය සහ පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රී ධූරයන් හී සහ ඇමති ධූරයන්හී නීත්‍යානුකූලත්වය සම්බන්ධව නඩු විභාග වෙමින් තිබියදී අධිකරණයේ ස්වාධීනතාවයට සහ ජනතාවගේ පරමාධිපත්‍යයට තර්ජනය එල්ල කරමින් පාර්ලිමේන්තුව විසින් පවතින ආණ්ඩුක්‍රමය ඉවත් කිරීමට ප්‍රයත්න දැරීම ප්‍රජාතන්ත්‍රවාදය නොව ඒකාධිපතිත්වය වර්ධනය කිරීමක් වෙයි.


ii වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරමින් පවතින වර්තමානයේ ඇති ප්‍රධානම අනතුර වන්නේ නැවත සෝල්බරි ව්‍යවස්ථාව කරා මෙන්ම ඩොමීනියන් තත්ත්වයේ රටක ස්වරෑපයට ලංකාව පත්වෙයිද යන අනතුරයි.වර්ෂ 1970 සිට නෛතික නිවහල් බව ක්‍රමිකව අත්කරගනිමින් සිටීම නතර වෙයිද යන්නයි. ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ පවතීද යන්නයි. 

1 වැනි ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලය ප්‍රජාතාන්ත්රවාදය මෙන්ම පරමාධිපත්‍යයද ආරක්ෂා කර ඇත.


වර්ෂ 1948 දී ලංකාවට නිදහස ලබා දුන් බව බ්‍රිතාන්‍යයන් විසින් ප්‍රකාශිතව දැක්වුව ද එය ඩොමීනියන් තත්ත්වයේ නිදහසක් විය. 1947 සෝල්බරි ව්‍යවස්ථාව (අයිවර් ජෙනින්ග්ස් ව්‍යවස්ථාව) යටතේ වුව ද මෙ රට අධිකර ථේරාවලියේ ඉහළම අභියාචනා අධිකරණය එනම් ප්‍රිවි කවුන්සිලය බ්‍රිතාන්‍යය භූමියේ බවට වන නෛතික තත්ත්වයේ වෙනසක් නො වීය.වර්ෂ 1956 දී සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස නීති ගත කල බණ්ඩාරනායක මහතාට ද බ්‍රිතාන්‍යයේ පිහිටි රාජාධිකරණයට අභියාචනා කරන මෙ රට යටත් විජිත හිතවාදී නීති ක්‍රමය වෙනස් කිරීමට අවශ්‍යතාවක් නොවී ය. බණ්ඩාරනායක මහතා බ්‍රිතාන්‍යයේ උසස් අධ්‍යාපනය ලබා නීති වෘත්තීයට ඇතුළත්ව මෙ රට අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ අයෙකු විය. ඔහු විසින්ද මෙ රට නීතී සහ අධිකරණ පද්ධති යටත් විජිත හිතවාදී පද්ධතීන් ලෙසම පවත්වා ගෙන යනු ලැබීය. යටත් විජිත සමයේ සිට වර්ෂ 1970 දක්වා ම මෙ රට අධිකරණ සහ නීති ක්‍රමය බ්‍රිතාන්‍යයේ සෘජු අධික්ෂණයට ලක් වී තිබුණි. වර්ෂ 1970 මැයි 27 වන දින පවත්වන ද මැතිවරණයෙන් තේරීපත් වූ ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුව නො වන්නට මෙරට ඉහළම අධිකරණය බ්‍රිතාන්‍යයේ පිහිටි රාජාධිකරණය ලෙස තමවත් පවතින බවට සැකයක් නැත. වර්ෂ 1948 සිට වර්ෂ 1965 දක්වා පවත්වන ලද මැතිවරණ වලින් තේරීපත් වූ රජයන් කිසිවකට මෙම යටත්විජිත නෛතික පරාධීනත්වය වටහා ගැනීමට නො හැකි විය. වර්ෂ 1970 දී පිහිටු වූ සමගි පෙරමුණු ආණ්ඩුව විසින් මෙ රට අධිකරණ තීන්දු වලට එරෙහිව බ්‍රිතාන්‍යයේ පිහිටි ප්‍රිවි කවුන්සිලයට අභියාචනා කරන යටත්විජිත හිතවාදී නීති ක්‍රමයට අවහිරතාවයන් ඇති කර එකී අභියාචනා පටිපාටිය වෙනස් කරනු ලැබීය.


වර්ෂ 1970 බලයට පත්වූ රජය රටේ නෛතික ස්වාධීනත්වය සහ නෛතික නිදහස ස්ථාපිත කිරීමට ප්‍රභල ලෙස උත්සාහ ගත්තේ ය. 1970 දී බලයට පත් රජය 1972 මැයි මස 22 වන දින ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්යෙඅවස්ථාව සම්මත කරමින් මෙරට නීති ක්‍රමයට ස්වදේශීය අධිකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම සහ ස්වභාෂාව දන්නා විනිශ්චයකාරවරු අධිකරණ පද්ධතියට ඇතුළත් කර ගැනීම ආරම්භ කළේය.


1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පනවල ලද්දේ එවකට පැවති ඩොනමෝර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම බැහැර කරමිනි. එනම් සොල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම උල්ලංඝණය කරමින් 1972  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කරනු ලැබීය.මෙය නෛතික විප්ලවයක් ලෙස හැදින් වූ අතර පූර්ව ව්‍යවස්ථාවලින් සමුපූර්ණයෙන්ම ස්වායක්තව නිර්මාණය කෙරිණ. නමුත් වර්තමානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරනු ලබන්නේ 1978ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිපාදන භාවිතා කරමින් සහ  1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිපාදන උල්ලංඝණය කරමින් යන දෙයාකාරයට ම ය. එනම් ඇතැම් අවස්ථාවලදී 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිපැදීමද, ඇතැම් අවස්ථාවල දී  1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමද සිදුකරන බව පැහැදිලි වන්නේ දැනට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පරිච්ඡින්න කළ යුතු ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82, 83, 84 ව්‍යවස්ථාවල දැක්වුණද එයට පටහැනිව ශේ්‍රෂ්ඨාධිකරණයේ දී ජනතා අදහස් දැක්වීම වලට අවහිර කිරීමක් සිදු කරමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිහිකර ගැනීමට යෝජනා කර ඇති හෙයිනි.


නව  1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට ඡන්දය දීමට සිටින මන්ත්‍රීවරැන්ගේ පාර්ලිමේන්තුවට පත්වීම, ඇමති මණ්ඩල සංඛ්‍යාව සම්බන්ධව ඇති නඩු කටයුතු අවසන් වී නොතිබියදී එම නඩු කටයුතු වලින් මන්ත්‍රීවරැන් නිවැරදි වූ බවට පූර්ව උපකල්පනයෙන් යුතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සදහා සිය මන්ත්‍රී වරප්‍රසාද යොදා ගැනීම ජනතා පරමාධිපත්‍ය අහිමිකර දැමීමක් වෙයි. 


1978 ආණඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පිහිටුවන ලද 8වැනි පාර්ලිමේන්තුව 2016 අප්‍රේල් 05 වන දින සිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණඩලයක් බවට පරිවර්තනය කර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සදහා කටයුතු කරගෙන යයි.


1970 සමගි පෙරමුණු රජය විසින් කොළඹ රාජකීය විද්‍යාලයේ නවරගහලේ දී 1වැනි ජනරජ ව්‍යවස්ථාව කෙටුම්පත් කරනු ලැබීය. එවකටත් ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති අතර ඩොමීනියන් තත්ත්වයේ පැවති රටක් විය. එනම් බ්‍රිතාන්‍ය මහ රැජිණ විසින් නම් කරන ආණ්ඩුකාරවරයෙක් මගින් ලාංකාව පාලනය කළ අතර පාර්ලිමේන්තුව මගින් සම්මත කරන සියලු නීති වල වලංගුතාවය ලැබීම සදහා රැජිණගේ අනුමැතිය අවශ්‍ය විය. එමෙන්ම මෙරය සියලූ නීති සහ අධිකරණවල අවසාන් තීරකයා වූයේ බ්‍රිතාන්‍යයේ රාජාධිකරණයයි. 1947 පනවන ලද සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් මෙම තත්ත්වයන් නීත්‍යානුකර තිබිණ. සිරිමා බණ්ඩාරනායක මහත්මිය 1970 මහ මැකිවරණයෙන් ආසන 117ක් දිනා ගැනීමෙන් පසු සොල්බරි ව්‍යවස්ථාව පසෙකලා මෙරටම අනන්‍ය වූ නව ජනරජ ව්‍යවස්ථාවක් කෙටුම්පත් කර ගැනීම ආරම්භ කළේය. පැවති සෝල්බරි ව්‍යව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ම උල්ලංඝණය කරමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිහිකර ගැනීමට ක්‍රියා කරමින් සිටියදී ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ සුන්දරලිංගම් විසින් පවතින සෝල්බරි ව්‍යවස්ථාව උලංඝණය කරමින් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය ක්‍රියා කරන හෙයින් එය වැළක්වා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබිණ. C. SUNTHARALINGAM, Petitioner, and THE ATTORNEY-GENERAL and 2 others, Respondents 75 NLR 126 නඩු වාර්තාවේ මේ සම්බන්ධ නීති තත්වය දැක් වෙයි. මෙම නඩු නීතිපතිට සහ ව්‍යවස්ථා කටයුතු ඇමතිවරයාට එරෙහිව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ කටයුතු වාරණය කර ගැනීමට පවරනු ලැබූ නඩුවක් විය.මෙම ඉල්ලීම නිශ්ප්‍රභා කරනු ලැබූයේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ පැවැත්ම 1970 ජූලි 19 වැනි දින නියෝජිත මන්ත්‍රී මණ්ඩලය අනුමත කිරීමේ පදනමයි. රාජාධිකරණය පවා මෙය අනුමත කර තිබුණේ අභියාචනා අවසර ඉල්ලීම හේතු නොදක්වා නිශ්ප්‍රභා කිරීමෙනි.


නෛතික විප්ලවයක් ලෙස තමන්ගේම අනන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේදී පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම උල්ලංඝණය කරමින් ක්‍රියා කිරීමට හැකියාවක් ඇත. බ්‍රිතාන්‍යයන් විසින් උපද්දවන ලද සොල්බරි ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් තමන්ගේම වූ අනන්‍ය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඒ අනුව සම්මත කර ගැනීමට ලාංකිකයන්ට හැකි විය.


මේ ආකාරයටම 2016.01.09 වැනි දිනද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක කෙටුම්පත් කිරීම සදහා රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවය යෝජනාවක් ඉදිරිපත් කළ අතර 2016.03.09 වැනි දින මෙම යෝජනාව පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලැබීය. එමෙන්ම 2016.04.05 වැනි දින පළමු වරට ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලය පාර්ලිමේන්තුවේදී කමිටු අංක 03 රැස්වී කටයුතු කර ගෙන යාමට කාර්‍ය මණ්ඩලය පත් කර ගනු ලැබීය.

2016 ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලය සහ 1970 ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය අතර කැපී පෙනෙන පැහැදිලි වෙනස් කම් කිහිපයක් ඇති අතර ඒ සම්බන්ධව ප්‍රජාව අවධානය යොමු කළ යුතු වෙයි.


2016 ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලයේ සාමාජිකයන්,පාර්ලිමේන්තුව සහ ඇමති මණ්ඩලය 1970 ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලය පැවති ආවස්ථාවේ සාමාජිකයන්, පාර්ලිමේන්තුව සහ ඇමති මණ්ඩලය අතර නෛතික වෙනස් කම් දක්නට ලැබේ. 

එනම්


1. 1970 ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලයේ ජනතාව විසින් ප්‍රතික්ශේප කළ හෝ ජනතාව විසින් ඡන්දයෙන් ප්‍රතික්ශේප කළ සමාජිකයන් අසුන් ගෙන නොසිටි අතර 2016 ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලයේ මැතිවරණයෙන් ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ සාමාජිකයන් අසුන් ගෙන සිටී.


2. 1970 ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලයේ සොල්බර් ව්‍යවයස්ථාව අනුව කථානායක විසින් අර්ථ නිරෑපණය කළ ජාතික ආණඩුවක් නිර්මාණය කර නොතිබූ අතර 2016 ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලයේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවයස්ථාවේ 46.5 ව්‍යවස්ථාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොව කථානායන විසින් ආර්ථ නිරෑපණය කළ ජාතික ආණ්ඩුවක් පවත්වාගෙන යමින් පවත්වාගෙන යයි.


3. 2016 ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලයේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවයස්ථාවේ 46.5 ව්‍යවස්ථාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොව කථානායන විසින් ආර්ථ නිරෑපණය කිරීම නිවාරදි නො වන බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු විභාග වෙද්දී එම නඩු අවස්න වී නො තිබියදී කථානායක විසින් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය ආරම්භ කර ඇත. 1970 ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලය ආරම්භ කිරීමේදී මෙවැනි අර්බුද නොතිබිණ.


4. 2016 ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලයේ සාමාජිකයන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වීම, ඇමතිවරැවීම සම්බන්ධව ශ්‍රෙෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු විභාග වෙමින් තිබියදී පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලයක් ලෙස රැසිවී එකී නඩු වල තීන්දු නිරර්ථක වන ආකාරයට ක්‍රියා කරගෙන යමින් ජනතාවගේ පරමාධිපත්‍ය උල්ංඝණය කිරීමක් 1970 ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලය විසින් නො කරන ලදී.


5. 2016 ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලයේ සාමාජිකයන්ගේ අදහස් පල කිරීමේ අයිතිය, හෘදය සාක්ෂියේ නිදහස පාලනය කිරීම සදහා විධිකයකය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් ඇමති තනතුරැ, නියෝජ්‍ය ඇමති තනතුරැ, රාජ්‍ය ඇමති තනතුරැ ප්‍රධානය කිරීමක් 1970 ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලය විසින් පැවති අවධියේ දක්නට නොලැබිණ.


6. 1970 ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලයේ සාමාජිකයන්ගේ මන්ත්‍රීධූරයන්, ඇමතිධූරයන්, ආණ්ඩුවේ නීත්‍යානුකූලත්වය සම්බන්ධව එවකට පැවති ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ විනිශ්චය වෙමින් පැවති නඩු කටයුත නොපැවති අතර 2016 ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලයේ සාමාජිකයන්ගේ මන්ත්‍රීධූරයන්, ඇමතිධූරයන්, ආණ්ඩුවේ නීත්‍යානුකූලත්වය සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ හෝ අභියාචනාධිකරණයේ විනිශ්චය වෙමින් පවතිද්දී ව්‍යවස්ථාදායක සම්පාදක මණ්ඩලයේ කටයුතු සිදුකරගෙන යයි.


නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සදහා පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක මණ්ඩලයක් ලෙස රෑපාන්තරණයවෙද්දී ජාතික ලැයිස්තුව, ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරැ පත් කිරීම, ජාතික ආණ්ඩුව, ඇමති මණ්ඩලයේ සංයුතිය, පාරිලිමේන්තු මනත්‍රී සංයුතිය, සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු මෙන්ම අභියාචනාධිකරණයේ ද නඩු විභාග වෙමින් තිබෙයි. එවන් තත්ත්වයකදී පාර්ලිමේන්තුව විසින් මේ අකාරයට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්ම්ත කර ගැනීමට ක්‍රියා කිරීම එකී නඩු වලට වන බලපෑම හෝ අයුක්තිය පිළිබද විමසා බැලීමද එකී නඩු විභාග කරන විනිසුරැවරැන් ට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අත්වන ඉරණම කුමක්විය හැකිද යන්න විමසා බැලීමද වැදගත් වෙයි. 

ii වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණඩලය විසින් ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරැවරැන්ට සිදුකරන අයුතු බලපෑම


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණඩලයක් විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවක කොටුම්පත් කළ විට එකී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අවසන් ව්‍යවස්ථාවේ දැක්විය යුතු අනිවාර්්‍ය විධානයක් වෙයි. එනම් එකී ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව ක්‍රියාත්මකවන බව ප්‍රකාශ කිරීම යනුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වන දිනය ආදිය දැක්වෙන වගන්තියක් අඩංගු කළ යුතු වෙයි. එමෙන්ම 1978 සැප්තැම්බර් 07 වැනි දින සිට සම්මතකොට පවත්වන ලද ආණ්ඩුක්‍රම ව්‍යයස්ථාව පරිච්ඡින්න කරනු ලබන බව ද දැක්විය යුතු වෙයි. එමෙන්ම 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති xxv පරිච්ඡේදය එනම් 160 ව්‍යවස්ථාවේ සිට 170 ව්‍යවස්ථාව දක්වා වන විධිවිධාන ඇතුළත් එනම් අන්තර්කාලීන විධිවිධාන ඇතුළත් පරිච්ඡේදයක්ද යෝජිත  2016 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ 2017 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (යහපාලන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ) ව්‍යවස්ථාව අන්තර්ගත යුතු වෙයි.


ඉහත අවශ්‍යතාවයන් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 172 ව්‍යවස්ථාවේ සහ 171 ව්‍යවස්ථාවේ විධිවිධානවලින් නියම කර තිබීමෙන් එය පැහැදිලි වෙයි. එනම් ඉදිරියේ බලපැවැත්වීමට නියමිත 2016 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ 2017 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (යහපාලන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ) ව්‍යවස්ථාව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන 171 සහ 172 වැනි ව්‍යවස්ථා ඇතුළත් වීම අත්‍යවශ්‍ය වෙයි.


1978 ආණ්ඩුත්‍රම ව්‍යවස්ථාව පැනවීමෙන් පසු එවකටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ ධූර දරනු ලැබී විනිසුරැවරැන් නැවත දිව්රැම් දීම අවශ්‍ය වූ අතර ඇතැම් විනිසුරැවරැන්ට දිව්රැම් දීමට අවස්ථාව නොලැබීමෙන් විනිසුරැ දිවියෙන් සමුගැනීමට සිදු විය.


මෙම ලිපිය සංස්කරණය වෙමින් තිබේ......

2016.04.08


ඔබගේ පහසුව සදහා  75 NLR 126 නඩුවේ තීන්දුව මෙහි දැක්වෙයි.


*75 NLR 126

1972 Present : H. N. G. Fernando, C.J., G. P. A. Silva, S.P.J., and

Alles, J.


C. SUNTHARALINGAM, Petitioner, and THE ATTORNEY-GENERAL

and 2 others, Respondents


S.C. 1 of 1972-Application for Injunction

Injunction-Proceedings of Constituent Assembly-Supreme Court cannot order discontinuance of such proceedings.

In an application to obtain an injunction to prevent and prohibit the Minister for Constitutional Affairs " from taking any steps to repeal the Ceylon (Constitution and Independence Orders-in-Council, 1946 and 1947) and to substitute therefor a Constitution entitled a ' Constitution of Sri Lanka' "

Held, that a Court cannot consider the validity or otherwise of a new Constitution, unless and until a new Constitution is established or purported to be established.

APPLICATION for an Injunction against the Attorney-General and the Minister for Constitutional Affairs.

C. Suntharalingam, the relator-petitioner, in person.

Cur. adv. vult.

127

February 7, 1972. H. N. G. FERNANDO, C.J.

The purpose of this Application is to obtain an injunction from this Court to prevent and prohibit the Minister for Constitutional Affairs " from taking any steps to Repeal the Ceylon (Constitution and Independence Orders-in-Council, 1946 and 1947) and to substitute therefor a Constitution entitled a ' Constitution of Sri Lanka '. "

The same petitioner made a previous application naming as respondents the Honourable  Sirimavo R. D. Bandaranaike and the other members of the Cabinet. In that application the petitioner sought orders restraining the respondents from conducting the proposed proceedings of the Constituent Assembly as convoked and created by a Resolution of the members of the House of Representatives passed on 19th July, 1970. That application was refused by my judgment dated 13th February, 1971, my brother Wijayatilake agreeing. The Privy Council thereafter refused leave to appeal from that judgment without reasons stated. In these circumstances it has to be assumed that the Privy Council confirmed or adopted the reasons stated in the former judgment for the refusal of the petitioner's previous application, and we therefore considered ourselves bound by that judgment.

The operative passage in the former judgment, which indeed has been relied on by the petitioner on the present occasion, is the following:

" If and when such a new Constitution is established or is purported to be established, one of two possible situations will in my opinion exist:

(1) That the new Constitution is a legal and valid instrument which will in law supersede the Constitution and Independence Orders-

in-Council which are presently law; in which event a challenge of the validity of the new Constitution will be fruitless.

(2) Alternatively, if the true position be, that the new Constitution established by the Constituent Assembly does lack legal force and

validity, and if a competent Court will have jurisdiction so to pronounce, the occasion for the making of such a pronouncement can arise only after the Constitution is established or purports to be established, and only in a proceeding in which the validity of

some provision of the Constitution properly and actively arises for determination."

It is clear from this passage that the ground for the refusal of the previous application was that a Court cannot consider the validity or otherwise of a new Constitution, unless and until a new Constitution is established or purported to be established. That contemplated event has not yet occurred.

The petitioner has relied on the provision contained in s. 48 (2) of the draft of a new Constitution which has been published in the Gazette of 29th December, 1971, and he has submitted that the position has materially altered in view of that provision. This submission has apparently

128

found favour with one of the two Judges who made a preliminary order on this application on 21st January, 1972. The draft Section 48 (2) provides as follows :

" No institution administering justice nor any other institution, person or authority shall have the power to inquire into or pronounce upon the validity of any law of the National Assembly. "

If this draft provision does eventually become operative, its effect will be that no Court will have power to declare any law of the National Assembly to be invalid. The petitioner is apparently of the view that this draft provision will preclude also a challenge of the validity of the proposed new Constitution; and it is in anticipation of this possible event that the petitioner claims that the position has " materially altered ", and that the alternative mentioned in paragraph (2) of the passage in my former judgment will not be available.

The alternative there stated is the possibility of the new Constitution, being declared invalid if a competent Court will have jurisdiction so to pronounce. This statement clearly contemplated the possible position that a court may not have such a jurisdiction. It is therefore not correct to say that there is or will be any altered position which the former judgment did not take into consideration.

Hence the grounds on which the petitioner's previous application was dismissed apply equally in the case of his present application. In both cases his purpose is the same, namely to prevent the new Constitution from being established or being purported to be established.

For these reasons we dismissed the application.

Silva, S.P.J. I agree

Alles, J.-I agree.

Application dismissed


ii වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය 

ශ්‍රී ලංකාව සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පත් කිරීම සඳහා අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරි පත් කෙරුණේ 2016.01.09 වනදායි. එය රනිල් විකමසිංහ මහතා , නිමල් සිරිපාල ද සිල්වා මහතා , ලක්ෂ්මන් කිරිඇල්ල මහතා , රවුෆ්හකීම් මහතා , මලික් සමරවිකම මහතා , ඩී.එම්. ස්වාමිනාදන් මහතා, (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා සහ පාඨලී චම්පික රණවක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

242 වන කාණ්ඩය - 1 වන කලාපය ජනවාරි 09 වන සෙනසුරාදා හැන්සාර්ඩ් වාර්තාව 4 වන පිටුව

http://www.parliament.lk/uploads/documents/hansard/1452485693033278.pdf


වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 75 වන වගන්තිය යටතේ ලැබෙන බලය ප්‍රකාරව, ශ්‍රී ලංකාව සඳහා වන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා‍වක් පිළිබඳව සාකච්ඡා කිරීමට හා මහජන අදහස් සහ උපදෙස් ලබාගැනීමේ කාර්යය පිණිසත්, පාර්ලිමේන්තුවේදී සළකා බැලීම පිණිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පතක් සැකසීම සඳහාත්, මින්මතු ''ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය'' ලෙසින් හඳුන්වනු ලබන, සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත්, පාර්ලිමේන්තු කාරක සභාවක් පත්කිරීමට, 2016.03.09 දින සංශෝධිකව යෝජනා සම්මත කර ගන්නා ලදී.

243 වන කාණ්ඩය - 2 වන කලාපය 2016 මාර්තු 09 වන බදාදා හැන්සාර්ඩ් වාර්තාව

http://parliament.lk/uploads/documents/hansard/1457932697015236.pdf


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය සදහා වන යෝජනාව 

http://parliament.lk/files/documents_news/ca-motion/motion-si.pdf


පාර්ලිෙම්න්තුෙව් රැස්වීම කල් තැබීෙමන් අනතුරුව ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලෙය් පථම රැස්වීම 2016.04.05 වැනි දින පවත්වා අදාල මෙහෙයුම් කමිටුවේ සාමාජිකයන් සහ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ උප සභාපතිවරුන් හත් දෙනකු පත්කරගෙන ඇත.

243 වන කාණ්ඩය - 7 වන කලාපය අප්‍රෙල් 05 වන අඟහරුවාදා හැන්සාර්ඩ් වාර්තාව 1046 පිටුව http://parliament.lk/uploads/documents/hansard/1459932244083817.pdf


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවේ සභාපතිවරයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ ඒකච්ඡන්දයෙන් තේරී පත් වූ අතර මෙහෙයුම් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල, නිමල් සිරිපාල ද සිල්වා, රාවුෆ් හකීම්, ආචාර්ය විජයදාස රාජපක්ෂ, සුසිල් ප්‍රේමජයන්ත, රිෂාඩ් බදියුදීන්, පාඨලී චම්පික රණවක, ඩී.එම්. ස්වාමිනාදන්, මනෝ ගනේෂන්, මලික් සමරවික්‍රම, ආර්. සම්බන්දන්, අනුර කුමාර දිසානායක, ඩිලාන් පෙරේරා, දිනේෂ් ගුණවර්ධන, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, එම්.ඒ. සුමන්තිරන්, වෛද්‍ය තුසිතා විජේමාන්න, බිමල් රත්නායක, ප්‍රසන්න රණතුංග සහ ඩග්ලස් දේවානන්දා යන විසි එක් දෙනා කටයුතු කරයි. ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ උප සභාපතිවරුන් හත් දෙනකු 2016.04.05 දින පත්කර ගත් අතර එම හත්දෙනා  තිලංග සුමතිපාල, ඒ. අඩෛක්කලනාදන්, කබීර් හෂීම්, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, තිලක් මාරපන, මහින්ද යාපා අබේවර්ධන සහ වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙයි.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය සදහා වන යෝජනාව

http://parliament.lk/files/documents_news/ca-motion/motion-si.pdf


ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලය පත්කිරීම පත්කිරීම සඳහා ෙයෝජනා සම්මතය

ශී ලංකාවට ආණ්ඩුකම ව්‍යවස්ථාවක් සම්මත කර ගත යුතු යැයි ශී ලාංකික ජනතාව අතර පුළුල් එකඟතාවයක් ඇති ෙහයින් ද,

1. ශී ලංකාව සඳහා ආණ්ඩුකම ව්‍යවස්ථාවක් සකස් කිරීම පිළිබඳව සලකා බලා ජනතාවෙග් අදහස් හා උපෙදස් ලබාෙගන ආණ්ඩුකම ව්‍යවස්ථාෙව් 75 වන ව්‍යවසථාව ් යටෙත් ඒ ෙවත පැවරී ඇති බලතල කියාත්මක කරමින් පාර්ලිෙම්න්තුව විසින් සලකා බලනු පිණිස ආණ්ඩුකම ව්‍යවස්ථා පනත් ෙකටුම්පතක් සැකසීෙම් කාර්ය සඳහා සමස්ත පාර්ලිෙම්න්තුවම සමන්විත වන පරිදි සැදි පූර්ණ කාරක සභාවක බලතල ඇති හා පාර්ලිෙම්න්තු මන්තීවරයන්ෙගන් සමන්විතවන ෙමහි මින් මතු “ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලය” යනුෙවන් හඳුන්වනු ලබන පාර්ලිෙම්න්තු කාරක සභාවක් තිබිය යුතු යැයිල ෙමම පාර්ලිෙම්න්තුව ෙයෝජනා සම්මත කරයි.

2. පාර්ලිෙම්න්තුෙව් ගරු කථානායකතුමා ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලෙය් සභාපතිවරයා විය යුතු යග ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලය විසින් ෙතෝරා පත්කර ගත යුතු ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලෙය් නිෙයෝජ්‍ය සභාපතිවරයන් හත් :7* ෙදෙනකු සිටිය යුතු යග ගරු කථානායකතුමා ෙනොපැමිණි අවස්ථාවන්හිදීල මණ්ඩලෙය් රැස්වීම්වල මුලසුන ෙහොබවනු පිණිස ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලෙය් නිෙයෝජ්‍ය සභාපතිවරයන් අතුරින් අෙයකු ෙතෝරා පත් කළ යුතු ය.

3. ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලෙය් රැස්වීම් සඳහා ගණපූරණය විස්සක් :20*ක් විය යුතු ය.

4. ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලයට අවශ්‍යයැයි සැලෙකන අවස්ථාවන්හිදී ඕනෑම ක්ෙෂේතයක ෙහෝ වෘත්තියක විෙශේෂඥයන් ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලය විසින් පත්කිරීම ෙහෝ කැඳවීම කළ හැකි යග :ආ* එතුළ— :ස* ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලය විසින් පත්කරන ලද ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලෙය් අතිෙර්ක ෙල්කම්වරෙයකුත :සස* ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලෙය් හා පස්වැනි වගන්තිෙය් ෙයොමුගත කමිටුවල කටයුතු වාර්තා කිරීම පිණිස ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලය සඳහා කාර්ය මණ්ඩලයත සහ :සසස* ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලෙය් :සමාජ මාධ්‍ය ඇතුළත්* මාධ්‍ය කාර්යමණ්ඩලයක් සිටිය යුතු යග ශී ලංකාව සඳහා ආණ්ඩුකම ව්‍යවස්ථාවක් සම්මත කරගැනීෙම් කියාවලියට අවශ්‍ය පචාරණය ලබාදීෙමහිලා මාධ්‍ය කාර්යමණ්ඩලය විසින් ෙවබ් අඩවියක් පිහිටුවා එය පවත්වාෙගන යා යුතු අතරල ෙවනත් සුදුසු මාධ්‍යයද ෙයොදා ගත යුතු යග අදාළ ෙසසු පවීණයන්ෙග් ෙහෝ විෙශේෂඥ මතද ඇතුළත්ව ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලෙය් හා එහි කාරක සභාවන්හි කටයුතු ෙමන්ම මහජන අදහස්රැ කරුණු ඉදිරිපත් කිරීම්ද එම ෙවබ් අඩවිෙයහි ෙල්ඛනගත ෙකොට පකාශයට පත්කරන බවට මාධ්‍ය කාර්ය මණ්ඩලය වග බලාගත යුතු ය.

5. ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලය පහත සඳහන් අනු කමිටුවලින් සමන්විත විය යුතු යථ— ඡaටැ 2 දf 4 :අ* ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලය විසින් පත් කරනු ලබනල විසි එක් :21* ෙදෙනකුට ෙනොවැඩි සංඛ්‍යාවකින් යුත් ඒ අතරින් අෙයකු සභාපතිවරයා වනු ඇත්තා වූ ෙමෙහයුම් කමිටුවක්ත ෙමෙහයුම් කමිටුව ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලෙය් කටයුතු හා ශී ලංකාව සඳහා ආණ්ඩුකම ව්‍යවස්ථාවක් ෙකටුම්පත් කිරීෙම් කාර්යය සඳහා වගකිව යුතු ය.

ආ) ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලය විසින් පත්කළ හැකි ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලෙය් සාමාජිකයන්ෙගන් සමන්විත ෙසසු අනු කමිටුත එෙසේ වුවදල එක් එක් අනු කමිටුවක සාමාජික සංඛ්‍යාව එෙකොළහ (11) කට ෙනොවැඩි විය යුතු යග එක් එක් අනු කමිටුෙව් සභාපතිවරයා ෙමෙහයුම් කමිටුව විසින් පත්කරනු ලැබිය යුතු ය.

6. ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලය විසින් එහි පළමු රැසවීෙම්දී ් — :අ* 5:ආ* වගන්තිෙය් ෙයොමුගත අනු කමිටු තීරණය කළ යුතු යත සහ :ආ* 5 වගන්තිෙය් ෙයොමුගත අනු කමිටුවලට සාමාජිකයින් ෙතෝරාපත් කර ගත යුතු ය.

7. අමාත්‍ය මණ්ඩලයට හා පාර්ලිෙම්න්තුවට ඉදිරිපත් කිරීමට පථම ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලය විසින් සලකා බලනු පිණිස ආණ්ඩුකම ව්‍යවස්ථා ෙකටුම්පත් ෙයෝජනාවක් ෙයෝජනා කරමින් ෙයෝජනාවක් ඉදිරිපත් කරන ෙලස ෙමෙහයුම් කමිටුෙවන් ඉල්ලා සිටිමින්ල ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලය විසින් සම්මත කරනු පිණිස ෙමෙහයුම් කමිටුෙව් සභාපති වරයා විසින් ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලෙය් ඊළඟ රැස්වීෙම්දී ෙයෝජනාවක් ඉදිරිපත් කළ යුතු ය.

8. ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලය ෙවත ස්වකීය රැස්වීම් පාර්ලිෙම්න්තුෙව් සභා ගර්භෙයහි පැවැත්වීමට ෙමයින් බලය පවරනු ලැෙබ්.

9. ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලෙය් ෙහෝ එයට අයත් යම් කමිටුවක අරමුණු කියාත්මක කිරීම සඳහා ෙමෙහයුම් කමිටුවට අවශ්‍ය ෙසේවාවන් අවශ්‍ය වන්නා වූ ඕනෑම ආයතනයකින් ලබාගත යුතු ය.

10. ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලයට හා රැෙහෝ එහි විවිධ අනුකමිටුවලට සහයවනු පිණිස හා උපෙදස් ලබාෙදනු පිණිස ෙසසු පවීණයන් ෙමෙහයුම් කමිටුව විසින් පත්කරනු ලැබිය හැකිය.

11. ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලෙය් කටයුතු මහජනතාවට විවෘත විය යුතු යග ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලෙය් හා අනු කමිටුවල කටයුතු ෙල්ඛනගත ෙකොට වහා පකාශයට පත් කළ යුතු යග සුදුසු අවස්ථාවන්හිල ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලෙය් හාරැ ෙහෝ එහි අනු කමිටුවල කටයුතු විකාශනය කිරීම සහතික කිරීමට ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලය විසින් අවශ්‍ය පියවර ගනු ලැබිය යුතු යග සැක ඇතිවීම වළක්වනු පිණිසල ෙපර කී කරුණු පකාශනය සඳහා පාර්ලිෙම්න්තු :බලතල හා වරපසාද* පනෙත් 17 වැනි වගන්තිය පකාරල පාර්ලිෙම්න්තුෙව් විෙශේෂ අවසරය නිශ්චිතව ලබා ෙදනු ලබන බවට ෙමහිලා නිශ්චිත වශෙයන්ම ෙයෝජනා ෙකෙර්ග සැක ඇතිවීම වළක්වනු පිණිසල ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලෙය් හා පස්වන වගන්තිෙය් ෙයොමුගත අනු කමිටුවල කටයුතු පාර්ලිෙම්න්තුව ෙවත සමගාමීව වාර්තා කර ඇත්තා ෙසේ හා ඡaටැ 3 දf 4 ෙමහිලා නිශ්චිත වශෙයන්ම බලය ලබාෙදනු ලබන යම් කටයුතු පකාශයට පත් කිරීම් මඟින් පාර්ලිෙම්න්තු :බලතල හා වරපසාද* පනත පකාර වරදක් සිදු ෙනොවනු ඇති බව තවදුරටත් ෙයොජනා ෙකෙර්.

12. උපෙදස් ලබාගැනීම සඳහා සහරැෙහෝ ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලය ඉදිරිෙය් කරුණු ඉදිරිපත් කිරීම සඳහා ඕනෑම පුද්ගලෙයකු කැඳවීෙම් බලය ආණ්ඩුකɡම ව්‍යවස්ථා මණ්ඩලයට තිබිය යුතු ය.

13. ෙමහි දක්වා ඇති විධිවිධානවලට යටත්වල ස්වකීය කටයුතු ඉටුකිරීෙම්දී අනුගමනය කළ යුතු කාර්ය පරිපාටිය හා යාන්තɡණයන් පිළිබඳ තීරණය කිරීෙම් බලය ද ෙමහිලා ආණ්ඩුකɡම ව්‍යවස්ථා මණ්ඩලයට පවරනු ලැෙබ්ථ එෙසේ වුවදල එකී තීරණය ෙමෙහයුම් කමිටුෙව් එකඟත්වය ඇතිව ෙමෙහයුම් කමිටුෙව් සභාපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලබන ෙයෝජනා සම්මතයකට පසුව ගත යුතු යග පාර්ලිෙම්න්තුව විසින් අත්හිටුවන ලද්ෙද් නම් විනා ෙමම ෙයෝජනා සම්මතෙය් විධිවිධානවලට යටත්ව පාර්ලිෙම්න්තුෙව් ස්ථාවර නිෙයෝග ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලෙය් කටයුතුවලට අදාළ වනු ඇත.

14. ෙමෙහයුම් කමිටුෙව් අනුමතිය මත සභාපතිවරයා විසින් ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලෙය් කටයුතු පිළිබඳ දැනුම් දීම සිදු කළ යුතු ය.

15. 5ආ වගන්තිෙය් ෙයොමුගත එක් එක් අනු කමිටුවක් පත්කිරීෙමන් සති දහයක් (10) ෙහෝ ෙමෙහයුම් කමිටුව විසින් තවදුරටත් ලබාෙදනු ලබන කාලය ඇතුළත එම අනු කමිටු විසින් ස්වකීය වාර්තා ෙමෙහයුම් කමිටුව ෙවත භාර ෙදනු ලැබිය යුතු යග

16. 5(ආ) වගන්තිය යටෙත් පත්කරන ලද අනු කමිටුවල හා මහජන අදහස් සලකා බැලීෙමන් අනතුරුව ෙමෙහයුම් කමිටුව විසින් ආණ්ඩුකɡම ව්‍යවස්ථා මණ්ඩලය ෙවත වාර්තාවක් ඉදිරිපත් කළ යුතු යග එකී වාර්තාව ආණ්ඩුකɡම ව්‍යවස්ථා ෙකටුම්පත් ෙයෝජනාවක් ද සමඟ ඉදිරිපත් කළයුතු ය.

17. ඉනික්බිතිවල ආණ්ඩුකɡම ව්‍යවස්ථා මණ්ඩලය විසින් වාර්තාෙව් හා (අදාළ වන්ෙන් නම්) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ෙකටුම්පත් ෙයෝජනා ෙපොදු ෙයෝග්‍යතාවයන් හා මූලධර්ම විවාදයට ගනු ලැබ ෙයෝජිත සංෙශෝධන ද විවාදයට ගනු ලැබිය යුතු යග එවැනි විවාදයන් අවසානෙය්දී “අවසාන වාර්තාවක් සහ ආණ්ඩුකම ව්‍යවස්ථා ෙයෝජනා ෙකටුම්පත පිළිබඳ ෙයෝජනා සම්මතයක් ෙමෙහයුම් කමිටුව විසින් ඉදිරිපත් කළ යුතු යග” යනුෙවන් මූලාසනය විසින් ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලය ෙවත ඉදිරිපත් කළ යුතු.

18. ඉනික්බිතිවල ෙමෙහයුම් කමිටුව විසින් විවාදය අතරතුර ෙයෝජිත යම් සංෙශෝධනයන් ෙව් නම්ල ඒවා ද සැලකිල්ලට ගනිමින්ල ආණ්ඩුකɡම ව්‍යවස්ථා මණ්ඩලය විසින් සලකා බලනු පිණිස අවසාන වාර්තාවක් හා ආණ්ඩුකɡම ව්‍යවස්ථා ෙකටුම්පත් ෙයෝජනාවක් ද ඉදිරිපත් කළ යුතු යග එකී වාර්තාව හා ආණ්ඩුකɡම ව්‍යවස්ථා ෙකටුම්පත් ෙයෝජනාව ආණ්ඩුකɡම ව්‍යවස්ථා මණ්ඩලය විසින් අනුමත කළයුතු බවට ෙයෝජනා සම්මතයක් අගɡාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලැබිය යුතු ය.

19. ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලෙය් සරල බහුතරයක් විසින් ආණ්ඩුකම ව්‍යවස්ථා ෙකටුම්පත් ෙයෝජනාෙවහි එන ෙයෝජනාව අනුමත ෙනොකරන්ෙන් නම්ල ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලය සහ ෙමම ෙයෝජනාෙව් ෙයොමුගත කමිටු විසුරුවා හැරියාෙසේසැලකිය යුතු ය.

20. ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලෙය් සරල බහුතරයක් විසින් ආණ්ඩුකම ව්‍යවස්ථා ෙකටුම්පත් ෙයෝජනාෙවහි එන ෙයෝජනාව අනුමත කරන්ෙන් නම්ල ෙයෝජනාව පාර්ලිෙම්න්තුව ෙවත ෙයොමු කළයුතු අතරල වාර්තාව හා ආණ්ඩුකම ව්‍යවස්ථා ෙකටුම්පත එක් මසක් ඇතුළත පාර්ලිෙම්න්තුෙව් විෙශේෂ බහුතර ඡන්දයකින් අනුමත ෙකෙරන්ෙන් නම් ආණ්ඩුකම ව්‍යවස්ථා ෙකටුම්පත් ෙයෝජනාව අමාත්‍ය මණ්ඩලය ෙවත ඉදිරිපත් කළයුතු අතරල ඉනික්බිති ෙමහි 21 වගන්තිෙය් විධිවිධාන අදාළ වන අතර ආණ්ඩුකම ව්යවස්ථා මණ්ඩලය හා ෙමම ෙයෝජනාෙව් ෙයොමුගත කාරක සභා විසුරුවා හැරියා ෙසේසැලකිය යුතු .

21. ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලය විසින් ආණ්ඩුකම ව්‍යවස්ථා ෙකටුම්පත් ෙයෝජනාෙවහි එන ෙයෝජනාව තුෙනන් ෙදකක බහුතර ඡන්දයකින් අනුමත කරන්ෙන් නම්ල වාර්තාව හා ආණ්ඩුකම ව්‍යවස්ථා ෙකටුම්පත් ෙයෝජනාව ෙමෙහයුම් කමිටුව විසින් අමාත්‍ය මණ්ඩලය ෙවත ඉදිරිපත් කළ යුතු යග වාර්තාව හා ආණ්ඩුකම ව්‍යවස්ථා ෙකටුම්පත් ෙයෝජනාව පාර්ලිෙම්න්තුව ෙවත ද ඉදිරිපත් කළ යුතු යග ඉනික්බිති ආණ්ඩුකම ව්‍යවස්ථා මණ්ඩලය හා ෙමම ෙයෝජනාෙව් ෙයොමුගත අනුකාරක සභා විසුරුවා හරින ලද්ෙද් යැයි සැලකිය යුතු යග ඉන්පසුව ආණ්ඩුකම ව්‍යවස්ථාෙව් පනත් ෙකටුම්පත් සම්මත කිරීමට අදාළ ආණ්ඩුකම ව්‍යවස්ථාෙව් විධිවිධාන අනුගමනය කළ යුතු .

22. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ 5 වගන්තිෙය් ෙයොමුගත අනුකමිටුවලල සහ ෙමකී ෙයෝජනාව ප්‍රකාරව පත්කරන ලද කාර්ය මණ්ඩලෙය් හා උපෙද්ශකවරුන්ෙග් වියදම් ඒකාබද්ධ අරමුදලින් දැරිය යුතු අතරල ආණ්ඩුකɡම ව්‍යවස්ථාෙව් 150 ව්‍යවස්ථාව පɡකාරව ඒ සම්බන්ධෙයන් පාර්ලිෙම්න්තුව විසින් ෙයෝග්‍ය පියවර ගත යුතු.

23. සැකයක් ඇති නොවනු පිණිසල ආණ්ඩුක්රම ව්‍යවස්ථා පනත් ෙකටුම්පතක් නොපැමිණි මන්ත්‍රීවරුන් ද ඇතුළුව පාර්ලිෙම්න්තුෙව් මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් පාර්ලිමේන්තුවේදී සම්මත කරනු ලැබල ඉනික්බිතිවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාෙව් 83 ව්‍යවස්ථාෙව් පකාරව ජනමත විචාරණයකදී ජනතාව විසින් අනුමත කරන්ෙන් නම් පමණක් නීතියක් වශෙයන් පැනවිය යුතු බවට ෙමහිලා තවදුරටත් ප්‍රකාශ කෙරේ” යනුෙවන් යෝජනා කරන ලදින්, පශ්නය සභාභිමුඛ කරන ලදී.



ඇමති මණ්ඩල සංශෝධනය විශ්වාස භංග යෝජනාව නිෂ්ක්‍රීය කිරීමේ හොදම මාර්ගයයි.


මුදල් ඇමතිට එරෙහි විශ්වාස භංගයත් සමග යහපාලන ජාතික ආණ්ඩුව නීතිමය වශයෙන් බිද වැටී ඇත. තවදුරටත් ඇමති මණ්ඩලය 48 පවත්වා ගැනීම ඇමති මණ්ඩල සංශෝධනයක් සිදු කරන බව හැගෙන අන්දමට මුදල් ඇමතිකමෙන් ඉවත් කිරීම විශ්වාස භංගය පාර්ලිමේන්තුවට ගෙන ඒම නතර කර ගැනීම පහසු මගයි. එවිට එක් අයකු ඉවත්කරමින් ඇමති මණ්ඩලය 48 ආරක්ෂා කර ගැනීමට හැකි වෙයි.

http://www.thesundayleader.lk/2016/04/03/urgent-cabinet-reshuffle-on-the-cards/

2016.04.04


පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන්ට හැදින්වීමට විවිධ නම් පටබැදීම නීතිය ඉදිරියේ ගැටළු ඇති කරයි.

නඩුවකදී පාර්ශවයන් නිසි ලෙස නම් නොකළහොත් නඩුව නිශ්ප්‍රභා වීමේ ඉඩ වැඩි බව බෙහෝ දෙනා දැන සිටියදී මේ ආකාරයට පටබැදි නාමයෙන් මන්ත්‍රීවරැ හදුන්වන්නේ ඇයි?.

1. ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන්ට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරැ කියා හැදින්වීම වැරදි වෙයි.
(දෙමළ ජාතික සන්ධානය ලියා පදිංචි දේශපාලන පක්ෂයක් නොවන අතර පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ දේශපාලන පක්ෂයක් නොවේ.
ඒ අනුව ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන්ට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරැ කියා හැදින්වීම නිවැරදි නො වේ.)

2. ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන්ට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරැ කියා හැදින්වීම වැරදි වෙයි.
වර්තමාන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සම්බන්ධන් වන අතර විපක්ෂ සංවිධායක වන්නේ අනුර දිසානායකයි.
ඒකාබද්ධ විපක්ෂය යැයි කියන මන්ත්‍රීවරැන් අතර ජාතික ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරැද සිටිති.
ජාතික ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරැන් විරැද්ධ පක්ෂයට අයත් නම් ජාතික ආණ්ඩුවක් පවත්වා ගෙන යා හැකිද?
ඒකාබද්ධ විපක්ෂය යනු පාර්ලිමේන්තුව විසින් පිළිගත් විපක්ෂයක් නොවේ.
මෙ බව පාර්ලිමේන්තුවේ බෙබ් අඩවියට පිවිසීමෙන් බලා ගත හැකිය.

ලංකාවේ මාධ්‍ය ජනතාවට සත්‍ය අනාවරණය කිරීමට ක්‍රියා කළ යුතු අතර මන්ත්‍රීවරැන්ට විවිධ නම් පටබැදීමෙන් සිදුවන්නේ ජනතාව තවදුරටත් නොමග යෑම පමණි.
මන්ද ව්‍යාජ නම් පටබැදීම නීතිය ඉදිරියේ වලංගු නොවන අතර අධිකරණය ඉදිරියේ මන්ත්‍රීවරයා නිසි නාමයෙන් නම් නොකළහොත් නඩුව නිෂ්ප්‍රබා වෙයි.
ජනතාව නොමග යැවීම වහල් චින්තනයේ තවත් එක් දිගුවකි.
2016.04.03

ජාතික ආණ්ඩුව නීතිමය වශයෙන් බිද වැටී ඇති ආකාරය


(වත්මන් ආණ්ඩුව 2016.03.24 දින සිට ජාතික ආණ්ඩුවක තත්ත්වයෙන් පවත්වා ගෙන යා නොහැකි බව මෙම ලිපියෙන් පෙන්වා දෙයි)


ජාතික ආණ්ඩුවක කොටස්කාර පක්ෂයක මන්ත්‍රීවරුන් ඇතුළු කණ්ඩායමක් විසින් ජාතික ආණ්ඩුවේ ඇමතිවරයකුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීමක් ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ හෝ ලෝක පාර්ලිමේන්තු ඉතිහාසයේ දක්නට තිබේද? යන්න වැදගත් නීතිමය, සමාජමය සහ දේශපාලනික කතිකාවක් සපයයි. “ඒකාබද්ධ විපක්ෂය” (Joint Opposition) විසින් මෙම විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කර ඇති බව ප්‍රකාශ වුවද “ඒකාබද්ධ විපක්ෂය” ලෙස සළකන මන්ත්‍රී කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ නිල වශයෙන් පිළිගෙන නැත. “ඒකාබද්ධ විපක්ෂය” යනු පාර්ලිමේන්තුවට භාහිරව ඇති දේශපාලන සංවිධානයක්/ ව්‍යුහයක් වෙයි. 

http://colombogazette.com/2016/02/23/joint-opposition-again-demands-recognition-but-speaker-says-no/


මෙම විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ ප්‍රතිපාදන සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග මගින් අවරණය වන බව කථානායකවරයා තීරණය කිරීමෙන් පසු එය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත්කර විවාදය පවත්වා ඡන්ද විමසීමට යනු ඇත. ජාතික ආණ්ඩුවක ඇමතිවරයකු සම්බන්ධ විශ්වාස භංග යෝජනා ඉදිරිපත් කිරීමට ජාතික ආණ්ඩුවේ කොටස්කාර පක්ෂයක මන්ත්‍රීවරුන්ට හැකියාවක් තිබේද? යන්නත්, නැතහොත් පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂය විසින් පමණක් ජාතික ආණ්ඩුවක ඇමතිවරයකුට විරුද්ධව විශ්වාස භංග යෝජනා ඉදිරිපත් කළ යුතුද? යන්න කථානායකවරයා විසින් තීරණය කරනු ඇත.

ජාතික ආණ්ඩුවක මන්ත්‍රීවරුන් විසින් ජාතික ආණ්ඩුවේ ඇමතිවරයකුට විරුද්ධ විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කළ විට එකී විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් නො කිරීමට තරම් බලයක් කථානායකවරයාට ප්‍රජාතන්ත්‍රවාදී රටක හිමි වෙයිද? යන්නත් ජනතාවගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක කිරීමේදී සැළකිල්ලට ලක් කළ යුතුය. අනුර බණ්ඩාරනායක හිටපු කථානායකවරයා අගවිනිසුරුවරයෙක් ඉවත්කිරීමට අදාල දෝෂාභියෝග ක්‍රියාවලියකදී පාර්ලිමේන්තු පටිපාටිය සම්බන්ධව නියෝග දීමට ශ්‍රේෂ්ඨාධිකරණයටද නොහැකි බව 2001 ජූනි මස 20 දින තීරණය කර ඇත. එවන් පසුබිමක වර්තමාන කථානායකවරයා මෙම විශ්වාස භංග යෝජනාව සම්බන්ධව ගනු ලබන තීරණය වැදගත් වෙයි.


පාර්ලිමේන්තුවේ උත්තරීතරත්වය හමුවේ ශ්‍රේෂ්ඨාධිකරණයට පවා පාර්ලිමේන්තු පටිපාටිය පාලනය කළ නොහැකිව තිබියදී පක්ෂයක ලේකම්වරුන් අතර පාර්ලිමේන්තුවෙන් පිටත ඇති කරගත් එකගතා ලියවිල්ලක් මත පදනම් වී (2016.08.21 දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී අති කර ගත් එකගතා ලියවිල්ල - A Memorandum of Understanding was signed between the United National Party and the Sri Lanka Freedom Party on a national government on 21st August 2016 at the Presidential Secretariat.) මෙම විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර සිටීමට කථානායකවරයා ක්‍රියා කළහොත් එමගින් පාර්ලිමේන්තුවේ උත්තරීතරත්වය දැඩි ලෙස අභියෝගයට ලක් වෙයි.


කථානායකවරුන් සෑම අවස්ථාවකදීම මන්ත්‍රීවරයන්ගේ වරප්‍රසාද, පරිහාර සහ බලතල ආරක්ෂා කර දී ඇති අතර වෙනත් බාහිර බලපෑම්වලට යටත් නොවී ස්වාධීනව තීරණ ගනී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය ගෙන එන ලද අරමුණු අතර ඇමතිවරැ සංඛ්‍යාව සීමා කිරීම ප්‍රධාන අරමුණක් විය. ඒ අනුව එහි 46.1. (අ) ව්‍යවස්ථාව පනවමින් ඇමතිවරැ සංඛ්‍යාව 30 ක් බවට පත් කරගැනීමට ක්‍රියා කර ඇත. ඇමතිවරැ සංඛ්‍යාව 30 ක් ලෙස සීමාකර ඇති බව මතුපිටින් පෙනුනද? එම සීමාකිරීම ව්‍යාජ සීමාකිරීමක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46.4 සහ 46.5 ව්‍යවස්ථා මගින් පිළිගෙන ඇති ජාතික ආණ්ඩුව (National Government) නම් ආණ්ඩු ව්‍යුහය මගින් පැහැදිලි කරයි. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවංක චේතනාවෙන් සම්මත කර ගත්තා ද? එසේ නැතිනම් ජනාධිපතිවරයකුට දෙවරකට වඩා වැඩි වාරගණනක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඇති අවස්ථාව අහිමි කිරීම සදහා පමණක් වූ අරමුණෙන් සම්මත කර ගත්තා ද? යන්න ඇමතිවරැ අසීමිත සංඛ්‍යාවක් පත්කර ගත හැකිවන පරිදි ජාතික ආණ්ඩුව නම් පාලන ව්‍යුහය සකස්කර ගෙන තිබීමෙන් ප්‍රශ්නයට ලක්කර ඇත.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125 ව්‍යවස්ථාව අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ තනි (Sole) සහ අනන්‍ය (Exclusive) අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් හිමි වන බව දක්වා තිබියදී කථානායකවරයා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සහ පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනතේ ආවරණය ලබමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46.5 ව්‍යවස්ථාවේ දැක්වෙන ජාතික ආණ්ඩුව යන ව්‍යුහය අර්ථ නිරෑපණය කිරීමට පෙළඹීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්ථ නිරූපණ නීතියේ සුවිශේෂී තත්ත්වයක් ඇති කර ඇත. 2015.09.03 වැනි දින කථානායකවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46.5 ව්‍යවස්ථාවේ ඇති ජාතික ආණ්ඩුව යන්න අර්ථනිරෑපණය කරමින් සුවිශේෂී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්ථ නිරෑපණය රීතියක් හදුන්වාදෙන ලදී. ශ්‍රී ලංකා ඉතිහාසයේ කථානායකවරයකු විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තියක් අර්ථ නිරෑපණය කිරීමේ ප්‍රථම අවස්ථාව ලෙස මෙය සැළකිය හැකි අතර ඒ අනුව මෙම පූර්වාදර්ශ සම්ප්‍රදාය මත පදනම් වී අනාගතයේ පත්වන කථානායකවරැන්ටද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරෑපණය කිරීමේ අයිතිය හිමි වේ.

(ආණ්ඩුක්‍රම ව්යෙඅවස්ථාවේ 46.5 ව්‍යවස්ථාවේ දැක්වෙන ජාතික ආණ්ඩුව යන ව්‍යුහය අර්ථ නිරෑපණය කිරීමට කථානායක වරයා විසින් 2015.09.03 වැනි දින ක්‍රියා කර ඇති බව 2015.09.03 වැනි දින හැන්සාර්ඩ් වාර්තා 117 පිටුව අධ්‍යයනය කිරීමෙන් පැහැදිලි කර ගත හැකිය.) http://parliament.lk/uploads/documents/hansard/1441943466082368.pdf


ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථනිරෑපණය කළ යුතු ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නොව කථානායකවරයා මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජාතික ආණ්ඩුව යන්න අර්ථ නිරෑපණය කරගත් වර්තමාන ජනාධිපතිවරයා ඇමතිවරැ 48 කින් යුත් ජාතික ආණ්ඩුව බිහි කරගත්තේ ය. ජාතික ආණ්ඩුව බිහිකර ගැනීමේ පසුබිම එසේ තිබියදී, ජාතික ආණ්ඩුවේ මන්ත්‍රීවරැන් කණ්ඩායමක් ස්වාධීන කණ්ඩායමක් ලෙස සළකන ලෙස 2016.02.09 දින කථානායක වෙත ඉල්ලීමක් කර තිබුණ අතර එකී ඉල්ලීම පක්ෂයේ එකගත්වයක් නොමැති වීමේ පදනමින් ප්‍රතික්ෂේප කිරීමටද කථානායකවරයා විසින් තීරණය කරනු ලැබීය. (ජාතික ආණ්ඩුවේ මන්ත්‍රීවරැන් කණ්ඩායමක් ස්වාධීන කණ්ඩායමක් ලෙස සැළකන ලෙස කථානායක වෙත ඉල්ලීමෙන් පසු එය ප්‍රතික්ෂේප කිරීමට අදාල කථානායකවරයාගේ මතය 2016.02.09 දින හැන්සාර්ඩ් වාර්තා 647 පිටුවේ දැක්වේ.) http://parliament.lk/uploads/documents/hansard/1455162492021960.pdf


පාර්ලිමේන්තුවේ කථානායකවරයා විසින් අවස්ථානුගතව මෙවැනි තීරණ ගනිමින් තිබියදී ජාතික ආණ්ඩුවේ මන්ත්‍රීවරැ 37 ක් විසින් තමන්ගේ ම ජාතික ආණ්ඩුවේ ඇමතිවරයකුට විරැද්ධව විශ්වාස භංග යෝජනාවක් කථානායකවරයා වෙත 2016.0.24 දින භාර දී තිබීම කථනායකවරයා තීරණය කර ඇති ජාතික ආණ්ඩුවද නීතිමය වශයෙන් අවලංගු වන තත්ත්වයක් ඇති කර ඇත. එකී විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තු නයාය පත්‍රයට ඇතුළත් වුවහොත් එකී විශ්වාස භංග යෝජනාවට නීතිමය පිළිගැනීම හිමි වන අතර ඒ සමගම ජාතික ආණ්ඩුව සම්බන්ධව එහි සමාජිකයන් අතර එකගතාවයක් නැති බව පිළිගැනීමට සිදු වෙයි. ජාතික ආණ්ඩුවේ සාමාජිකයන් අතර එකගතාවය නැත යනු ජාතික ආණ්ඩුව බිද වැටීමයි. එනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයේ එක් කණ්ඩායමක් ජාතික ආණ්ඩුවේද තවත් කණ්ඩායමක් ජාතික ආණ්ඩුවට විරුද්ධ කණ්ඩායමේද සිටින බව ඉදිරිපත් වී ඇති විශ්වාස භංග යෝජනාව මගින් සනාථ කර ඇති හෙයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මුළු පක්ෂයම (Whole Party) ලෙස ජාතික ආණ්ඩුවට ඇතුළත් වී සිටින බව තීරණය කිරීමට 2016.03.24 දින සිට කථානායකවරයාට නො හැකි වෙයි.


ජාතික ආණ්ඩුවක් යනු පාර්ලිමේන්තුව විසින් අවස්ථානුගත තත්ත්වයන් යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නිර්මාණය කර ගන්නක් වන අතර ජාතික ආණ්ඩුවේ සාමාජිකයන් අතර සාමූහිකත්වය, වගකීම් සහගත බව, විශ්වාසය, වගවීම, ආරවුල් සාමාජිකත්වය ඇතුලතදී විසදා ගැනීම නොපවතින තත්ත්වයක් යටතේ කිහිප දෙනෙකුගේ අවශ්‍යතාවය මත පමණක් ජාතික ආණ්ඩුව යන ව්‍යුහය පවත්වා ගැනීම නීතියට අනුකූල නොවේ. ජාතික ආණ්ඩුවක් එහි සාමාජිකයන් අතර බිද වැටී තිබියදී බලහත්කාරයෙන් පවත්වා ගෙන යාමද වැරදි ලෙස මහජන මුදල් නාස්ති කිරීමක් වෙයි. ජාතික ආණ්ඩුවක් සමන්විත වන දේශපාලන පක්ෂයක සියලු දෙනා (Whole Party) ජාතික ආණ්ඩුවේ නොමැති බව පෙනී යන විට එකී කණ්ඩායම (Group) අත්හැර පක්ෂයේ ඉතිරි කණ්ඩායම (Group) සමග එක්ව ජාතික ආණ්ඩුව පවත්වා ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46.5 ව්‍යවස්ථාව මගින් නීතිමය ප්‍රතිපාදන සළසා තිබුණද එය අලුත් තත්ත්වයක් වෙයි. එහිදී යළි මුල සිට ජාතික ආණ්ඩු ව්‍යුහය නිර්මාණය කර ගත යුතු වෙයි. එනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46.4 වයවස්ථාව යටතේ අලුත් ජාතික ආණ්ඩුව පිහිටුවා නැවත පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගත යුතු වෙයි. සෑම පනත් කෙටුම් පතකටම සම්මත කරන පටිපාටියක් පවතින ආකාරයට ජාතික ආණ්ඩුවක් බිදවැටී ඇති විට නව ජාතික ආණ්ඩුවක් බිහිකරගැනීමද නීතියට අනුව කළ යුතු වෙයි. අවලංගු වූ ජාතික ආණ්ඩුවක් වලංගු තත්ත්වයෙන් පවත්වා ගෙන යාම ව්‍යවවස්ථා විරෝධී වෙයි.


ඒ අනුව 2016.03.24 දින සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පක්ෂයක් (Party)ලෙස ජාතික ආණ්ඩුවට ඇතුළත් වී සිටින බව බිද වැටෙන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් කණ්ඩායමක් (Group) පමණක් ජාතික ආණ්ඩුවේ සිටින හෙයින් තවදුරටත් ඉදිරියට ජතික ආණ්ඩුව පවත්වා ගත යුතු වන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 46.5 ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ආණ්ඩුවට සහාය දෙන කණ්ඩායම (Group) සමග එක්වී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46.4 ව්‍යවස්ථාව යටතේ නැවත ජාතික ආණ්ඩුවක් ස්ථාපනය කර ගැනීමට වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ඇති එක්සත් ජාතික පක්ෂයට සහ ජනාධිපතිවරයාට සිදුවෙයි. වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ඇති එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ඊ.පී.ඩී.පීයත් එක්වී ජාතික ආණ්ඩුවක් සකස්කර ඇති බව 2015 සැප්තැම්බර් 03 වැනි දින ජාතික ආණ්ඩුව ස්ථාපනය කිරීමට සිදු කළ ඡන්ද විමසීමෙන් සනාථ වෙයි. (ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිම මන්ත්‍රීවරයෙක් එදින පැවති ඡන්ද විමසීමේදී විරැද්ධව ඡන්දය ලබා දී නැත. )


2016.02.09 වැනි දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායමක් පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරමින් තමන් ස්වාධීන කණ්ඩායමක් (Independent Group) ලෙස පිළිගන්නා ලෙස ඉල්ලා සිටියේය. එම අවස්ථාවේදී එකී ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, කණ්ඩායම් 2කට (Two Groups) කැඩීයාම වළක්වනු ලැබූයේ කථානායකවරයා විසින් සිය අසීමිත බලය භාවිතා කිරීමෙනි. ඒ අනුව කථානායකවරයාගේ අර්ථනිරූපණය මත 2015.09.03 වැනි දින ඇති කර ගත් ජාතික ආණ්ඩුව 2016.02.09 දින බිදී යාමට තිබණ ද, කථානායකවරයා විසින් සිය බලය යොදමින් එදිනද ජාතික ආණ්ඩුව (National Government) ආරක්ෂා කර දෙනු ලැබීය. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් (Group) ඇතුළු මන්ත්‍රීවරුන් 37ක් විසින් 2016.03.24 දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද සාමාජිතක්වය දරන ජාතික ආණ්ඩුවවේ ඇමතිවරයකුට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් කථානායක වෙත භාරදීමත් සමගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ආණ්ඩුවට පක්ෂ කණ්ඩායම (Group 1) සහ ජාතික ආණ්ඩුවට විරුද්ධ කණ්ඩායම (Group 2) ලෙස කණ්ඩායම් දෙකක් ඇති බව තහවුරු කරන ලිඛිත සාක්ෂි ඉදිරිපත් වී ඇත. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පක්ෂයක් (Party) ලෙස තවදුරටත් ජාතික ආණ්ඩුවේ සිටින බව කිව නො හැකි වෙයි.


ඒ අනුව 2015.09.03 වැනි දින එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුල්වී ඇති කර ගත් ජාතික ආණ්ඩුව, විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් වීමත් සමග බිදවැටී ඇති අතර වැඩිම ආසන ගත් දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයට නැවත ජාතික ආණ්ඩුවක් ඇති කර ගත යුතු නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46.4 ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන යටතේ නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තුළ සිටින ජාතික ආණ්ඩුවට කැමති කණ්ඩායම (Group) සමග ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගත යුතු වෙයි. එසේ නීතියට අනුව නැවත ජාතික ආණ්ඩුවක් ඇතිකර ගන්නා තෙක් 2016.03.24 දින සිට ජාතික ආණ්ඩුවක් ලෙස ඇමතිවරු 48ක් සදහා ජනතාවගේ මුදල් වැය කිරීමට ජනාධිපතිවරයා ක්‍රියා කරන්නේ නම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් වෙයි.

2016.03.24 දිනෙන් පසු ජාතික ආණ්ඩුන නීති විරෝධී බව වඩාත් හොදින් තහවුරු වන්නේ කථානායකවරයා විසින් මෙම විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කළ විටය.


ජාතික ආණ්ඩුවක දේශපාලන පක්ෂයක සාමාජික මන්ත්‍රීවරැන් සිය වගකීම් සහගත ස්වභාවයෙන් බැහැරව කටයුතු කරන විට හෝ ඔවුන් විසින් ම ඔවුන්ට එරෙහිව විශ්වාස භංග යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවිට පළමුව ජාතික ආණ්ඩුව බිද වැටේ. ජාතික ආණ්ඩුව බිදවැටීමත් සමගම ජාතික ආණ්ඩුව සමග නිර්මාණය වී ඇති අතිරික්ත ඇමති මණ්ඩලය නීති විරෝධී වන අතර වහාම ඇමති මණ්ඩලය සාමාන්‍ය ආණ්ඩුවක ඇමති මණ්ඩලයේ සංඛ්‍යාව හෙවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46.1.(අ) ව්‍යවස්ථාවේ දැක්වෙන 30 සංඛ්‍යාවට පහත වැටේ. මේ නීතිමය තත්ත්වය හමුවේ ජනාධිපතිවරයා විසින් දිගින් දිගටම ඇමති මණ්ඩලය 48 මට්ටමේම පවත්වා ගන්නේ නම් එය මහජන මුදල් නීතිවිරෝධී ඇමති මණ්ඩලයක් නඩත්තු කිරීමට යෙදවීමක් මෙන්ම ආණ්ඩුවද නීති විරෝධී බවට පත් කරයි.


ජාතික ආණ්ඩුව ඇතිකර ගැනීමේ මූලික අරමුණට පටහැනිව ක්‍රියාකිරීම මත සාමූහික එකගත්වය බිද දැමීම, අභ්‍යන්තර ගැටළු ඇතොත් ඒවා ජාතික ආණ්ඩුව අභ්‍යන්තරයේ විසදා නො ගැනීම යන කාරණා මත මෙම විශ්වාස භංග යෝජනාවට අත්සන් කර ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරැන් පක්ෂයෙන් නෙරපා දැමීමට ද පක්ෂ නායකත්වයට මෙම විශ්වාස භංග යෝජනාව සමග හැකියාව ලැබේ. එවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වශයෙන් නැවත ජාතික ආණ්ඩුව පවත්වා ගැනීමට හැකියාව ලැබේ. එමෙන්ම රණසිංහ ප්‍රේමදාස ජනාධිපත්වරයාට එරෙහිව ගාමිණි දිසානායක, ලලිත් ඇතුලත්මුදලි ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් ඉදිරිපත් කර තිබූ දෝෂාභියෝග ක්‍රියාවලිය අත්සන්වල විධි දෝෂයක් මත මුල් අවස්ථාවේදී ම නිෂ්ක්‍රීය කර ගත් ආකාරයට 2016.03.24 දින ඉදිරිපත් කර ඇති විශ්වාස භංග යෝජනාවද මුල් අවස්ථාවේම නිෂ්ක්‍රීයකර ගැනීමට උත්සාහ කිරීම ද ප්‍රඥාගෝචර වෙයි.


මෙම කරැණු අනුව පැහැදිලි වන්නේ ජාතික ආණ්ඩුවේ ම සාමාජිකයන් විසින් 2016.03. 24 දින ජාතික ආණ්ඩුවේ ඇමතිවරයකුට විරුද්ධ ඉදිරිපත්කර ඇති විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළු වීමේ අවස්ථාව අවම විය හැකි බවත් ජාතික ආණ්ඩුව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙම විශ්වාස භංග යෝජනාවට අත්සන් කළ ශ්‍රී. ල. නී. ප මන්ත්‍රීවරැන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි වී යාමේ සහ මන්ත්‍රීධූරය අහිමි වීමේ අවධානයක් පවතින බවත් ය. විශ්වාස භංග යෝජනාව සැළකිල්ලට ලක් නොකිරීම ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී වුවත් ජාතික ආණ්ඩුවේ පැවැත්ම ආරක්ෂා කර ගැනීමට මෙන්ම ඇමති මණ්ඩලය 48 ප්‍රමාණයේ දිගටම පවත්වා ගැනීම සදහා වෙනත් විකල්පයක් ද ජනාධිපතිවරයාට හෝ කථානායකවරයාට නැති බව පැහැදිලිය.


ජාතික ආණ්ඩුවේ සාමාජිකයන් විසින් ජාතික ආණ්ඩුවේ ඇමතිවරයකුට විරැද්ධව කථානායක වෙත ඉදිරිපත් කර ඇති විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළු කිරීම සංකීර්ණ නීති ගැටළු මතුකරවන මෙන්ම කථානායකවරයා විසින් පෙර ලබා දී ඇති තීරණ අභියෝගයට ලක් කරන තත්ත්වයක් ඇති කරන බවද පෙනේ. 2016.03.24 දින කථානායක වරයා වෙත ඉදිරිපත් කර ඇති විශ්වාස භංග යෝජනාව පිළිබද කථානායනවරයා විසින් ගනු ලබන ඉදිරි පියවර මත ජාතික ආණ්ඩුවේ අනාගතය මෙන්ම පාර්ලිමේන්තු උත්තරීතරත්වයද රදා පවතිනු ඇති අතර අමාත්‍ය මණ්ඩලය 48 සිට 30 දක්වා අඩු කිරීමට සිදුවන නීතිමය තත්ත්වයක් ද පැන නගී.


“එකක් කඩතොලු මකන්නට ගොස් සියක් කඩතොලු හදාගත් ඉදුරුවේ ආචාරියාට වූ නස්පැත්තිය” වර්තමාන ආණ්ඩුව විසින් අවබෝධ කර ගැනීම ඉදිරියේදී ඇතිවන නීතිමය විකෘතින් සමනය කිරීමටද පහසු වෙයි. නීතියට අනුව ක්‍රියා කිරීමත්, ජාතික ආණ්ඩුව කුමක්ද යන්න පිළිබද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෘෂ්ටියකින් බැලීමත් වර්තමානයේ අවශ්‍ය වෙයි. එමෙන්ම පාර්ලිමේන්තුවේ උත්තරීතරත්වය ආරක්ෂා කිරීම සදහා පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ ප්‍රතිපාදන සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව තීරණ ගැනීමටද කථානායකවරයා ක්‍රියා කළ යුතුය. ජාතික ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ උත්තරීතරත්වය අත්හැරීමට කථානායකවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරැ ක්‍රියා නො කළ යුතුය.


මෙම සියලු කරුණු සැළකිල්ලට ගැනීමේදී වඩා වැදගත් වන්නේ පාර්ලිමේන්තුවෙන් පිටතදී දේශපාලන පක්ෂ ලේකම්වරු විසින් අත්සන් කරන ගිවිසුම් උත්තරීතර ලෙස සැළකීම නීතිමය, සමාජමය සහ දේශපාලනික අර්බුද සමනය කිරීමට හේතු නොවන බව කථානායකවරයා සහ ආණ්ඩුව විසින් අවංකව පිළිගැනීමය. ජනතා පරමාධිපත්‍යයේ අංගයක් වන ඡන්ද බලයේ නියෝජනය පාර්ලිමේන්තුව තුළ නිසි පරිදි ආරක්ෂා විය යුතු අතර ඒ වෙනුවෙන් කථානායකවරයා වෙත විශාල වගකීමක් වෙයි.

“If you can’t fly, then run. If you can’t run, then walk. If you can’t walk, then crawl. But whatever you do, you have to keep moving forward.”

Martin Luther King


“ඔබට පියාඹන්න නො හැකි නම් දුවන්න.ඔබට දුවන්න නො හැකි නම් ඇවිදින්න.ඔබට ඇවිදින්න නො හැකි නම් බඩගා යන්න. කවරක් කළත් ඔබ පවත්වා ගත යුත්තේ ඔබේ ඉදිරියට යාමයි. ”
මාටින් ලූතර් කිං

2016.03.25

සූර්්‍ය ශක්තිය නොමිලේ ලැබෙන ස්වාභාවික සම්පතකි. එය ආහාරයට හරවා ගැනීම සදහා අදම එළවළුවක් හෝ පළතුරක් ඔබගේ ඉඩමේ සිටුවා ගන්න. නිවහල් චින්තනයකින් යුත් ලාංකීය ජාතියක් ගොඩනැගීමට වචනයෙන් නොව ක්‍රියාවෙන් දායක වෙමු.


2016 අධික අවුරුද්දේ අවුරුදු චාරිත්‍ර අතරට සූර්්‍ය ශක්තිය තිර කරන

“දරුවකු” ආදරයෙන් හදා ගැනීමට අදිටන් කරමු.


විද්‍යුත් ලිපිනය [email protected]


අලුත් අවුරුදු චාරිත්‍ර අතර “දරුවකු හදා ගැනීමට අදිටන් කරමු” යන්න සහිත මාතෘකාවක් දැකීමෙන් පුදුමයට සහ චකිතයටත් පත් නොවන්නේ නම් එය පිළිගැනීම අසීරු තත්ත්වයක් වෙයි.


“2016 අධික අවුරුද්දේ අවුරුදු චාරිත්‍ර අතරට සූර්්‍ය ශක්තිය තිර කරන දරුවකු ආදරයෙන් හදා ගැනීමට අදිටන් කරමු ”නමින් යුත් මාතෘකාවකින් ප්‍රබුද්ධ ඔබ අමතන්නේ දරුවකු හදා ගැනීමට ලැබෙන තවත් එක් සුන්දර අවස්ථාවක් ඔබ ඉදිරියේ ගොඩනැගීමට බව පෙන්වා දීමට රිසි හෙයිනි.

සාමාන්‍ය ලෝකයේ දරුවකු හදා ගන්නේ විවිධ වූ අරමුණු ඉටුකර ගැනීමටය. මිනිස් පරම්පරාව පවත්වා ගැනීම, වයසට ගිය විට රැකවරණය ලැබීම මේ අතර වූ විවිධ අරමුණු වෙයි. කිසි විටක ස්ව්‍යංපෝෂී දරුවකු සාමාන්‍ය ලෝකයේ බිහිකර ගත නො හැකි අතර ඉපදුන අවස්ථාවේ සිට මිය යන අවස්ථාව දක්වාම වෙනත් ශක්තීන් මත යැපෙමින් දිවිගෙවීමට මිනිස් දරුවකුට සිදුවෙයි. රජුගේ දරැවා හෝ දිළින්දාගේ දරැවා කියා වෙනසක් නො මැතිව  වෙනත් ප්‍රභව මත යැපෙමින් දිවි ගෙවීමට සියලු දරැවන්ට සිදුවෙයි.


කුඩා පැළයක් පොළවේ ජීවය ආරම්භ කරන අවස්ථවේදී එහි මාතෘ ශාකයට එය දරුවෙකු වන අතර සිය ජීවිතය ආරම්භ කරමින් හරිතවර්ණ කොළ ලියලමින් අතු රිකිලි දමා පොළවෙන් ඉහළට වැඩීම ආරම්භ කරන අවස්ථවේ සිට මල්, ඵල හටගෙන කාලයාගේ අවෑමෙන් මිය යන තෙක් ම එය ස්ව්‍යංපෝෂී දිවි පැවැත්මක් උරුම කර ගනී.


මිනිසාගේ පැවැත්මට අවශ්‍ය අම්ලකර වායුව මුදා හැරීම පමණක් නොව මිනිසාගේ ජීවිත පැවැත්ම සුරක්ෂා කරන ආහාර සැපයීමද ශාක විසින් ඉටුකරන්නේ කිසි මසුරු කමක් පෑ මෙන් නො. මිනිසා රෝගී වුවද, වියපත් වුවද ශාක විසින් සූර්්‍යාලෝකය ප්‍රභාසංස්ලේෂණයේ යෙදෙමින් සිය නිෂ්පාදන කාර්ය සීග්‍රයෙන් සිදු කරයි.


ශාකයේ බීජ අවස්ථාව හෝ පැළ අවස්ථාව දරුවෙකු ලෙස දකිමින් එවන් දරුවකු මේ උතුම් අධික අවුරුද්දේ තමන්ගේ ඉඩමේ රැක බලා ගැනීමට කාරුණික වන ලෙස ඉල්ලමින් ඒ සදහා දිරි දීමට මෙම පත්‍රකාව මගින් ඔබගේ ආදර්ශය බලාපොරොත්තු වෙමු.


පහත දැක්වෙන් එළවළු හෝ පළතුරු අතරින් එක් පැළයක් (දරුවෙකු) මේ අලුත් අවුරුද්දේ ඔබ/ ඔබගේ පුතා/ දුව අතින් සිටුවා ගනිමින් ඔබගේ ඉඩමේ සූර්්‍යාලෝකය ලැබෙන පස් සහිත බිමක එකී දරුවා රෝපණය කර එම දරුවා වෙත ජලය සහ මුළුතැන්ගෙයින් ඉවතලන දිරායන දේ ලබා දෙමින් වැඩිහිටියකු බවට පත්වන තෙක් ඇහැක් මෙන් රැක බලා ගන්නා ලෙසත්, වැඩිහිටියකු වූ පසු එම ශාකය විසින් ලබා දෙන පෝෂණ කොටස් ඔබගේ සහ ඔබගේ පවුලේ පෝෂණය/ආහාරය වෙනුවෙන් යොදා ගන්නා ලෙසත් සතුටින් ඉල්ලා සිටිමු.

2016.03.24


වගාවට අවැසි පොහොර ගැනීමට මුදල් දීම මගින් නිදහස් අධ්‍යාපනයත් මුදල් ගෙවන වව්චරයකින් අවසන් වෙයිද?

පොල් සම්බෝල සමග බත් ආහාරයට ගෙන පන්පැදුරේ නිදාගෙන නීතිඥයකු, දේශපාලනඥයකු හා ජාතික නිදහස්‌ සටනේ සාමාජිකයකු වු ආචාර්ය ක්‍රිස්‌ටෝපර් විලියම් විජෙකොන් කන්නන්ගර මැතිතුමාණෝ ශ්‍රී ලංකාවේ නිදහස්‌ අධ්‍යාපනයේ පියාණෝ දුප්පතකු වශයෙන් ඉපිද රටට, ජාතියට,නිදහස්‌ අධ්‍යාපනය තුළින් ආලෝකය ලබා දුන් ඒ විශිෂ්ටම උගතා තම ජීවිතයේ අවසාන කාලය ගතකළේ රජය විසින් ලබාදුන් සහනාධාරයෙනි. නිදහස්‌ අධ්‍යාපනයේ පියා දුප්පතකු වශයෙන්ම මිය යාමෙන් රටේ වත්මන් දේශපාලන පන්තියට ආදර්ශය සපයා ඇත්තේ දේශපාලනය තමාට හෝ තම පවුලේ අනාගතය වෙනුවෙන් හරිහම්බ කර ගන්නා ව්‍යාපාරයක්‌ නොවන බව තමන් විසින් ම ක්‍රියාවෙන්ම ඔප්පුකරලමිනි.

ලෝකයේ පිළිගත් උගතකු වු එතුමාණෝ සැබැවින්ම රටට, දැයට ආදරය කළ අතර පොදු ජනතාවගේ දේපළ වලට හෝ පොදු සම්පත් වලට මෙන්ම මිල මුදල් වලට අනිසි ලෙස ආදරය නොකළ අතර සැබැවින්ම රටේ අනාගත පරපුරට මහත්සේ ආදරය කළහ.

"1799 ජනවාරි 15 දින ගාලු සම්මේලනයේදී ෆෙඩ්රික්‌ නෝර්ත් ආණ්‌ඩුකාරවරයා විසින් පැවැත්වු දේශනයේ එක්‌ අදහසක්‌ වූයේ ලංදේසීන් විසින් පටන්ගන්නා ලද අධ්‍යාපනික වැඩපිළිවෙල නිහඬව නොකඩවා අනුගමනය කිරීමට හැකි වූවා නම් මුළු සිංහල ජාතියම යථා කාලයේදී අපේ ආගමට හරවා ගත හැකි යෑයි විශ්වාස කිරීමට කරුණු යෙදී තිබුණු බවයි.

මහත් පළල් අවබෝධයකින් සිටි කන්නන්ගර මැතිඳුන් 1947 මැයි මස 27 වන දින නිදහස්‌ අධ්‍යාපන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමේදී පැය තුනක්‌ පුරා කළ කථාවෙන් ඉතා දීර්ඝ විස්‌තරයක්‌ කර ඇත.

පාර්ලිමේන්තුවේ මහජන ගැලරියේ සිටි ඉන්දියානු රාජ්‍යය නිලධාරියකු වන එච්. එම්. අන්නේ මහතා එතුමාගේ කථාවෙන් පසු පාර්ලිමේන්තු ලොබියේදී එතුමා හමුවී පවසා ඇත්තේ ඉන්දියාවේ පාර්ලිමේන්තුවට ඔබ මේ පනත ඉදිරිපත් කළේ නම් ඉන්දියානුවන් ඔබ ජාතික වීරවරයකු වශයෙන් මෙන්ම දෙවියකු වශයෙන් ද සළකනු ලබන බවය. ඒ වන විටත් රටපුරා ක්‍රියාත්මක වු ස්‌වභාෂා පාසල් ජාලයේ මූලීක පරමාර්ථය වී තිබුණේ මහා සමාජයේ පොදු වු දරුවන්ට මව් බස පිළිබඳ දැනුමක්‌ ලබාදීම ය. නමුත් මව් බස බ්‍රිතාන්‍ය නීතිය හමුවේ දියවී යාම වැළක්වීමට නොහැකි වීමෙන් මිෂනාරී අධ්‍යාපනය විරාජමාන වීම වැළැක්විය නො හැකි විය.


කන්නන්ගර මැතිතුමා අවංක සිතින් නිදහස් අධයාපනයේ පහසුකම් ලබා දුන්නද ලාංකිකයන් ඉන් ඵල නෙලා ගත්තේද සහ නෙලා ගන්නේද යන්න ගැටළුවකි. නිදහස් අධ්‍යාපනයෙන් සිය දැනුම බුද්ධිය පුළුල්කර උපන්බිමේ අනන්‍යතාවය ගොඩ නගනවා වෙනුවට එතෙක් පැවති මිෂනාරී යටත්විජිත හිතවාදී අධ්‍යාපන ක්‍රමයේම නිදහස් අධ්‍යාපනයත් ගිලී යාම ජාතියේ අවාසනාවකට සිදු විය. වඩාත් අවාසනාවන්ත සිදුවීම වූයේ නිදහස් අධ්‍යාපනයෙන් ඵල නෙලා ගැනීම සදහා 1වසරේ සිටම ජනප්‍රිය පාසල් මිත්‍යාව පසුපස යාම 1980 දශකයේ සිට ඇරඹි අතර වයස අවුරැදු 05 තරමේ සිටම බොරැව සහ තරගය මත ජීවත් වීමට ඒ අනුව ලාංකීය දරැවන්ට පුරැදු පුහුණු වීමය. 1980 දශකයේ සිට ආරම්භ වූ ජනප්‍රිය පාසල් චින්තනය ජයගැනීමට බොරැව සහ රැවටීම මත සිය ප්‍රාථමික අධ්‍යාපනය ආරම්භ කළ දරැවෝ වර්තමානයේ විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ ආයතන ත්‍රිත්වයේ ක්‍රියාකාරීන් වීම නොසැගවිය හැකි සත්‍යයක් වෙයි. එවන් ප්‍රධානීන්ගෙන් රටට, ජාතියට හෝ ආගමට යම් මෙහෙයක් වෙතැයි විශ්වාස කරන්නේ නම් හෙතෙම අනුවණයෙක් ම ය.


එදා මුදලට විකිණෙමින් පැවති අධ්‍යාපනය වෙනුවට රජය විසින් ලබා දෙන අධ්‍යාපන ක්‍රමයක් වෙනුවෙන් වෙහෙසුන කන්නන්ගර ශ්‍රී මතාණෝ දරැවන්ට මුදල් වව්චර ලබා දී එවකටත් පැවති කතෝලික පාසල් වල ඉගෙනීමට පහසුකම් ඇති කරන ක්‍රමයක් කල්පනා නෙකෙළේ අයිද යන්න පොහොර වෙනුවට මුදල් දීමට පිඹුරැපත් සකසන වර්තමානයේ සිතා බැලිය යුතුය.


අධ්‍යාපනයට හෝ කෘෂිකර්මයට මූල්‍යමය වටිනාකම් පමණක් දීම රටේ සහ ජාතියේ ඉරණමට අහිතකර ලෙස බලපාන බව වටහා ගත හැකි උගතුන් වර්තමානයේ නැත්තේ 1980 දශකයේ සිට ආරම්භ වූ ජනප්‍රිය පාසල් සිහිනය ජයගැනීමට බොරැව සහ රැවටීම මත සිය ප්‍රාථමික අධ්‍යාපනය ආරම්භ කළ දරැවෝ වර්තමානයේ විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ ආයතන ත්‍රිත්වයේ ක්‍රියාකාරීන් වීම පමණක් නොව නිවහල් චින්තනයෙන් යුත් ජාතියක් නිදහස් අධ්‍යාපනයෙන් බිහිකර ගැනීමට රට ට නො හැකි වූ නිසාත් ය. මුදල පසුපස දුවන සමාජය ප්‍රතිපත්ති නො තකයි.

පෙර පැවති රජයයන් දුප්පත්කම මුලුනුපුටා දැමීමට විවිධ ව්‍යාපෘති දියක් කළද ජනතාව වෙත මුදල් ලැබෙන පළමු අවස්ථාවෙදීම එම මුදල් පවුලේ දියුණුවට නොව මත්පැන්, සූදුව වැනි විශමාචාරයන් වෙත යෙදවීමට නැඹුරැතාවයක් පවතින බව සමාජ අත්දැකීම ය.


ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් හෙයින් වගාවෙන් තොර නිවහල් චින්තනයක් ලාංකිකයන්ගේ උරැමය නොවේ. කෘෂිකර්මය ලාංකිකයන් වෙතින් ඈත් කරන්නේ කවදාද රටේ අවසානයක් ඒ සමගම සනිටුහන් වෙයි. ගොවියන් වෙත වගාව ආරම්භයේදීම බීජ, පොහොර ආදී වගාවට අවශ්‍ය මූලද්‍රව්‍ය ලබා නොදී ඒවා මිලදී ගැනීමට මුදල් ලබා දීම මගින් වගාව නිසි පරිදි සිදුවන්නේ යැයි සිතන්නෝ මාමුලාන්නෝ ය. රජයේ සේවකයන්ට වේවා, විනිසුරන්ට වේවා, ජනාධිපති වේවා කිසිවෙකුට සිය කාර්්‍ය ඉටු කිරීමට පෙර මාසික චේතනය ලබා නොදෙයි. මාසය පුරා සිය සේවය ලබා දීමෙන් පසු මාසය අවසානයේ වැටුප් ගෙවන බව අවබෝධකර ගත නොහැකි රාජ්‍ය ප්‍රතිපත්ති සැළසුම් කරන්නෝ මෙ රට සිටින බව පිළිගත හැකි නෙ වේ. වගාව ආරම්භයේදී පොහොර හෝ වගා අමුද්‍රව්‍ය ගැනීම සදහා සෘජුවම මුදල් ගොවීන් අතට දීමෙන් ගොවිතැනත්, මුදලත් දෙකම නැතිවන බව නො දන්නවුන් රටේ සිටින බවත් ඒ මත පිළිගත හැකි ද?. එහෙත් අවාසනාවට එය පිළිගත යුතු වෙයි.


ගොවිතැන සදහා අවශ්‍ය පොහොර මිලදී ගැනීමට මුදල් ලබා දීමේදී ගොවියා එම මුදලින් සිය වගවට පොහෙර යෙදීම අවම වට්ටමකින්වත් සිදුකරන්නේ ද යන්න විමසා බලන පහසු යාන්ත්‍රණයක් හදුන්වා දීම රජය කරවන ඇත්තන්ගේ යුතුකමය.  ගොවියන් තැන තැන රස්තියාදු කරවීම ගොවියාට ගොවිතැන එපා කරන කෙමක් වෙයි. එවන් පසු විමසුම් යාන්ත්‍රණයක් නොමැතිව ලබා දෙන මුදල් ගගට ඉණි කැපීමක් මිස වෙන දෙයක් නොවේ. එමගින් අවසන් ඵලය වන්නේ ගොවිතැනත්, මුදලත් ගොවියාත් අවසානයේ රටත් අර්බුදයට යාමයි.


වර්තමානයේ සිදුවන පාසල් නිල ඇදුම් වෙනුවට මුදල්......පොහොර වෙනුවට මුදල්....ක්‍රමය

අවසානයේ නතර වන්නේ පාසල් පෙළ පොත් වෙනුවට මුදල්.....නිදහස් අධ්‍යාපනය වෙනුවට මුදල් වලින් වීමෙන් වන්නටත් බැරි නැත.

2016.03.23


පරාජිතයන් මන්ත්‍රීවරැ කිරීම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද ජනතා විශ්වාසය බිද දමනවා පමණක් නොව පොදු දේපළ අයථා පරිහරණයද , රාජ්‍ය මුදල් සාවද්‍ය පරිහරණය කිරීම සහ රාජ්‍ය විශමාචාරය පෙන්වන දූෂණ අංග රැසකින් යුක්ත සුළුපිරසකගේ ආශාව ඉටු කිරීමකි.


(“ නීතිය යනු සමාජ චර්යාව පසුපස ගාටමින් නොයන සමාජයේ උන්නතිය වෙනුවෙන් වන මෙවෙලමක් බවත්, පෙරදුන් තීන්දු පවා පසුව ඇතිවන නව අවස්ථානුගත තත්ත්ව යටතේ වෙනස් කරන අධිකරණ පද්ධති හෝ නව දේශපාලන දර්ශන ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරයි ” යන  අර්ථයෙන් කරන විග්‍රහයකි)


උසස් පෙළ විෂයයන් අසමත් සිසුවෙකු වෛද්‍ය විද්‍යාලයට හෝ නීති පීඨයට හෝ රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුළු වී ජනතාවගේ බදු මුදලින් ඉගෙන ගැනීම සදහා යම් ඇමතිවරයෙකු හෝ දේශපාලකයෙක් ලිපියක් ලබා දුනහොත් ජනතාව එහිදී දක්වන විරෝධය කවර අගයක් ගනීද? උසස් පෙළ සමත් සියලුම සිසුන්ට රජයේ සරසවිවලට ඇතුළත්වීමට පහසුකහ් සැළසිය නොහැකිව තිබියදී උසස් පෙළ අමසත් අපේක්ෂකයෙක් පසුපස දොරෙන් සරසවි වරම් ලබා ගැනීම කිසිවෙකුට යුක්ති යුක්ත කළ හැකිද? යුක්තියේ මූලධර්ම ඉතා සරළව පැහැදිලි කළ හැකිව තිබියදී ජනතාව විසින් සිය සර්වජන ඡන්ද අයිතියේ බලය සාධාරණ සහ අපක්ෂපාතී ලෙස යොදවමින් 2015 අගෝස්තු මස 17 පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී දිස්ත්‍රක්ක වලින් නාමයෝජනා දී තරගයට පිවිසි බලවත් අපේක්ෂකයන් රොත්තක්ම පරාජයට පත්කරමින් ජනතාවගේ නියෝජිතයන් ලෙස ඔවුන්ව පිළිගත නොගන්නා බවට ප්‍රජාතන්ත්‍රවාදීව තීරණය කරන ලදී. ජනතාව විසින් ප්‍රජාතන්ත්‍රික ලෙස ප්‍රතික්ෂේප කර තිබියදී ජනතම්මතවාදයට, ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන්ට පටහැනිව කිහිප දෙනකුගේ අධිපතිවාදී බලය මත පමණක් පරාජිතයන් මන්ත්‍රීවරැ බවට පත්කර ජනතාවගේ බදු මුදලින් සෑම මසකදීම චේතන ලබා දී පරාජිතයන්ගේ ජීවිතය සහ පවුල් පවත්වා ගැනීමට ඉඩ දීම කෙසේ නම් යුක්ති යුක්ත වෙයිද?


සර්වජන ඡන්ද අයිතිය බ්‍රිතාන්‍යයන් විසින් බන්දේසියක තබා ලබා දුන් දෙයක් නොවෙයි. ඡන්ද අයිතිය ජනතාව විසින් දිනා ගත් අයිතියකි. ඇමෙරිකාවේ මෙන්ම දකුණු අප්‍රිකාවේද කළු ජාතිකයන් විසින් සිය ඡන්ද අයිතිය ලබා ගත්තේ මාරටින් ලූතර් ලා මෙන්ම නෙල්සන් මැන්ඩේලා විසින් සිදු කළ අරගලයන්හි ප්‍රතිඵල ලෙසය.


ලාංකියන් වෙත වර්ශ 1931  දී සර්වජන ඡන්ද අයිතිය හිමි වූ අතර වර්තමන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4.ඉ ව්‍යවස්ථාවේ ඡන්දහිමියකු වීමට වයස අවුරැ 18 සම්පූර්ණ කළ යුතු බවත්, තමාගේ නම ඡන්ද හිමි නාමලේඛනයේ ඇතුළත් වීම සහ ලාංකීය පුරවැසියකුවිය යුතු බවත් එසේ සුදුසුකම් ලබන ඡන්දහිමියකුට පාර්ලිමේන්තු මැතිවරණයකදී දහ ජනාධිපතිවරණයකදී සහ ජනමතවිචාරණයකදී ඡන්දය ලබා දී සිය ඡන්ද බලය ක්‍රියාත්මක කළ හැකි බව දක්වා ඇත. ඡන්ද බලය සහ ඡන්ද විමසීම සම්බන්ධව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 88 ව්‍යවස්ථාවේ සිට 104 ව්‍යවස්ථාව දක්වා විධිවිධාන සළසා ඇත. එහි 93  ව්‍යවස්ථාවේ ඡන්දය සමානවද, නිදහස්වද, රහසේද ඡන්දය දීම සිදුකළ යුතු බව දක්වා ඇත.


කේවල ක්‍රමයට අනුව නොව සමානුපාතී නියෝජන ක්‍රමයට වර්තමානයේ මන්ත්‍රීවරයන් තෝරාපත් කර ගැනීම සිදුවෙයි. ඒ ඒ දිස්ත්‍රික්කය අනුව ඩදිරිපත්වන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ අපේක්ෂකයන් ඉදිරිපත් කරන අතර මන්ත්‍රීවරැ 196 දෙනකුද  මුළු රටේම ලබා ගන්නා ඡන්ද ප්‍රමාණය අනුව අනුපාතිකව අමතර මන්ත්‍රීවරැ 29ක් එනම් ජාතික ලැයිස්තුවක්ද ලෙස මන්ත්‍රීවරැ 225කින් යුක්තවන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 98 සහ 99 ව්‍යවස්ථාවල ඒ බව දක්වා ඇත.

මේ අකාරයට ඡන්ද බලය ක්‍රියාක්මක කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සිය නියෝජිතයන් පාර්ලිමේන්තුව වෙත යවා තමන් වෙනුවෙන් නීති සම්මත කර ගැනීමට ජනතාව විසින් මැතිවරණ වලදී ජනවරමක් ලබා දෙයි.


ජනතාව අපේක්ෂකයකුට ඡන්දය දීම මගින් ඔහු මන්ත්‍රීවරයකු කරනවා අමතරව ඉදිරි වසර 05 ම එකී මන්ත්‍රීවරයාව කමනි විසින් රජයට ගෙවනු ලබන බදු මුදලින් නඩත්තු කිරීමට බැදී සිටින බවටද ප්‍රතිඥා දෙයි. තමන් ඡන්දය දීමත් සමගම නිලරථ, වැටුප්, දීමනා, පාර්ලිමේන්තු රැසිවීමි වලට සහභාගී වන විට අමතර ගෙවීම්, පුද්ගලික කාර්්‍ය මණ්ඩල, සිය දරැවන්ට ජනප්‍රිය පාසල් ආදිය ලබා දීමටද ජනතාව පොරොන්දු වෙයි. කොසේ වෙතත් ජනතාව විසින් යම් අපේක්ෂකයෙක්ව ඡන්දයකින් පරාජයට පත් කරන විට එයින් අදහස් කරන්නේ ජනාතාව විසින් රජයට ගෙවන බදු මුදල් එම අපේක්ෂකයාගේ නිලරථ, වැටුප්, දීමනා, පාර්ලිමේන්තු රැසිවීමි වලට සහභාගී වන විට අමතර ගෙවීම්, පුද්ගලික කාර්්‍ය මණ්ඩල, සිය දරැවන්ට ජනප්‍රිය පාසල් හිමිකර දීමට ජනතාව විරැද්ධ වන බවයි.

කෙසේ වෙතත් 2015 අගෝස්තු 17 දින පැවත් වූ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ජනතාව සිය සර්වජන ඡන්ද අයිතියේ බලය භාවිතා කරමින් SLFP සහ JVPඉදිරිපත් වූ අපේක්ෂකයන් කිහිප දෙනකු දිනවමින්ද ඇතැම්හු පරාජයට පත් කරමින්ද සිය ඡන්ද බලය ක්‍රියාත්මක කරන ලදී. එසේ වුවද ජනතාව විසින් මිය ඡන්ද බලය යොදාගෙන ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පරාජයට පත්කළ ඇතැමි අපේක්ශකයන් SLFP සහ JVP සහ UNP විසින් ඒකාධිපති ලෙස සහ ජනසම්මතවාදයට සහ සදාචාරයට පටහැනි ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරැ ලෙස පත් කරමින් ජනතාවගේ බදු මුදල් අයථා ලෙස පරිහරණය කිරීමට ඉඩදී තිබීම ශෝචනීය වෙයි.


ජනතාව විසින් සිය ඡන්ද බලයෙන් පරාජය කළ අපේක්ෂකයන් 1953 අංක 2 දරණ පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද පනතට මුවා වී ජනතාවගේ බදු මුදල් අයථා ලෙස පරිහරණය කරති. මෙය වහා වැළැකි්විය යුතු තත්ත්වයකි.


උසස් පෙළ විෂයයන් අසමත් සිසුවෙකු වෛද්‍ය විද්‍යාලයට හෝ නීති පීඨයට හෝ රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුළු වී ජනතාවගේ බදු මුදලින් ඉගෙන ගැනීමට විරැද්ධ වන ජනතාව ජනතම්මතවාදයට, ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන්ට පටහැනිව කිහිප දෙනකුගේ අධිපතිවාදී බලය මත පමණක් මන්ත්‍රීවරැ බවට පත් කිරීම සහ ඔවුන්ව ජනතාවගේ බදු මුදලින් නඩත්තු කිරීමත්, සෑම මසකදීම චේතන ගෙන ලබා දී ජනතාවගේ මුදල් සාපරාධි සාවද්‍ය පරිහරණයට ඉඩ තැබීමත් බලවත් දූෂණ මාර්ගයක් වෙයි. මෙම විශමාචාරය නීතියේ ආවරණයෙන් රැකවරණය ලබා ගත නොහැකි සදාචාරය සහ යහපාලනයේ මූලධර්ම කෙළෙසන සමාජ සංසක්තිය බිදදමන ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධව මහජන විශ්වාසය පළුදුකරන ව්‍යාපාරයක් වෙයි. ප්‍රජාත්ත්‍රවාදයට පටහැනි මෙම වැරදි පිළිවෙත ජනතාව වෙත බලය ලැබෙන පළමු තත්පරයේදීම නතර කළ යුතු මෙන්ම මේ මහා මුදල් අයථා පරිහරණය නතර කළ යුතු මෙන්ම  ජනසම්මතයට පටහැනි ලෙස මන්ත්‍රීධූර ගෙන එකතු කර ගන්නා සියලු පොදු ජන මුදල් ආපසු අය කර ගැනීමටද ක්‍රියා කළ යුතු තත්ත්වයක්ද වෙයි.

2016.03.21


ජනපතිගෙන් අධිකරණයට පාඩමක්

අධිකරණයේ ස්වාධීනත්වය සහ නිදහස ආණ්ඩුව විසින් තහවුරු කිරීමේදී අධිකරණය අභ්‍යන්න්තරයේ ද ස්වාධීන්තවය හා නිදහස ආරක්ෂා විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අධිකරණයේ ස්වාධීනත්වයට ඉකුත් දිනවල එල්ල වූ බලපෑමක් පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහි දී සිහිපත් කළා. ශ්‍රී ලංකාවේ සිදුකෙරෙන අධිකරණ කටයුතුවලට විදේශීය විනිසුරුවන් කිසිසේත් අවශ්‍ය නොවන බවද ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙහෙයවන ජාතික නීති සමුළුවේ සමාරම්භක අවස්ථාවට ඊයේ (18) සහභාගි වෙමිනි. වාද්දුව ප්‍රදේශයේදී මෙම උත්සවය පැවැත්වෙයි.

2016.03.19


බෞද්ධයන් බහුතරයක් සිටින පාර්ලිමේන්තුව විසින් බුදු දහමට අනුචිත නීති පනවයිද?

(අලි ඇතුන්....භික්ෂූන් වහන්සේලා....සහ ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙට්මුපත ඇසුරෙනි.)


ශ්‍රී ලංකාවේ වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීම සහ පරීක්ෂණය කිරීම එම වන සත්වයින් හා වෘක්ෂලතා වාණිජ වශයෙන් ප්‍රයෝජනයට ගැනීම වැළක්වීම සදහා විධිවිධාන සැළසීම සහ ඊට ආනුශංගික කාරණා සම්බන්ධව විධිවිධාන සැළසීම සදහා 469 වනස අධිකාරය වන 1937 අංක 2 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත එංගලන්ත කිරීටයේ පාර්ලිමේන්තුව විසින් ලංකාවේදී සම්මත කරනු ලැබ ඇත. බ්‍රිතාන්‍යයන් විසින් පළමු වරට හදුන්වාදුන් 1937 අංක 2 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත මගින් බුදු දහමට අදාල කටයුතු සදහා හෝ පන්සල් සන්තකයේ අලි ඇතුන් තබා ගැනීම කිසිම ආකාරයකට  සීමා කර තිබුණේ නැත. එසේ නම් වර්තමානයේ නීතිවිරෝධී අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධව භික්ෂූන් වහන්සේලා වෙත නඩු පවරන්නේ කොසේද යන්න ජනතාව හමුවේ පැන නගින ගැටළුවක් වනු ඇත.


අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධව බෞද්ධගාමික භික්ෂුන් වහන්සේලා ඇතුළු බෞද්ධයන් මේ වන විට බන්ධනාගාර ගත කිරීමට අදාල නීති පනවා ඇත්තේ එංගලන්ත කිරීටය විසින් සම්මත තර දුන් නීති වලින් නොව සිංහල බෞද්ධයන් බහුතරයක් සිටින ලංකාවේ පාර්ලිමේන්තුව විසින් වර්ෂ 2009 දී බව ජනතාව අවබෝධ කර ගත යුතුය. ඌව වෙල්ලස්සේ දී දේශීයයන් දහස් ගණනින් ඝාතනය කරවූ බ්‍රිතන්‍ය සංස්කෘතියට එරෙහිව නීති ලනවා ගැනීමට ලාංකිකයන්ට නොහැකි වූයේ මන්ද යන්න විචාරශීලීව විමසිය යුතු නිසි කාලය වර්තමානයයි. අහසෙන් වැටෙන එක ජල බිදුවක්වක් නිසි ප්‍රයෝජනයකින් තොරව මුහුදට නොයැවිය යුතු බවට සිංහ නාද කළ පරාක්‍රමබාහු චින්තනයක් වර්තමානයේ ලාංකිකයන් තුළ නොවීම මෙම වෙනසට ප්‍රවාද සපයයි.


එදා බ්‍රිතාන්‍යයන් විසින් හදුන්වාදුන් නීති වලින් නොනැවතී ඉංග්‍රීසීන්ටත් වඩා බ්‍රිතාන්‍ය සංස්කෘතියෙහි අනුකාරකයන් වීමට තිබූ නො නිමි ආශාවන් හේතුවෙන් පන්සල් ආශ්‍රිත ක්‍රියාකාරකම් පාලනය සහ භික්ෂූන් වහන්සේලා අතුළු පුරවැසියන් බන්ධනාගාර ගත කිරීම සදහා ඉංග්‍රීසි නීතිය සියුම් ලෙස යොදා ගැනීමට නිදහසෙන් පසු බලයට පත් ආණ්ඩු විවිධ උපක්‍රම යොදා ගනු ලැබීය. ඒ සදහා හොදම උදාහරණය පාර්ලිමේන්තුව විසින් සම්මත කළ වර්ෂ 2009 අංක 22 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනත බවට ජනතාව අතර අදහසක් ඇති වෙමින් තිබේ. වර්ෂ 2016 දී කරළියට පැමිණි ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත ද එහි තවත් එක් දිගුවවක්ම විය. 1948 ලැබුණා යැයි කියන නිදහස පෙරදිග චින්තනයෙන් වියුක්තව විජාතිකත්වය මත පදනම් කර ගත් හෙයින් නිවහල් චින්තනයක හිරැ කිරණ ලාංකිකත්වය මත නොදුටු ලෙස හැසිරී ඇත.


එංගලන්ත කිරීටයේ පාර්ලිමේන්තුව විසින් ලංකාවේදී සම්මත කරනු ලැබූ 1937 අංක 2 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසින් වර්ෂ 2009 අංක 22 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනත මගින් තීරණාත්මක ලෙස සංශෝධනය කරනු ලැබූයේ බුදු දහමට සහ අන්‍යාගමික බලපෑම්වලට හසුවීමෙන් ද යන්න බෞද්ධයන් අවබෝධ කරන්නේ නම් එය බුදු දහමේ චිරස්ථිතියට හේතු වෙයි.


පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමෙන් පසු කථානායක විසින් සිය අත්සන තැබීමෙන් පසු නීතිය බවට පත්වන ලියවිල්ලට පනත යැයි කියන අතර පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමට පෙර එම ලියවිල්ලට පනත් කෙටුම්පත යැයි කියනු ලබයි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121ව්‍යවස්ථාව අනුව යම් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර සතියක් ඇතුළක එකී පනත් කෙටුම්පතේ ආණ්ඩුත්‍රම ව්‍යවස්ථානුකූලත්වය ශ්‍රෙෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කළ හැකි අතර ඉන් පසු පාර්ලිමේන්තුව තුළ විවාදයට ලක්කිරීමෙන් පසු ඡන්ද විමසීමෙන් පසු සම්මත වුවහොත් එය නීතිය/පනත බවට පත් වෙයි.


පාර්ලිමේන්තුව විසින් පනත් කෙටුම්පතක් සම්මත කිරීමෙන් පසු එය නීතියක බවට පත් වූ පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80.3 ව්‍යවස්ථාව යටතේ අවස්ථාවෝචිත පරිදි කථානායක හෝ ජනාධිපතිවරයාගේ අත්සන තැබූ විට එකී පනතේ වලංගුතාවය පිළිබද පරීක්ෂා කිරීමට හෝ ඒ පිළිබද මතයක් ප්‍රකාශ කිරීමට හෝ කිසිම අධිකරණයකට හැකියාවක් නැති බව දක්වා ඇත.එසේ පැහැදිලි නීති සම්මත වී තිබියදී අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධව භික්ෂූන් වහන්සේලා ඇතුළු බෞද්ධයන් සිරගත කිරීම සම්බන්ධව පවතින විරෝධය කිසිසේත් නීතියට අනුකූල නොවන අතර සමාජ සංසක්තියටද හිතකර නො වේ.


සිංහල බෞද්ධ බහුතරයක් සිටින පාර්ලිමේන්තුව විසින් පනවා ඇති නීතිවලට අනුව නීතිය ක්‍රියාත්මක කිරීම මගින් අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධව භික්ෂූන් වහන්සේලා සිරගත කරන විට එයට විරැද්ධවන බුදු දහමේ ආරක්ෂකයන් පළමුව විරෝධතා දැක්විය යුතුව තිබුණේ 2009 අංක 22 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනත සම්මත කිරීමට පෙරදී බව ඔවුන්ට නො වැටහීම පුදුම සහගතය. පනතක් සම්මත වූ පසු එකී පනත සම්බන්ධව අධිකරණයට සිය මතය පවා දැක්විය නොහැකිව තිබියදී එකී සම්මත වූ නීතියට විරැද්ධ වීම යනු අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වැසීමට සමාන ක්‍රියාවකි.බුද්ධ ශාසනය සුරක්ෂනය කිරීමට සහ පෝෂණය කිරීමට හේතු නොවන නීති පනවා ගනිමින් ක්‍රියා කිරීම බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනැමීමක් නො වෙයි.


නීතිය පිළිබද සමාජයේ පවතින අනවබෝධය දඩමීමා කර ගෙන කන්න අවශ්‍ය විට කඹරයා වුවද තලගොයා කිරීමේ දක්ෂ නීති විශාරදයින් ගහන රටක් ලෙස ලංකාව කැපී පෙනෙයි. බ්‍රිතානයට දෝෂාරොපණය කරමින් බ්‍රිතානය සංස්කෘතිය සහ යටත්විජිත ගැති භාවය කරපින්නාගෙන යාමට ලංකාවේ බහුතර උගතුන් ගිජු කමක් දැක්වීම ලාංකීක සමාජයම පිළියක් ලෙස වෙලාගෙන ඇති ශෝචනීය තත්ත්වයකි. බුදු දහම ආරක්ෂ කරගැනීමට බෞද්ධයන්ට සිදුවී ඇත්තේ පිටත් ගිනි ඇතුළෙත් ගිනි පරිසරයක බව මේ අනුව පැහැදිලි වෙයි.


අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම අදාළ යම් වරදකට චෝදනා ලැබ අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයක් විසින් බන්ධනාගාර ගත කළ අවස්ථාවක එකී අධිකරණය විසින් හෝ වෙනත් ඉහළ අධිකරණයක් විසින් එකී තැනැත්තා ඇප මත මුදා හැරීම ගැටළුවට විසදුම බව කල්පනා කරන්නේ නම් හෙතෙම තමා විසින්ම මංමුලා වෙයි. ගැටළුවට විසදුම වන්නේ ගැටළුව හටගන්නා බීජය ඉවත් කිරීම යි. එනම් පන්සල් ආශ්‍රිත ක්‍රියාවන් සදහා අලි ඇතුන් සහභාගී කරවීම අවශ්‍ය වන්නේ නම් ඒ සදහා භාධාවක් වී ඇති 2009 අංක 22 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනත නිසි පරිදි සංශෝධනය කර ගැනීම මිස මුව හමට තඩි බෑම නො වේ.


ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත ඇසුරෙන් මෙම තත්ත්වය විමසීම


2015 දෙසැම්බර් මස 14 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ පලකරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙට්මුපත භික්ෂූන් වහන්සේලාට වන අනතුර විමසීමද මෙහිදී වැදගත් වෙයි. එකී පනත් කෙටුම්පත මගින් ශ්‍රී ලංකාවේ ථේරවා දී භික්ෂූන්ගේ නිකාය හෝ පාර්ශ්වයන්ට අදාළව කතිකාවත් වල විධිවිධානවලට පටහැනිව කටයුතු කරන භික්ෂූන් වහන්සේලා ට දණ්ඩන පැනවීම සඳහා ද, ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම සිදු කර ඇත.


බුදුන් වහන්සේගේ ධර්මයේ ශික්ෂාපද සම්බන්ධ විනය කතිකාවත්වලට අදාලව භික්ෂූන් වහන්සේලාට දණ්ඩන පැනවීම සඳහා මෙම ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත ගෙනවිත් ඇති බවත් බුද්ධ සාසනයට අදාල විනය නීති සදහා අන් ආගමික විනිසුරන්ද තීරණ ගන්නා අධිකරණ හරහා නෛතික බලය හිමිකර ගැනීමටත් බව එහි පූර්විකාවේ හදුන්වා දී ඇත. බුදුන් වහන්සේගේ ධර්මයේ ශික්ෂාපද හෝ විනය වෙනුවෙන් දණ්ඩන හදුන්වාදීමක් මෙම කෙටුම්පතේ 11.2 වගන්තිය නියම කර ඇති හෙයින් රටේ සෑම පුරවැසියකු ම මෙම මෙම දණ්ඩන සම්බන්ධව සහ බුදු දහම සමග බැදී පවතින අවිහිංසාවාදීත්වය, දැහැමිබව,අවෛරීත්වය සම්බන්ධව ඝට්ටනයක් මෙම නීතිය මගින් ඇති කරන්නේද යන්න විමසීම බෞද්ධයන්ට වැදගත් වෙයි.


වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27,28 සහ 29 වන ව්‍යවස්ථා ඇතුළත්වන රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලික මූලධර්ම හා යුතුකම් යනුවෙන් පරිච්ඡේදයක් ඇත. රජය සහ ජනතාවගේ යුතුකම් සහ වගකීම් සම්බන්ධව අදාලවන මෙම පරිච්ඡේදය අධිකරණය මගින් ක්‍රියාත්මක කර ගැනීමට හෝ බලාත්මක කරගත නො හැකි අතර නීතිය මගින් කිසිදු බැදීමක් ද ඇතිකර නැත. ධර්මිෂ්ඨ නිවහල් සමාජයක් ඇති කිරීමේ දී රජය සහ ජනතාව අතර ඇති යුතුකම්වලට අධිකරණ බලය සහ නෛතික අයිතිය පිරිනොනමා තිබියදී බුදුරජාණන් වහන්සේගේ ධර්මය සහ ආශ්‍රිත විනය පිටකය සදහා අධිකරණ බලය ලබාගෙන භික්ෂූන් වහන්සේලා අධිකරණවලට කැදවා නෛතිකව බැද දමමින් මේ සිදු කරන්නට යන්නේ කුමක්ද විමසීම සෑම පුරවැසියෙකුගේ ම අයිතියකි. යෝජිත ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පතේ 11.2වගන්තිය මගින් මහේස්ත්‍රාත්වරයකු බුද්ධ දර්ශනය සහ භික්ෂුවගේ විනය සම්බන්ධව ලඝු ලෙස නඩු විභාගකර වරදකරු වන භික්ෂුවට මාස 06කට නො වැඩි කාලයක් සදහා බන්ධනාගාරගත කිරීම හෝ රු. පනස් දහසකට වඩා වැඩි නො වන දඩයක් නියම කරන නීති හදුන්වා දී ඇත.


බුදුරජාණන් වහන්සේ දේශනාකර ඇති ධර්මය සහ විනය පිටකය සහ ශික්ෂාපද සම්බන්ධව අලුතින් අපරාධ නීති ප්‍රභේද භික්ෂූන් වහන්සේ වෙත පමණක් හදුන්වා දී ගිහියන් විසින් නඩු විභාග කර දඩුවම් නියම කිරීම සහ සාමාන්‍ය අපරාධ නීතිය යටතේ පුරවැසියන් ලෙස භික්ෂූන් සිදුකරන වැරදි සම්බන්ධව ගිහියන් විසින් නඩු විභාග කර දඩුවම් නියම කිරීම සමාන තත්ත්වයක් නො වෙයි. බුද්ධ ධර්මයේ එන ශික්ෂාපද හෝ විනය පිටකය සම්බන්ධව සහ ඒ ආශ්‍රිතව ගිහියන් විසින් නඩු විභාග කර භික්ෂූන්වහන්සේ සිරගත කිරීමක් හෝ දඩ අයකර ගැනීමක් බෞද්ධ ඉතිහාසයේ දක්නට නැත.


බෞද්ධයන්ට අදාල කටයුතු සම්බන්ධව ජනමත විචාරණ පැවත්වීම සමාජ සංසක්තිය කෙරෙහි ඇති කරන අහිතකර බලපෑමද අවභෝධ කළ යුතුය. යම් පළාත් දෙකක් හෝ තුනක් ඒකාබද්ධ කිරීමට පවත්වන ජනමතවිචාරණයකට (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154.අ.3) මුළු රටේම ඡන්ද දායකයන්ට ඡන්දය දීමට අවස්ථාව නොලැබුණත් බුදුරජාණන් වහන්සේගේ ධර්මට අදාල විනය පිටකය සම්බන්ධ කාරණාවල් වෙනස් කිරීමට සහ විනය පිටකය සම්බන්ධ කාරණාවල් සම්බන්ධව භික්ෂූන් අධීකරණයට කැදවා දඩුවම් කිරීම සදහා නීති පැනවීමට සදහා හින්දු, මුස්ලිම්,කතෝලික, ක්‍රිස්තියානි ආගමික ඡන්ද දායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබීම බුදු දහමේ ආරක්ෂාවට කෙසේ බලපායිද?


විනය පිටකය මහා වග්ගපාලිය, චුල්ල වග්ගපාලිය, පාරාජිකා පාලී, පාවිත්තිය පාලී සහ පරිවාර පාලී යනුවෙන් මූලික ග්‍රන්ථ 5කින් යුත්ක වෙයි.

බුදුරජාණන් වහන්සේ විසින් පනවන ලද නීති විනය ශික්ෂා පද 227කට සංග්‍රහ කර ප්‍රාතිමොක්ෂය ග්‍රන්ථයේ ඇතුළත් කර ඇත. ප්‍රාතිමොක්ෂය දේශනාව සිදුකරන අවස්ථාවේ නොසිටිය යුතු පුද්ගලයන් 21 දෙනෙක් ගැන සදහන්වන අතර මුලින්ම සදහන් වන්නේ ගහට්ඨහෙවත් ගිහියන් ය. ඒ අනුව බලන විට බුදුරජාණන් වහන්සේගේ විනය නීති වෙනස් කිරීමට හෝ විමසීම සදහා සම්බන්ධ වීම බෞද්ධ ගිහියන්ට වුවද අකැප වෙයි. ගිහියන් විසින් බුදුරජාණන් වහන්සේගේ විනය නීති වෙනස් කිරීමට හෝ විමසීමට හෝ නඩු විභාග කිරීමට යාම ඔවුන්ගේඅපාගත වීමට ද හේතුවන පවක් සහ වරදක් ද වෙයි.


ජනමතවිචිචාරණයක් මගින් බුදුරජාණන් වහන්සේගේ විනය නීති වෙනස් කිරීමට හෝ විමසීම ගිහියන් සහභාගීකර ගැනීම බදු දහමේ සදාචාරවත් හරපද්ධතිය අවභාවිතයට යොමු කරන අතර හින්දු, මුස්ලිම්, කතෝලික, ක්‍රිස්තියානි ආගමික ඡන්ද දායකයන් මගින් බුදුරජාණන් වහන්සේගේ විනය නීති වෙනස් කිරීමට හෝ විමසීම කිසිසේත්ම සුදුසු නැත.


අලි ඇතුන් සම්බන්ධව භික්ෂූන් වහන්සේලා හෝ වෙනත් අයෙක් බන්ධනාගාරගත කරන්නේ බෞද්ධයන් බහුතරයක් සිටින පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ නීතියකට අනුව බව පැහැදිලිය. නීතිය සම්මත කරන්නේත් අපය. ඉන් පීඩා විදින්නේත් අපය. බුදු දහම සම්බන්ධ කාරනාවලට සහ භික්ෂූන් වහන්සේගේ විනය නීති කාරණා සම්බන්ධව ජනමත විචාරණ පැවැත්වීම හෝ වෙනත් නීති සම්මත වුවහොත්  බුදු දහමට වන අනතුර ගැන වෙනත් විවරණ අවශ්‍ය වේද?

2016.03.12


ස්වාධීන නිවහල් නීති පද්ධතියක් බිහි කරගැනීම රටේ සංවර්ධනයේ ආරම්භයයි.


1815 කන්ද උඩරට යටත්කරන ගිවිසුමේ සිට 1948 දක්වාම එංගලන්තයේ සෘජු පාලනයේ ලාංකීය ජනතාවට ජීවත්වීමට සිදුවිය. 1972 දක්වාම ලංකාවේ අධිකරණවල ඉහළම අධිකරණය වූයේ එංගලන්තයේ රාජාධිකරණයයි. 1972 දී සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය විසින් එංගලන්තයේ රාජාධිකරණයේ සුදු නඩුකාරයන් විසින් ලාංකිකයන්ගේ නඩු විභාග කරන ක්‍රමයට තිත තැබුවත්, කළු හම තියෙන නව යටත් විජිත ආරක්ෂකයන් විසින් ලාංකිකයන්ගේ නිදහස් ස්වාධීන ජීවිත පාගාගෙන සිටීමට අලුත්කඩේ මර්මස්ථානය කරගනිමින් අලුත් නවාතාන් පොළක් සිය වාසස්ථානය ලෙස පවත්වා ගැනීම නොදුටුවේ ය. 1815 සිට 1972 දක්වා එංගලන්තයේ රාජාධිකරණයේ සුදු නඩුකාරයන් විසින් කරන ලද දේම 1972 සිට කළු හමකින් යුත් සුදු ලෝගු ඇදගත් අය විසින් ලංකා භූමියේ සිට කිරීමට පටන් ගත්තේ ය.


කෘෂිකාර්මික ක්‍රමයකට අනුව සිය ජීවිතය හැඩ ගස්සාගෙන ස්වාධීන නිවහල් ජාතියක් වෙනවා වෙනුවට එංගලන්තයේ දැනුම සහ යටත්විජිත නීතිවල දාසයන් ලෙස ජීවිත ගන යාමට මේ අලුත්කඩේ නීති විශාරදයින් දේශපාලකයන්ව පොළඹවන ලදී. සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය මේ උගුලෙන් ලාංකිකයන් බේරා ගැනීමට සුළු උත්සාහයක් ගත්තද අලුත්කඩේ පැළපැදියම් වී ඇති යටත්විජිත නීති පද්ධතියේ ප්‍රවේණික උරැමකරැවන් විසින් එම උත්සාහයන් ලත් තැනම ලොප් කරනු ලැබීය.


මේ යටත් විජිත නීති සංස්කෘතිය බිද හෙළිමට කිසිම රාජ්‍ය නායකයෙක් වෙත එඩිතර භාවයක් නොතිබූ අතර වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙතද එවැනි එඩිතරභාවයක් ඇතැයි සිතිය නොහැකිය. ලංකාවේ රාජ්‍යත්වයට පත්වන එවැනි එඩිතර භාවයක් ඇති නායකයෙක් විසින් ගනු ලබන සහ ඇති කරනු ලබන නෛතික නිවහල් නීති පද්ධතියකදී රටේ ජනතාවගේ ගැටළු සදහා පිළියම් ලැබෙනු ඇති අතර එතෙක් ඊනියා සංවර්ධන මිරිගුවේ ලාංකිකයන් අතරමන් වෙමින් තට්ටු මාරැ දේශපාලන තරගයක නියැලෙනු ඇත.


එක් දේශපාලන කණ්ඩායමක සාමාජිකයන් එක් රජයක් විසින් බන්ධනාගාර ගත කරද්දී අනාගතයේ අනෙක් දේශපාලන කණ්ඩායම වෙනත් රජයක් යටතේ බන්ධනාගාර ගත වීමේ අවධානමද ඇත. තට්ටු මාරැ ක්‍රමයට නීතිය ක්‍රියාත්මක වීමද, තට්ටු මාරැ ක්‍රමයට පුරවැසියන් බන්ධනාගාර ගත වීමද මෙම නීති ක්‍රමයේ පවතින පැහැදිලි දුරැවලතාවලින් එකකි.


යටත්විජිත මානසිතක්වයට ප්‍රභල අභියෝග එල්ල කරමින් සිටියදී සුදු නඩුකාරයනක් විසින් සිරගත කළ මහත්මා ගාන්ධි ලා ද, දකුණු අප්‍රිකාවේ සුදු නඩුකාරයන් විසින් වසර 27ක්ම සිරගෙදරට සිය ජීවිතය තල්ලුකළ නෙල්සන් මැන්ඩේලා වැනි චරිතද වෙඩි උණ්ඩයට ජීවිතය පූජා කළ මාර්ටින් ලූතර් ලා ද ලාංකිකයන් අතරින් බිහිවන තෙක් මේ ක්‍රමයේ ගිලී සිටීමට නිවහල් චින්තකයන්ට සිදුවනු ඇත.

2016.03.11


පිටරට දේවල්වලට ඇළුම්කරන ලාංකිකයනි....... මෙන්න කියවන්න ප්‍රවෘත්තියක්.......

ජොන්සන් සහ ජොන්සන් පවුඩර් පිළිකා කාරකයි

කතකට අ.ඩො. මිලියන 72ක් වන්දි ගෙවන්නැයි සමාගමට නියෝග

ලෝකප්‍රකට ජොන්සන් සහ ජොන්සන් සමාගමට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක් ඊයේ(2016.02.23) ලබා දී ඇති තීන්දුවක් මේ රටේ ජනතාවටත් ඉතා වැදගත්. දරුවන්ට ආදරය කරන අය මෙන්ම මෙරට සෞඛ්‍ය බලධාරීන්ද මේ පිළිබද අවධානය යොමු කල යුතු වනවා.

ජොන්සන් බේබි පුයර භාවිතය හේතුවෙන් ඩිම්බකෝෂ පිළිකාවක් වැළදී මියගිය කාන්තාවක් වෙනුවෙන් අමෙරිකන් ඩොලර් මිලියන 72 ක මුදලක් ගෙවීමටයි මිසුරි ප්‍රාන්ත අධිකරණය ජොන්සන් සහ ජොන්සන් සමාගමට නියෝග කර ඇත්තේ.

බර්මින්හැම්, ඇලබාමා හි ජීවත් වූ ජැකොලින් ෆොක්ස් වසර 35 කට වඩා වැඩි කාලයක් කුඩා ළමුන් සදහා භාවිත කරන ජොන්සන් පව්ඩර් සහ ෂවර් ටු ෂවර් නමැති නිෂ්පාදනය පාවිච්චි කර තිබෙනවා. මීට වසර තුනකට පෙරයි ඇයට ඩිම්බකෝෂ පිළිකාවක්  වැළදී ඇති බව හදුනාගෙන ඇත්තේ, පසුගිය ඔක්තෝබර් මාසයේ දී ඇය මිය ගොස් ඇත්තේ 62 වන වියේ පසුවෙද්දීයි.

මේ අතර ටැල්ක්(පුයර නිෂ්පාදනයට යොදා ගනී) පදනම් කරගත් නිෂ්පාදන මගින් පිළිකා ඇති විය හැකි බවට පාරිභෝගිකයින් හා වෙනත් පාර්ශව අනතුරු ඇඟවීම් කර තිබුණා. එහෙත් ජොන්සන් සහ ජොන්සන් සමාගම ඒ පිළිබද කිසිදු අවධානයක් යොමු නොකර තම නිෂ්පාදන අලෙවිය ඉහල නංවා ගැනීමට පමණක් ක්‍රියා කර තිබෙනවා. ඒ අනුව වංචාව, නොසැලකිල්ල සහ කුමන්ත්‍රණ කිරීමේ චෝදනාවලට යටත් කොට මිසුරි අධිකරණයේ ජුරි සභාව ජැකොලින් ෆොක්ස්ගේ පවුලේ අයට අදාළ වන්දිය ගෙවන ලෙස ජොන්සන් සහ ජොන්සන් සමාගමට නියෝග කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මිසූරි ප්‍රාන්ත අධිකරණය හමුවේ නඩු 1000 ක් සහ නිව් ජර්සි හි තවත් නඩු 200 ක් ගොනු කර ඇතැයිද විදෙස් වාර්තාවල දැක්වෙනවා.

අමතර කියවීම සදහා

2016.02.26


ලිප්ස්ටික්-කියුටෙක්ස්-සීසර්කර දරැ උපත් ලැබීම වෙනුවෙන් විවාහවන නූතන පරම්පරාවේ දරැවෙනි. මෙන්න කියවන්න රස කථාවක්.....

කෘෂි උපාධීධාරීන් ලංකාවේ සිටිති. ඔවුහු උදලුගාන හැටි , කුඹුරේ වී වගා කරන්න හැටි දන්නේද?. ඔවුන් දන්නේ පොතේ දැණුම  පමණද?.

පිටරටවලින් බඩු ගෙනහල්ල උජාරැවෙන් ජීවත්වන පුහු මිනිසුන්ට ආදර්ශයක් වන සැබෑ මිනිසෙක්.....


දැන් ඉතින් මේ මනුස්සයව හොයාගෙන ගිහිල්ල ආදායම් බදු ගහන්නෙ කොහොමද කියල හොයන්න පටන් ගනීවි අපේ ආදායම් බදු දෙපාර්තමේන්තුවෙ අයයි, නීතිය අයිතිකරගෙන ඉන්න අයයි.දේශිය ආර්ථිකය විනාශ කරන්නෙ කොහොමද කියල අපිට සුදුමහත්තුරැ හොදට උගන්වල තියෙන්නෙ. ඒකනෙ ගමේ කුඹුරැවල ගොවිතැන් නොකර කොළඹ ඇවිල්ල අව්වෙ වේලි වේලි පාරවල් දෙපැත්තෙ පදික වේදිකාවේ ගල් අල්ලන්න මිනිස්සු පුරැදුකරල තියෙන්නෙ.ආත්ම ගරැත්වයක් ඇතිව තමන්ගෙ ශක්තියෙන් නැගීසිටින එක අද ලාංකිකයන් වෙතින් ඈත් මෙවින් පවතී.


තුඹ කරවිල වගාවෙන් මසකට රුපියල් 90,000ක මුදලක් උපයා ගන්නා ගොවියෙකු ඉන්නවා


තුඹ කරවිල වගාවෙන් මසකට රුපියල් 90,000ක මුදලක් උපයා ගන්නා ගොවියකු ග‍ලේවෙල දේවහූව දඩුබැඳිරුප්ප ප්‍රදේශයේ දී අපිට හමුවිය. ඔහු 67 හැවිරිදි .............................. මහතායි. ගොවිතැන් පිළිබඳව අත්හදා බලා ඔහු මීට පෙර ඉඟුරු වගා කර සාර්ථක ප්‍රතිඵල ලැබූ අයෙකි. ......... මහතා තුඹ කරවිල වගාව අත්හදා බලා ඇත්තේ පැළ 300ක් සිය ගෙවත්තේ සිටුවමිනි. මේ දිනවල එහි අස්වනු නෙළීම ආරම්භ කර ඇත. දින හතරකට වරක් අස්වනු නෙළයි. කිලෝවක් රුපියල් 500ක් බැගින් අලෙවි කරන බව හෙතෙම කියයි.

ඔහුගේ පවු‍ලේ සියලු දෙනා එක්වී වගා කටයුතු කරති. කිසිදු රසායනික ද්‍රව්‍යයක් නොයොදා ගොම ‍පොහොර පමණක් තුඹ කරවිල වගාවට ප්‍රමාණවත් බව ඔහු කියයි.

මධ්‍යම පළාතේ හා උතුරුමැද පළාතේ ඇති එකම තුඹ කරවිල වගාවද මෙයයි. එක දිගට අවුරුදු හතරක කාලයක් මෙම වගාවෙන් අස්වනු ගැනීමට හැකි බවත් අලෙවිය සඳහා ඉහළ ඉල්ලුමක් තිබෙන බවද කියයි.

තම වගාව පිළිබඳව අදහස් දැක්වූ.................... ගොවි මහතා : මම අඟුණකොළපැලැස්සේ එරමිණියාව රජයේ ගොවි‍පොළේ පර්යේෂණ නිලධාරි ......................... මහතා හමුවී උපදෙස් ගත්තා. ඔහු වගාව පිළිබඳ උපදෙස් වගේම
පැළත් දුන්නා. මාස තුනහමාරක් යනකොට වගාව සාර්ථක වී අස්වනු නෙළන්න පුළුවන් වුණා.

වෙළෙන්දෝ දවස් හතරකට වරක් ඇවිල්ලා කිලෝ එකකට රුපියල් 500 ගානේ දීලා තුඹ කරවිල අරගෙන යනවා. කවුරු හරි තුඹකරවිල වගාව ආරම්භ කරනවා නම් මට උදව් කරන්න පුළුවන්.

මට මීට පෙර ඉඟුරු වගාව මේ ප්‍රදේශයට හඳුන්වලා දුන්නා. දැන් බොහෝ අය ඒවා වගා කරලා හොඳ මිලක් ගන්නවා.

2016.02.21

ගරැ නීතිපතිතුමනි ඔබටත් ආයුබෝවන්.........

මෙරට නීතිපතිවරයෙකු අනෙකාට ආයුබෝවන් කීම අගය කළ යුතු වා මෙන්ම
උපන් බිමේ අසරණ වී සිටින
සිංහල දෙමළ පුරවැසියන්
නීතිය ඉදිරියේ බලවන්ත කිරීමේ වගකීම ද
ඔබේ දෙවුර මතම ය.
නීති විද්‍යාලයේ මව් බසින්
නීති අධ්‍යාපන ලැබීමේ අයිතිය
වර්ෂ 2010 සිට
අහිමි කර තබිය දී
එය නිවැරදි කිරීමද
ඔබේ දෙවුර මතමය.

ආයුබෝවන් කීමට එඩිතර වීමෙන් ම ඔබේ ගමන ජයගන්නා බවද කිව හැකිය.

ඔබගේ නිලමැදිරියේ ඇතුල්වන තැන සිංහල සහ දෙමළ භාෂාවෙන්ද ඔබගේ නාම පුවරැව ප්‍රදර්ශනය කරන්නේ නම් එයද සුදුසු ය.

2016.02.12


බුදුදහමට අන්ආගමිකයන් සහභාගීවන ජනමතවිමසුම් මගින් වන අනතුර විමසීම ආගම්වාදය නොවේ?


යම් පළාත් දෙකක් හෝ තුනක් ඒකාබද්ධ කිරීමට පවත්වන ජනමතවිචාරණයකට (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154.අ.3) මුළු රටේම ඡන්ද දායකයන්ට ඡන්දය දීමට අවස්ථාව නොලැබුණත් බුදුරජාණන් වහන්සේගේ ධර්මට අදාල විනය පිටකය සම්බන්ධ කාරණාවල් වෙනස් කිරීමට සහ විනය පිටකය සම්බන්ධ කාරණාවල් සම්බන්ධව භික්ෂූන් අධීකරණයට කැදවා  දඩුවම් කිරීම සදහා නීති පැනවීමට සදහා හින්දු, මුස්ලිම්, කතෝලික, ක්‍රිස්තියානි ආගමික ඡන්ද දායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබීම බුදු දහමේ ආරක්ෂාවට කෙසේ බලපායිද?


විනය පිටකය මහා වග්ගපාලිය, චුල්ල වග්ගපාලිය, පාරාජිකා පාලී, පාවිත්තිය පාලී සහ පරිවාර පාලී යනුවෙන් මූලික ග්‍රන්ථ 5කින් යුත්ක වෙයි.


බුදුරජාණන් වහන්සේ විසින් පනවන ලද නීති විනය ශික්ෂා පද 227කට සංග්‍රහ කර ප්‍රාතිමොක්ෂය ග්‍රන්ථයේ ඇතුළත් කර ඇත. ප්‍රාතිමොක්ෂය දේශනාව සිදුකරන අවස්ථාවේ නොසිටිය යුතු පුද්ගලයන් 21 දෙනෙක් ගැන සදහන්වන අතර මුලින්ම සදහන් වන්නේ ගහට්ඨ හෙවත් ගිහියන් ය. ඒ අනුව බලන විට බුදුරජාණන් වහන්සේගේ විනය නීති වෙනස් කිරීමට හෝ විමසීම සදහා සම්බන්ධ වීම බෞද්ධ ගිහියන්ට වුවද අකැප වෙයි. ගිහියන් විසින් බුදුරජාණන් වහන්සේගේ විනය නීති වෙනස් කිරීමට හෝ විමසීමට හෝ නඩු විභාග කිරීමට යාම ඔවුන්ගේ අපාගත වීමට ද හේතුවන පවක් සහ වරදක් ද වෙයි.


ජනමතවිචිචාරණයක් මගින් බුදුරජාණන් වහන්සේගේ විනය නීති වෙනස් කිරීමට හෝ විමසීම ගිහියන් සහභාගීකර ගැනීම බදු දහමේ සදාචාරවත් හරපද්ධතිය අවභාවිතයට යොමු කරන අතර හින්දු, මුස්ලිම්, කතෝලික, ක්‍රිස්තියානි ආගමික ඡන්ද දායකයන් මගින් බුදුරජාණන් වහන්සේගේ විනය නීති වෙනස් කිරීමට හෝ විමසීම කිසිසේත්ම සුදුසු නැත.


එසේම බුදු දහම සුරක්ෂාකොට පෝෂණය කිරීමේ වගකීම යටතේ බුදු රජාණන් වහන්සේගේ විනය පිටකය සම්බන්ධ කාරණා ආණ්ඩුක්‍රම ව්යෙඅවස්ථාවේ 83 ව්යෙඅවස්ථාව යටතේ පවත්වන ජනමත විචාරණයකින් වුවද වෙනස් කළ නොහැකි බවත් බුද්ධාගම සම්බන්ධ විනය කටයුතු සම්බන්ධ තීරණ හා ඒවා බලාත්මක කර ගත යුත්තේ මහා සංඝරත්නය විසින් පමණක් බවත් බෞද්ධයන් වටහා යුතුය.

මෙතෙක් කලක් බුදු සසුන ආරක්ෂා කර ගත්තේ භික්ෂූන් වහන්සේ ලා විසින් මිස හින්දු, මුස්ලිම්, කතෝලික, ක්‍රිස්තියානි ආගමිකයන්ගේ ඡන්දයෙන් හෝ අන්ආගමිකයන්ගේ ජනමතයෙන් නොවේ.


එමෙන් හින්දු මුස්ලිම්, කතෝලික,ක්‍රිස්තියානි ආගමික ඡන්ද දායකයන්ගේ ඡන්ද බලය කිසිසේත් හෑල්ලු කිරීමක් සිදු නොවිය යුතුවා මෙන්ම බුදු දහමේ හර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට බෞද්ධයන්ට ඇති සදාචාරවත් හිමිකමද උල්ලංඝණය නොවිය යුතුය.

බුදුන් වහන්සේ වදාළ විනය නීති මෙන්ම බුදු දහමට අදාල චාරිත්‍ර සහ සිරිත් ආරක්ෂා කිරීම සදහා භික්ෂූන් වහන්සේ ලා අනුගමනය කළ විධික්‍රම ආරක්ෂා කර දීම වෙනුවෙන් ක්‍රියාත්මක වීම සෑම බෞද්ධයකුගේ ම වගකීම වන අතර ස්ව්‍යං ප්‍රත්‍යක්ෂ ලෙසම සදාචාරයට පටහැනි ලෙස විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණ යන පාලන ආයතන ක්‍රියාත්මක වන විට හිට්ලර් පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් යුදෙව්වන් සංහාරය සදහා නීති පැනවූ ආකාරයට ජර්මන් බලධාරීන් අවනත වූ ආකාරයට නොව සමාජ ආරක්ෂණය සහ සමාජ සංසක්තිය වෙනුවෙන් පැවතීමේ වගකීමක් පුරවැසියන් වෙත පවතී.


හොලෝකෝස්ට් සමූලඝාතනයන් යනු කුමක්ද? ජර්මනියේ වර්ෂ 1936 සිට වර්ෂ 1939 දක්වා යුදෙව් විරෝධී නීති පනවා ඇති ස්වභාවයද අධ්‍යයනය කිරීම සදාචාරය යනු කුමක්ද යන්න වටහා ගැනීමට උදව් වෙයි.


යුදෙව් විරෝධී නීති අධ්‍යයනය කිරීමට (හොලෝකෝස්ට් සමූලඝාතනයන් යනු කුමක්ද)


මතු සම්බන්ධයි........

2016.02.11


එක්සත් ජතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සයිඞ් අල් හුසේන් කුමාරයා ඇතුළු සියලු කුමර කුමරියන්ටයි.


සිංහල-දෙමළ කියමින් දේශප්‍රේමී ස්ටිකර් ගහගත්තු, පිටරට දේට කෑදර වුන් බහුතරයක් ඉන්න අබුද්දස්ස රටක් මේක. පිටරට කුමාරවරැන්ට, පිටරට නිපදවන දේවල්වලට මාර කෑදර මිනිස්සු ඉන්න රටක් මේක. පිටරට ගායකයින් ආවහම තනපට ගලවා විසිකරමින්, වේදිකාවට පිවිස ගායකායා ඉඹින තරැණියන් ඉන්න විළිබිය සිදගත් දරැවන් ඉන්න රටක් මේක. ලංකාවේ පවතින ඉංග්‍රීසි නිතිය මේවාට ආරක්ෂාව සළසනවා මිස පාලනය නොකරයි. සදාචාරය නොමැති කළ සමාජය අපිරිසිදු වීම ගැන නොකිවමනාය. නීතියේ සදාචාරය සියල්ලට ඉහළින් නොවේනම් රටේ සදාචාරය ගැන කවර කථාවක්ද?

80% ක් පමණ වූ කළු ජාතිකයන් 9%ක් වූ සුදු ජාතිකයන් විසින් පාලනය කරන ලද්දේ බ්‍රිතාන්‍ය නීතියෙනි. ප්‍රජාතන්ත්‍රවාදය අනුව 9%ක් වූ සුදු ජාතිකයන් විසින් 80% ක් පමණ වූ කළු ජාතිකයන්ව පාලනය කිරීම වැරදිය. ඇපාතයිඩ් නීති (APARTHIDE LAWS) හදුන්වාදෙමින් 80% ක් පමණ වූ කළු ජාතිකයන්ව ග්‍රහණයට ගැනීමට 9%ක් වූ සුදු ජාතිකයන් නීති සම්මත කර තිබුණි.


එමෙන්ම 1933 දී ජර්මනියේ චාන්සලර් ලෙස පත්වීමෙන් පසු ඇඩොල්ෆ් හිට්ලර් විසින් යුදෙව් විරෝධී නීති පනවන ලද්දේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම අනුගමනය කරමින් ය.


නිදහස ඉල්ලා හඩ නැගූ තරැණ අරගල ලංකාවේද විය. T-56 සහ ටයර් සෑයවල් මගින් 88-89 දීද,  19 71 දී තවත් තරැණ සංහාරයක් මගින්ද එම අරගල පාලනය සිදුවිය. මේ මියගියේ දැයේ දරැවන් ය. නිදහස ඉල්ලා ආයාචනා කළ දරැවන්ය. ඒ මිනීමරැවන් අද නිදැල්ලේ ය.ජාතික ගීය දෙමළෙන් ගැයූවා කියා සිංහල දෙමළ ජනතාව වෙත මුදාහැර ඇති නිදහස අහිමි කිරීම අවසන් වෙයිද? දේශීය චින්තනය රටේ ක්‍රියාත්මක වෙයිද?


ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරැකමෙන් අයින් කරන අවස්ථාවේ අධිකරණය මළ ගෙයක් කළ අන්තවාදීන් අද නිදැල්ලේ සිටී. දින 5ක් අධිකරණය වසා ගත්, නඩු විභාග කිරීමට ඉඩ නොදුන් NGO නඩයට එරෙහිව මේ දක්වා නීතිය ක්‍රියාත්මක කර නැත. ......රන්, ....තාෆා යන නීතීඥවරැ විසින් .....තුංග විනිසුරැගේ උදව්වෙන් ජාතික ලැයිස්තුව විකෘත්‍රී කරමින් පාරජට පත් අපේක්ෂකයන් පාර්ල්මේන්තුවට ඇතුල් කිරීම යහපාලනයේ කොටසක්ද?


පසුගිය ආණ්ඩුවට සම්බන්ධ වී සිටි අය සිරගත කිරීම වගේම, ...ෂිත  හිරේ දැමීම, .....රවංශට නඩු දැමීම, ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරැ සරත් ආබෘට මහාධිකරණයේ නඩු දැම්මා වගේම පසුගිය ආණ්ඩුව සමයේ නීතිවිරෝධී ක්‍රියාවන් සිදුකළ සියලු දෙනාටම විරැද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම යහපාලනයට අයිතිය.තෝරාගත් පුද්ගයින් පමණක් බන්ධනාගාර ගත කිරීමෙන් නරක පූර්වාදර්ශයක් සපයයි.


අධිකරණයේ නඩු අහන්නේ නැතිව අධිකරණය තොවිල් මඩුවක් කරගත්, පිරිත් මණ්ඩපයක් කරගත්, කලු කොඩි ඔසවන ලද සියලු දෙනාටම විරැද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුය.ඒ අනුව .....ශ්වරන්, .....තාෆා සහ ..තුංග ,.....අමුණ, .....තිරන්, .......පීරිස් යන නීතීඥවරැන්ද අද සිටිය යුත්තේ වැලිකඩය. හොමාගම අධිකරණයේ පිරිත් කියූ, උද්ඝෝෂණය කළ අයට භික්ෂූන් වහන්සේලාට ක්‍රියාත්මක වන නීතිය එදා පිරිත් කියූ,උද්ඝෝෂණය කළ අයට ද එරෙහිව ක්‍රියාත්මක විය යුතුය.


මේ අබුද්දස්ස රටේ එහෙම වෙන්නේ නෑ නේද? යහපාලනය නමින් දේශපාලන පලිගැනීම් සිදුකරනවා කියා සිතෙන්නේ මේ නිසා ය.

2016.02.07


සාධාරණ නඩු විභාගයකදී අධිකරණයට පැමිණෙන අයට තේරෙන භාෂාවෙන් නඩු විභාග කිරීමද ඇතුළත් වෙයි.


නීතිය යනු සමාජය පාලනය කරන මෙවෙලමයි. 80% ක් පමණ වූ කළු ජාතිකයන් 9%ක් වූ සුදු ජාතිකයන් විසින් පාලනය කරන ලද්දේ බ්‍රිතාන්‍ය නීතියෙනි.


ප්‍රජාතන්ත්‍රවාදය අනුව 9%ක් වූ සුදු ජාතිකයන් විසින් 80% ක් පමණ වූ කළු ජාතිකයන්ව පාලනය කිරීම වැරදිය. ඇපාතයිඩ් නීති (APARTHIDE LAWS) හදුන්වාදෙමින් 80% ක් පමණ වූ කළු ජාතිකයන්ව ග්‍රහණයට ගැනීමට 9%ක් වූ සුදු ජාතිකයන් නීති සම්මත කර තිබුණි.


1933 දී ජර්මනියේ චාන්සලර් ලෙස පත්වීමෙන් පසු ඇඩොල්ෆ් හිට්ලර් විසින් යුදෙව් විරෝධී නීති පනවන ලද්දේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම අනුගමනය කරමින් ය.


ප්‍රජාතන්ත්‍රවාදය අනුව නීති පනවන ලංකාවේද සිංහල සහ දෙමළ මව් භාෂාවන්ට අධිකරණවල නිසි ස්ථානය ලබා ගැනීමට විවිධ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව භාධාවක් නොවුණද 1978 රජයේ අධිකරණ ඇමතිවරයාව සිටි කේ. ඩබ්ලිව් දේවනායගම්ගේ ගැසට් නිවේදන භාධාවක් වී ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙසේ දක්වා තිබුණද ගැසට් පත්‍රවල ආවරණය ලබමින් ජනතාවගේ භාෂා අයිතිවාසිකම් ලංකාවේදී උල්ලංඝණය වෙයි.


අධිකරණ විනිසුරැවරැන් ලෙස පත් කිරීමට පෙර ඔවුන්ගේ සිංහල සහ දෙමළ භාෂා අවබෝධය පිළිබදවද සොයා බැලීම ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට හේතු වෙයි. තමන්ට නොතේරෙන භාෂාවකින් නඩු විභාග සිදු කිරීම කිසිසේත්ම සාධාරණ නඩු විභාගයක් නොවේ.


ජර්මනියේ හිට්ලර් පාලනයේදී නාසීන් පාර්ලිමේන්තුව විසින් යුදෙව්වන්ට එරෙහිව පනවන ලද වර්ගවාදී නීති වලින් නාසීන් වාසි අත්කරගත් ආකාරයට, බ්‍රිතාන්‍ය පාලකයන් සමග සමීප සම්බන්ධතා පවත්වා ගත් පුද්ගලයන් ලංකාවේ නීති පද්ධතිය තුළ වැඩි පහසුකම් ලබන්නේ ද මෙරට පනවා ඇති ඇතැම් වර්ගවාදී නීති වලට පිංසිදුවන්නට ය.

2016.01.06


සාසන විනය නීති සාමාන්‍ය නීතිය මගින් බල ගැන්වීමේ දී

නීතියේ දෙවගන වෙතින් සාසනයට වන බලපෑම සහ

සාසනයේ ස්වාධීනත්වය බිද වැටීම





රටක් හෝ සංවිධානයක් හෝ කණ්ඩායමක් යටත් කර ගත යුතු නම් පළමුව කළ යුත්තේ එම රටේ හෝ සංවිධානයේ හෝ කණ්ඩායමේ නීතිය තමන් යටතට ගැනීමයි. ඒ අනුව බ්‍රිතාන්‍යයන් 1815 කන්ද උඩරට යටත් කර ගත් විගසම කන්ද උඩරට ගිවිසුම නමින් ලියවිල්ලක් අත්සන් කර මුළු රටම රෝම ලන්දේසී නීතියට සහ ඉංග්‍රීසි නීතියට (බ්‍රිතාන්‍ය කිරීටයට) යටත් කරගනු ලැබීය. 1815 කන්ද උඩරට ගිවිසුම අත්සන් කරන තෙක් ලංකාවේ මහා පරිමාණ ව්‍යාපෘති ආරම්භ කිරීමට බ්‍රිතාන්‍යයන් කටයුතු නොකරන ලදී. 1815 කන්ද උඩරට ගිවිසුම අත්සන් කිරීමෙන් පසු කෝච්චි පාරවල්, තේ වතු,පාසල්, පාර්ලිමේන්තු, පොලීසි, කර්මාන්ත හදුන්වා දෙනු ලැබූ අතර ජනතාවගේ සියලු කටයුතු බ්‍රිතාන්‍යය මහරැජිනගේ කැමැත්තට අනුව සිදුවිය.


එසේ වුවද 1815 කන්ද උඩරට ගිවිසුම අත්සන් කළ අවස්ථාවේ වැඩ වාසය කළ මහා සංඝරත්නය ගෞතම බුදුරජාණන්වහන්සේගේ විනය නීති (විනය පිටකය) බ්‍රිතාන්‍යය අධිකරණයට හෝ බ්‍රිතාන්‍යය නීතියට යටත් කිරීමට ඉඩ දෙනු ලැබූයේ නැත. මහා සංඝරත්නයේ මෙම උපායශීලීත්වය නිසා 1815 බ්‍රිතාන්‍යයන් මුළු රටම යටත් කර ගනිමින් නීති පනවමින් ගිහි සමාජය යටත් කර ගත්ත ද නීති පනවමින් භික්ෂූ සමාජය යටත් කරගැනීමට නොහැකි විය. මේ හේතුවෙන් භික්ෂු සමාජය සාමාන්‍ය නීතීයෙන් ස්වායක්තව බුද්ධ සාසනය සම්බන්ධව සහ බෞද්ධ සංකල්ප සම්බන්ධව තමන්ගේම වූ අනන්‍යතාවයක් බ්‍රිතාන්‍ය කිරීටය ඉදිරිවේ වුවද පවත්වා ගනු ලැබීය.


1815 බ්‍රිතාන්‍යයට යටත් කර ගැනීමට නොහැකි වූ බුද්ධ සාසනය(විනය පිටකය) අද වන විට අධිකරණයට එනම් බ්‍රිතාන්‍ය නීතියට යටත් කරමින් ඒ හරහා බ්‍රිතාන්‍යයන්ට යටත් කර දීමට බටහිර අධ්‍යාපනය නිසාම ආචාර්ය පට්ටම් සහ මහාචාර්ය පට්ටම් ගත් කිහිප දෙනෙකු බෞද්ධයන් රවටමින් උත්සාහ ගනිමින් සිටියි.. බුද්ධ සාසනය (විනය පිටකය) අධිකරණ වලට යටත් කර බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය මත පවතින පාර්ලිමේන්තු ක්‍රමයට සහ අධිකරණයට යටත් කර 1815 බ්‍රිතාන්‍ය හමුදාවලට කළ නොහැකි වූ දේ කර දෙමින් බුදු දහම දියකර හැර අන්ආගමිකයන්ගේ දර්ශන බුදු දහමට අධිකරණ විනිසුරුවරු හරහා එන්නත් කරවීම මෙහි ඇති දිගු කාලීන අනතුර යි.


1815 ගිවිසුම මගින් තමන් රැවටී ඇති බව ඇහැළපොල ආදී උඩරට ගිවිසුමට සහාය දුන් නිළමේවරුන්ට වැටහුනේ අශ්වයා ඉස්තාලයෙන් ගිය පසුය. ඒ වන විට ඔවුන් ප්‍රමාධ වී සිටි අතර බ්‍රිතාන්‍ය හමුදාවල බයිනේත්තුවට සිය දිවි පූජා කිරීමට සිදු විය. බුදු රජාණන්වහන්සේගේ විනය පිටකය සම්බන්ධව ඉංග්‍රීසි නීතිය ක්‍රියාත්මක කරන අධිකරණ හරහා අන්ආගමික විනිසුරුවරු හරහා භික්ෂූ සමාජය අනතුරේ හෙළන විට කරගත්තු දේට මක්කොරන්නද කියනවා හැර වෙන දෙයක් කිරීමට ඉඩක් නොවනු ඇත. මෙම ලිපිය එකී අනතුර සම්බන්ධව පැහැදිළි කරයි. තවද මෙම ලිපිය පළ කිරීම සදහා එක් මාධ්‍ය ආයතනයක් භාරගත්තද ඉහළින් ආ නියෝගයක් කියමින් මෙය පළ නොවී ය.


බුදුරජාණන් වහන්සේගේ විනය නීති වර්තමාන භික්ෂූන් පිළිනොපදින බවද භික්ෂූ සමාජය දූෂණය වී ඇති බවද මේ කරුණු මත සාසනය පිරිහී යන හෙයින් එය වහා පිරිසිදු කළ යුතු බවට වන සාකච්ඡාවක මෑත කාලීන ලාංකික සමාජයේ පැවති බවත්,වහා පාර්ලිමේන්තුව විසින් නීති පනවා බුදුරජාණන් වහන්සේගේ විනය නීති කඩකරන භික්ෂූන්ට සිරදඩුවම් ඇතුළු දණ්ඩන අධිකරණ පද්ධති හරහා පැනවීමට පාර්ලිමේන්තුව සහ සමාජයේ කිහිප දෙනෙකු උත්සාහ දරමින් සිටියි. ඒ අනුව විවිධ නිකායන් සහ පාර්ශවයන්ගෙන් සමන්විත සාසන කුලක වෙත අධිකරණ මගින් දණ්ඩන නියම කරගැනීම සහ සාමන්‍ය නීතිමය අධිකාරීත්වය ලබා ගැනීම කවර ප්‍රතිඵලයක් ගනීවිද යන්න විමසීමට තමව අවස්ථාව නොවුණ ද,  එහි දී සිදුවිය හැකි කරැණු කාරණා හදුනා ගැනීමද අපහසු නො වෙයි.


දඩුවම් කරන බෞද්ධ ශික්ෂණ ක්‍රමයට උදාහරණයකි භද්දාලි භික්ෂුව හමුවේ බුදුරජාණන් වහන්සේ දෙවරක් සමාව දීම ප්‍රතික්ෂේප කිරීම. තෙවන වර සමාව අයදීමේදී වරද වරද ලෙස සළකා ආයති සංවරය සදහා පිළියම් කිරීම බුදු සසුනේ උත්තම ලක්ෂණයක් හෙයින් සමාව දීමට තීරණය විය. බුදුරජාණන් වහන්සේ වැඩ වෙසේද්දී  ම විනය ශික්ෂාපද කඩ කරමින් ක්‍රියා කළද භද්දාලි භික්ෂුව රාජ නීතියට යටත් කිරීමක් බුදු සමයේ දක්නට නො වීය. බුදුරජාණන් වහන්සේ භික්ෂුව වෙනුවෙන් විනය අදාලව පණවන ලද වැඩිම දණ්ඩනය ලෙස චන්න භික්ෂුවට පනවන ලද බ්‍රහ්මදණ්ඩනය සැළකිය හැකිය. බුදු දහම හෝ සාසනික විනය උල්ලංඝණය කිරීමේ දී පළිගැනීම හෝ කායික පීඩා ගෙන දෙන දණ්ඩන නියම කිරීමක් බුදුරජාණන්වහන්සේ අනුදාන වදාල බවක් නො දැක්වේ.  දෙතිස් දඩුවම් සහ තෙතිස් අධිකරණ විධි සිංහල සමාජය පාලනය කිරීමට පැවති බවමුනිදාස කුමාරතුංගයෝ තිසර දීපනියෙහි ප්‍රකාශිත වුවද විනය ශික්ෂාපද කඩ කරමින් ක්‍රියා කළ පමණින් භික්ෂූන් කායික දණ්ඩන වලට යටත් කිරීමක් බෞද්ධ ඉතිහාසයේ දක්නට උගහටය. සාමාන්‍ය නීතිය යටතේ භික්ෂුවක් වරදක් කළ විට දණ්ඩන පැනවීම සහ ශික්ෂාපද හෝ විනය කතිකාවත් උල්ලංඝණය කිරීමේදී කායික දණ්ඩන පැනවීම වෙනස් වන ආකාරය නැණසින් විමසිය යුතුය.


විශ්වාස, කුසල්, අකුසල්, පුනරුප්පත්තිය සහ ප්‍රතිපත්ති පසෙක ලා බෞද්ධ දර්ශනය ශික්ෂාපද ඇතුලත් විනය කරුණු කතිකාවත් උල්ලංඝණය මත භික්ෂූන් සිරගත කිරීම මගින් සංඝයා බේද කිරීම හෝ වෙනත් ආගමික මූලධර්ම යෝජිත ථේරවාදී භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත මගින් නීතිගත කරන්නේ ද යන්න මනසින් මැදිහත්ව විමසා බැලීම සෑම බෞද්ධයෙකුගේ ම වගකීම සහ යුතුකම වෙයි. යෝජිත පනත් කෙටුම්පතේ ඇති නීති ප්‍රතිපාදන මගින් විපාක දීම යන බෞද්ධ සංකල්පය විපාක දෙවීම මගින් විස්ථාපනය වන තත්ත්වයක් ද ඇති කරයි. ගිහි පැවිදි අන්තර් සම්බන්ධතාවය නිසි පරිදි අනවබෝධිතව කරුණු කාරණා පෙළ ගැස්සවීම භික්ෂූන් ට මෙන්ම ගිහියන්ට ද කැප නො වන බව පාර්ලිමේන්තුව මෙන්මනීති විශාරදයන්ද වටහා ගැනීම සුදුසු වෙයි.


වර්තමානයේ ලංකාවේ පවතින නීති ක්‍රමය රෝම ලන්දේසි නීතිය සමග මුසු වූ ඉංග්‍රීසි නීති මූලධර්ම මත පදනම් වී . වර්ෂ 1815 බ්‍රිතාන්‍යයන් විසින් අත්සන් කළ උඩරට ගිවිසුම මගින් මුළු රට ම බ්‍රිතාන්‍යය කිරීටයේ අණසකට යටත් වීම ආරම්භ විය. එවකටත් පැවති රෝම ලන්දේසි නීතිය සහ එංගලන්ත ඉංග්‍රීසි නීතිය (පොදු නීතිය) සහ එංගලන්ත නීති වාර්තා අනුව ලංකාවේ පාලන කටයුතු සිදු කරනු ලැබීය. වර්ෂ 1815 දී උඩරට ගිවිසුම අත්සන් කිරීමට උඩරට ප්‍රධානීන් එකග වුවද,  බුදුරජාණන් වහන්සේගේ විනය නීති බ්‍රිතාන්‍ය පාලකයන්ට යටත් කර නොදීමට පරිස්සම් වූ අතර විනය නීති බ්‍රිතාන්‍යයන්ගේ පාලනයෙන් ස්වාධීනව භික්ෂූන් විසින් ක්‍රියාත්මක විය.  බ්‍රිතාන්‍ය පාලකයන් බුදුරජාණන් වහන්සේගේ විනය නීති අදාල කරමින් නීති පනවනු නොලැබූ අතර විහාර දේපල පාලනයට පමණක් 1931 අංක 19 දරන විහාර සහ දේවලගම් පනත නමින් නීතියක් පනවනු ලැබූ අතර ශික්ෂාපද හෝ විනය කතිකාවක් කඩකිරීමට දඩුවම් කිරීම සදහා විශේෂයෙන් නීතියක් පනවා නො තිබිණ. විහාර සහ දේවලගම් පනත හුදෙක්ම විහාර සතු ඉඩම් සහ විහාරාධිපතිධූරය සමබන්ධ සීමිත කරුණු විනිශ්චය කිරීමට පනවන ලද නීතියක් වූ අතර එමගින් බුදු දහමේ දාර්ශනික පදනමට අන් ආගමික විනිසුරුවරුන්ට බලපෑමක් කළ නොහැකි විය.


වර්තමාන යොජිත කතිකාවක් නීතිය එසේ නොවේ.2015 දෙසැම්බර් මස 14 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ පලකරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙට්මුපත මගින් ශ්‍රී ලංකාවේ ථේරවා දී භික්ෂූන්ගේ නිකාය හෝ පාර්ශ්වයන්ට අදාළව කතිකාවත් වල විධිවිධානවලට පටහැනිව කටයුතු කරන භික්ෂූන් වහන්සේලා ට දණ්ඩන පැනවීම සඳහා ද, ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම සිදු කර ඇත. බුදුන් වහන්සේගේ ධර්මයේ ශික්ෂාපද සම්බන්ධ විනය කතිකාවත්වලට අදාලව භික්ෂූන් වහන්සේලාට දණ්ඩන පැනවීම සඳහා මෙම පනත් කෙටුම්පත ගෙනවිත් ඇති බවත් බුද්ධ සාසනයට අදාල විනය නීති සදහා අන් ආගමික විනිසුරන්ද තීරණ ගන්නා අධිකරණ හරහා නෛතික බලය හිමිකර ගැනීමටත් බව එහි පූර්විකාවේ හදුන්වා දී ඇත. බුදුන් වහන්සේගේ ධර්මයේ ශික්ෂාපද හෝ විනය වෙනුවෙන් දණ්ඩන හදුන්වාදීමක් මෙම කෙටුම්පතේ 11.2 වගන්තිය නියම කර ඇති හෙයින් රටේ සෑම පුරවැසියකු ම මෙම මෙම දණ්ඩන සම්බන්ධව සහ බුදු දහම සමග බැදී පවතින අවිහිංසාවාදීත්වය, දැහැමිබව,අවෛරීත්වය සම්බන්ධව ඝට්ටනයක් මෙම නීතිය මගින් ඇති කරන්නේද යන්න විමසීම වැදගත් වෙයි.


වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27,28 සහ 29 වන ව්‍යවස්ථා ඇතුළත්වන රාජ්‍ය ප්‍රතිපත්ති මෙහෙයවීමේ මූලික මූලධර්ම හා යුතුකම් යනුවෙන් පරිච්ඡේදයක් ඇත. රජය සහ ජනතාවගේ යුතුකම් සහ වගකීම් සම්බන්ධව අදාලවන මෙම පරිච්ඡේදය අධිකරණය මගින් ක්‍රියාත්මක කර ගැනීමට හෝ බලාත්මක කරගත නො හැකි අතර නීතිය මගින් කිසිදු බැදීමක් ද ඇතිකර නැත. ධර්මිෂ්ඨ නිවහල් සමාජයක් ඇති කිරීමේ දී රජය සහ ජනතාව අතර ඇති යුතුකම්වලට අධිකරණ බලය සහ නෛතික අයිතිය පිරිනොනමා තිබියදී බුදුරජාණන් වහන්සේගේ ධර්මය සහ ආශ්‍රිත විනය පිටකය සදහා අධිකරණ බලය ලබාගෙන භික්ෂූන් වහන්සේලා අධිකරණවලට කැදවා නෛතිකව බැද දමමින් මේ සිදු කරන්නට යන්නේ කුමක්ද විමසීම සෑම පුරවැසියෙකුගේ ම අයිතියකි. යෝජිත පනත් කෙටුම්පතේ 11.2 වගන්තිය මගින් මහේස්ත්‍රාත්වරයකු බුද්ධ දර්ශනය සහ භික්ෂුවගේ විනය සම්බන්ධව ලඝු ලෙස නඩු විභාගකර වරදකරු වන භික්ෂුවට මාස 06 කට නො වැඩි කාලයක් සදහා බන්ධනාගාරගත කිරීම හෝ රු. පනස් දහසකට වඩා වැඩි නො වන දඩයක් නියම කරන නීති හදුන්වා දී ඇත.


බුදුරජාණන් වහන්සේ දේශනාකර ඇති ධර්මය සහ විනය පිටකය සහ ශික්ෂාපද සම්බන්ධව අලුතින් අපරාධ නීති ප්‍රභේද භික්ෂූන් වහන්සේ වෙත පමණක් හදුන්වා දී ගිහියන් විසින් නඩු විභාග කර දඩුවම් නියම කිරීම සහ සාමාන්‍ය අපරාධ නීතිය යටතේ පුරවැසියන් ලෙස භික්ෂූන් සිදුකරන වැරදි සම්බන්ධව ගිහියන් විසින් නඩු විභාග කර දඩුවම් නියම කිරීම සමාන තත්ත්වයක් නො වෙයි.  බුද්ධ ධර්මයේ එන ශික්ෂාපද හෝ විනය පිටකය සම්බන්ධව සහ ඒ ආශ්‍රිතව ගිහියන් විසින් නඩු විභාග කර භික්ෂූන්වහන්සේ සිරගත කිරීමක් හෝ දඩ අයකර ගැනීමක් බෞද්ධ ඉතිහාසයේ දක්නට නැත.


වර්තමානයේ දී භික්ෂුවක් හෝ වෙනත් අයෙක් අපරාධයක් කළ විට එම අපරාධයට අදාලව දණ්ඩන පැනවීමට පවතින අපරාධ නීතිය මගින් වැරදි හදුන්වා දී ඇත. උදාහරණ ලෙස දණ්ඩ නීති සංග්‍රහයේ 366 වගන්තිය යටතේ හොරකම ද, 364 වගන්තිය යටතේ ස්ත්‍රී දූෂණය ද, 398 වගන්තිය යටතේ වංචා කිරීම ද,  138 වගන්තිය යටතේ නීති විරෝධී රැස්වීම ද ආකාරයට අපරාධ ලෙස දක්වා අර්ථකතනය කර ඇති නීති පෙන්වා දිය හැකිය.


මේ ආකාරයට භික්ෂූන් ඇතුළු සමාජය පාලනය කිරීමට නීති තිබිය දී බුදුරජාණන් වහන්සේ දේශනාකර ඇති ධර්මය සහ විනය පිටකය සහ ශික්ෂාපද සම්බන්ධව අලුතින් අපරාධ නීති කොට්ඨාසයක් මෙ රට අධිකරණයට හදුන්වා දීමට යෝජිත ථේරවාදී භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත මගින් ප්‍රයත්න දරා තිබීම සම්බන්ධව පෙරදිග බුද්ධි කතිකාවක් ඇරඹිය යුතුය. මෙය විධායකයට,ව්‍යවස්ථාදායකයට හෝ අධිකරණයට පමණක් හිමි වගකීමක් නො වන අතර එකී මායිම් ඉක්මවා ගිය සෑම බෞද්ධයකුට ම හිමි වගකීමක් බව සිහි කර ගැනීම වටී.

දැනට අපරාධ ලෙස පාර්ලිමේන්තුව විසින් හදුන්වා දී ඇති වැරදි සම්බන්ධව මහේස්ත්‍රාත්වරු සහ මහාධිකරණ විනිසුරුවරු නඩු විභාග කරති.  බුදුරජාණන්වහන්සේ ගේ ධර්මයට අදාලව සහ විනය පිටකය සහ බුද්ධ දර්ශනය සහ ශික්ෂාපද සම්බන්ධව වන කරුණු සම්බන්ධව එකී විනය කරුණු අපරාධ වරදක් ලෙස නීති ගතකර මහේස්ත්‍රාත් අධිකරණයේ ලඝු නඩු විභාගයකින් භික්ෂූන්වහන්සේ හිරේ දැමීම හෝ දඩ අය කර ගැනීම අතර කොතරම් දුරට බුදු දහමේ හර පද්ධතියට අනුකූලද? මෙම පශ්නයට පිළිතුරු මැදිහත්ව බැලීම බුද්ධිමතුන්ගේ වගකීමකි. මෙය සුළුවෙන් තැකිය හැකි මටසිලුටු තත්ත්වයක් නො වන අතර ඉංග්‍රීසි නීති සම්ප්‍රදාය සහ එංගලන්ත නීති වාර්තා මත පදනම් වන අපරදිග චින්තනය ස්ථාපිතකර ආරක්ෂා කරණ මූලික අයිතිවාසිකම් හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලක්වය සම්භන්ධ නඩුවලින් විසදාගත හැකි පහසු ප්‍රශ්නයක් ද නො වේ. ජනාධිපතිවරණය පැවත්විය යුතු දිනය තීරණය කිරීමේ දී පවා මෙ රට අධිකරණ අවස්ථා දෙකකදී වෙනස් තීරණ දුන් බවත්, යම් නඩුවක දී ගොයම් කොළයට මුවා වී වෙඩි තැබිය හැකිද යන තර්ක මතු වූ බවත්, තවත් නඩුවක දී මොල් ගස මිනීමැරූ බව ප්‍රශ්න ගත වූ බවද ජනතාවගේ මතකයෙන් ගිලිහී නැත. යුක්ති සංකල්ප මත අධිකරණවල තීරණ ගත්තේ වුවද තර්ක ඉදිරිපත් කරන නීතීඥවරයාගේ තරාතිරම සහ වටිනාකම මත නඩු වේ තීරණ විචලනය වන බවද,  විනිසුරුවරයාගේ පෞද්ගලික ආකල්පය නඩුවේ විනිශ්චය තීරණය වන බව ද නව නීති වාර්තා එංගලන්ත නීති වාර්තා අධ්‍යයනය කිරීමේදී පැහැදිලි කර ගත හැකිය.

ශ්‍රී ලංකාවේ අධිකරණ පෙරදිග චින්තනයෙන් සහ පෙරදිග සංස්කෘතියෙන් දුරස්ථ වී ඇති බව අධිකරණ සම්ප්‍රදායන් අනුව මෙන්ම අධිකරණ ආචාර විධි අනුවද දැක ගත හැකිය. රජු හෝ ජනාධිපතිවරයා ඉදිරියේ අසුනෙන් නො නැගිටින භික්ෂූන් විනිසුරුවරුන් ඉදිරියේ අසුනින් නැගිටීම ඒ සදහා එක් උදාහරණයක් පමණි.මෙම අපරදිග නීති සම්ප්‍රදාය නිවරදි භික්ෂුව වුවද යටත් වේ. රාහුල කුමරා මහණ කළ අවස්ථාවේ පවා සුද්ධෝදන රජු රාජ නීතිය ක්‍රියාත්මක නො කිරීමෙන් අපට ඉගෙනගත හැකි පාඩම් බොහෝ ය.


යෝජිත භික්ෂු කතිකාවත් නීති ගත කිරීමට ප්‍රයත්න දැරීම මගින් බුද්ධ සාසනයේ විනය පිටකය එංගලන්ත නීති වාර්තාවලට සහ රෝම ලන්දේසි නීතියට යටත් කිරීමට ද යන කුකුස සහ බුද්ධ විනය පිටක අපරාධ ලෙස නව අපරාධ සංස්කෘතියක් රටට හදුන්වාදීම ද යන්න පළමුව නිරාකරණය කර ගත යුතුය. විනය පිටකය සම්බන්ධ කරණු අපරාධ වැරදි ලෙස අර්ථ දක්වා නව නීති පනවා, භික්ෂූන් වහන්සේ ලා මහේස්ත්‍රාත් අධිකරණය හරහා සිරගත කිරීමට යාමේ දී අන්‍ය ආගමික නීතීඥවරැන් ට සාංඝීක දේපල නඩු ගාස්තු ලෙස අයකර ගැනීමට හැකිවන තත්ත්වයක් ඇතිකරයි ද සහ එකී බෞද්ධාගමික නඩු අන්‍ය ආගමික ගිහියන් විසින් විභාග කිරීම සහ විනය පිටකය සහ පෙරදිග නීතිය නො දන්නා සහ පෙරදිග සංස්කෘතිය සහ පෙරදිග චින්තනය නො හදුනන හෝ අනවබෝධිත නීතී විශාරදයින් විසින් මෙම නඩු සදහා කරන බලපෑම කොතෙක් දුරට සම්බුද්ධ සාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් බලපාන්නේ ද යන්න බුද්ධි ගෝචර කිරීම සුදුසු වෙයි.


මහා සංඝරත්නය අතර පවා එක් භික්ෂු කතිකාවතකට පමණක් එකගතාවය නොතිබිය දී ලියා පදිංචි කරන භික්ෂු කතිකාවත් වල දත්ත මත පදනම් වී භික්ෂූන්ට කායික පීඩීත දණ්ඩන පැනවීම බුදු දහමේ අවිහිංසාවාදී හර පද්ධතියට ඇති කරන අගතිකාමී තෙරපුම බලවත් ය.

ආගම අනුව කායික දඩුවම් පැමිණවීමේ ආගම් ලෝකයේ වෙති.ආගම මගින් ම මනුශ්‍ය ඝාතනය,  අත් කැපීම, ගල් ගැසීම,  කස පහර දීම අනුමත කරන ආගම්වලට වඩා බුදු දහම තීරණාත්මකව අපගමනය වෙයි. (සැ. යු. ආගම් අනුව විවිධ වන කායික දඩුවම් විවේචනය කිරීමක් කිරීම මෙම ලිපියෙන් සිදු නො කරන බව සළකන්න) කායික දඩුවම් අනුමත කරන ආගම් තිබුණ ද බුදු දහම පිළි නො පැමේ දී බුදු දහම පිළිපදින ලෙස කායික දණ්ඩන පනවා නැති අතර,  බුදු දහම විසින් කෘතීම ආකාරයට කුසල් අකුසල් පළ දීමට ද සළස්වා නැත. බුදුරජාණන් වහන්සේගේ ධර්මය සම්බන්ධ කරමින් බුද්ධ විනය පිටක අපරාධ වර්ගයේ නව අපරාධ වරදක් නීතිගත කර බුදු දහම වෙනුවෙන් භික්ෂූන් සිරගත කරවීම කො තෙක් දුරට බෞද්ධ දර්ශනයට එකග ද යන්න මනසින් විමසිය යුත්තේ එහෙයිනි. යෝජිත ථේරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතේ 11.2 වගන්තිය යටතේ බෞද්ධ විනය සම්බන්ධ වන වෙනස් කම් අපරාධ වැරදි ලෙස සළකා මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලඝු නඩු විභාගයකින් පසු දඩුවම් නියම වුවහොත් බන්ධනාගාරගත කිරීම සහ දඩ අයකර ගන්නා දණ්ඩන නියම මහේස්ත්‍රාත්වරයා විසින් ක්‍රියාත්මක කරන අතර අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන යටතේ එකී මහේස්ත්‍රාත් අධිකරණ නියෝගයට එරෙහිව පළාත්බද මහාධිකරණයට ද ඉන් පසු ශ්‍රේෂ්ඨාධිකරණයටද අභියාචනා හෝ ප්‍රතිශොඅධන කරන ක්‍රමවේද සක්‍රීය වෙති. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 ව්‍යවස්ථාව යටතේ අභියාචනාධිකරණයේ රිට් අධිකරණ බලයද සාක්ෂි ආඥා පනතේ විධිවිධානද බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාල කිරීමට මෙම පනත් කෙටුම්පත නීති ගත කිරීමට සැරසෙන ගිහි පැවිදි පිරිසේ අදහසද විය නො හැකි වුවද මෙරට අධිකරණ පද්ධතිය තුළට නඩුවක් ලෙස කරුණක් ඉදිරිපත් වූ විට එය එසේ නො වන බවද කිව නො හැකි වෙයි.


පොදු රාජ්‍ය මණ්ඩලය නීති මූලධර්ම, ඉංග්‍රීසි නීති ක්‍රමය, අපරදිග නීතී සිද්ධාන්ත ගුරු කොට ගන්නා ලාංකීය අධිකරණ පද්ධතියට පෙරදිග චින්තනයෙන් පෝෂිත බුද්ධ දර්ශනයේ සිද්ධාන්ත කොතෙක් දුරට සමපාතී වනු ඇත් ද යන්න මෙම පනත් කෙටුම්පත නීතියක් වූ පසු පැහැදිලි වනු ඇත. බ්‍රිතාන්‍ය නීතී සම්ප්‍රදාය ප්‍රමුඛස්ථානයේ සැළකෙන නීති ක්‍රියාත්මක වන අධිකරණයක දී බෞද්ධ දර්ශනය කොතෙක් දුරට පෙරදිග ස්වභාවිකත්වය අනන්‍යතාවය පවත්වා ගනීවිද යන්නද ඒ සමග පෙනී යනු ඇත. එහි දී බෞද්ධ නොවන විනිසුරන්ට ද ගිහියන්ට ද බුදුන් වහන්සේගේ ධර්මය සම්බන්ධව එංගලන්ත නීති වාර්තා ඇසුරෙන් නීති අර්ථනිරූපන ලබා දීමට අවස්ථාව විවර වන අතර එහි දී බුදුදහමට අන්‍ය ආගමික මත ඇතුළත් වීම වළක්වන්නේ කෙසේද යන්න සම්බන්ධව යෝජිත පනත් කෙටුම්පත නිහඩ ය. එමෙන්ම අන්‍යගාමිකයන් ද සිටින බටහිර සංස්කෘතිය ප්‍රධාන කරගත් අධිකරණයක දී ශික්ෂාපද හෝ විනය කතිකාවත් උල්ලංඝණය කිරීම සම්බන්ධව ලඝු නඩු විභාග පවත්වා බෞද්ධ භික්ෂූන්ට දණ්ඩන පැනවීම කොතරම් දුරට බුදු දහමේ පැවැත්මට සහ ආරක්ෂාවට හිතකර වන්නේ ද යන්න ගෝචර කිරීම ද සුදුසුය.


බෞද්ධාගමික භික්ෂූන් පමණක් පාලනය කිරීම සදහා පැනවීමට යන මෙම අපරාධ නීති වර්ගය හේතුවෙන් ආගමික සදාචාරය සහ ඉංග්‍රීසි නීතිය සහ පෙරදිග සංස්කෘතිය අතර බැදී පවතින සාමූහික මූලයන් බිදී යාමට ඉඩ ඇති අතර යෝජිත පනත් කෙටුම්පත මගින් ඉදිරිපත් කර ඇති දණ්ඩන සහ පවතින අධිකරණ හරහා බුදුරජාණන් වහන්සේගේ විනය නීති ක්‍රියාත්මකකර ගැනීමට යාම ස්ව්යෙඅං ප්‍රත්‍යක්ෂ ලෙසම සදාචාරයට පටහැනි බවද, ඒවා දෙවැනි වන්නේ දකුණු අප්‍රිකා කළු ජාතිකයන් වෙන්වෙන් හදුන්වා දුන් ඇපාතයිඩ් වර්ගයේ වර්ගවාදී නීති කුලකයට බවද මේ අනුව පෙනී යනු ඇත.


පවතින අධිකරණ ථේරාවලිය හරහා බුද්ධ සාසනය ආරක්ෂා කිරීමට ගන්නා මෙම නීති පියවර අවසානයේ දීශානති වන්නේ බුද්ධ සාසනයේ දියුණුවට ද පරිහාණියටද යන්න ඉදිරියේදී අධිකරණවලදී මතු වන නීති තර්ක මගින් විනශ්චය වනු ඇත.

2016.01.31


(මෙම ලිපිය 2015 මාර්තු මස 30 වැනි දින රිවිර පුවත්පතේ 22වැනි පිටුවේ පළ වී ඇත.)(ජීවිතයට නීතිය පිටුව)

නිදහස් නිවහල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගන්නා තෙක් බ්‍රිතාන්‍යයන් ඇති කළ ජාතිවාදය, වර්ගවාදය පවතිනු ඇත.


ජාතික ගීය දෙමළෙන් ගැයීම වැළක්වීම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමකි.


ශ්‍රී ලංකාවේ ජාතික ගීය ගායනා කරන භාෂාව සම්බන්ධව සමාජ කතිකාවක් මේ දිනවල සමාජයේ පවතින අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවඇසුරෙන් ඒ සම්බන්ධව නීතිමය විමසා බැලීමක් මෙම ලිපියෙන් අපේක්ෂා කරයි.


රටක ප්‍රධාන නීති ලියවිල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වන බව පිළිගැනීමයි. ප්‍රජාතන්ත්‍රවා දී සමාජයක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමාජය පාලනය කරන පටිපාටිය දක්වයි. පුරාණ ග්‍රීසියේ දී ප්‍රජාතන්ත්‍රවාදී සමාජය බිහිවීමත් සමගම ඇතිවූ පුද්ගල නිදහස ආරක්ෂා කරන පාලන සැළැස්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බවට ද යමෙකුට අදහස් දැක්විය හැකිය. ජනතාව විසින් පාලනය කිරීමේ අදහස ප්‍රජාතන්ත්‍රවාදය තුළ ගැබ් වී තිබෙන අතර දේශපාලනික ස්ථාවරත්වය , සමානත්වය, වගකීම් සහිතබව, මැතිවරණ පැවැත්වීම,  ආර්ථික නිදහස, මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම,  බහු පක්ෂ ක්‍රමය,  නීතියේ පාලනය සහ මැතිවරණවල ප්‍රතිඵල පිළිගැනීම යන මූලික ලක්ෂණ කිහිපයක් ප්‍රජාතාන්ත්‍රික සමාජයක දක්නට ලැබෙයි. ප්‍රජාතන්ත්‍රීය සමාජයක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලිඛිතව පැවතිය ද රටවල් කිහිපයක ලිඛිත නොවූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ඇත. ශ්‍රී ලංකාවේ ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට පිරිනමා ඇත.

1978 සැප්තැම්බර් මස 07 වන දින එවකට ජනාධිපතිව සිටි ජේ.ආර් ජයවර්ධන මහතා විසින් ගැසට් පත්‍රයේ ප්‍රකාශයක් මගින් නියම කිරීමෙන් වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වන අතර මෙ රට සිටින සෑම පුරවැසියකුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ට යටත් වෙයි. අප කැමති වුවත් නැතත්, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ පවතින මූලික නීතිය යි. එහි දෝෂ තිබුණේ වුවද අප සියලු දෙනාම එකී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවවෙන් බැදී සිටිති. දැනට වසර 30කට වැඩි කාලයක් තිස්සේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වන අතර එය මේ වන විට 19 වතාවක් සංශෝධනය වී ඇත.


1978 ආණ්ඩුක්‍රම ව ව්‍යවස්ථාව සිංහලෙන්, දෙමළෙන් සහ ඉංග්‍රීසියෙන් පළ කර ඇති අතර රජයේ මුද්‍රණාලය විසින් සිංහලෙන්, දෙමළෙන් සහ ඉංග්‍රීසියෙන් එය මුද්‍රණය කර ඇත. සිංහලෙන් පළ කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2වන ව්‍යවස්ථාවේ “ශ්‍රී ලංකා ජනරජය ඒකීය රාජයකි” ලෙස දක්වා ඇත. එමෙන්ම දෙමළ භාෂාවෙන් පළකර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවවේ 2වන ව්‍යවස්ථාව වේ “ඉලංගෙයික් කුඩියරචු ඔට්ට්‍රෛයාච්චි උඩෛ අරසාගුම්” ලෙස දක්වා ඇත’ මෙහි “ඔට්ට්‍රෛයාච්චි” යනු “ඒකීය” යන සිංහල වචනයට අදාල දෙමළ අර්ථය වෙයි.  ඒ අනුව දෙමළ භාෂාවෙන් පළකර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 2වන ව්‍යවස්ථාවේ ඇති “ඔට්ට්‍රෛයාච්චි” යන වචනයෙන් බැහැරව ක්‍රියාකිරීමට දෙමළ ජාතිකයන්ට හැකියාවක් නැත.


ජාතික ගීය සම්බන්ධව විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7වන ව්‍යවස්ථාවේ දක්වා ඇත. ඒ අනුව සිංහලෙන් පළ කර ඇති වර්තමානආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ “ශ්‍රී ලංකා ජනරජයේ ජාතික ගීය “ශ්‍රී ලංකා මාතා” ගීය වන්නේ ය’ ජාතික ගීයේ පදමාලාව සහ සංගීතය තුන්වන උපලේඛනයේ  දැක්වෙන්නේ ය’ ” ලෙස දක්වා . ඒ අනුව සිංහලෙන් පළකර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවසැළකීමේ දී ශ්‍රී ලංකාවේ ජාතික ගීයේ පදමාලාව “ශ්‍රී ලංකා මාතා” බව තහවුරු වෙයි’ දෙමළ භාෂාවෙන් පළකර ඇති වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වන ව්‍යවස්ථාවේ “ඉලංගෙයික් කුඩියරසින් තේසිය ගීදම් “ සිරි ලංකා තායේ ” එන්බදාහ ඉරුත්තල් වේණ්ඩුම් අදන් සොට්ට්‍රකලුම් ඉසෛයමෛප්පුම් මූන්ඩෘම් අට්ටවණෛයිල් තරප්පට්ටවාරු ඉරුත්තල් වේණ්ඩුම්” ලෙස දක්වා ඇත. ඒ අනුව දෙමළෙන් පළකර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැළකීමේ දී ශ්‍රී ලංකාවේ ජාතික ගීයේ පදමාලාව “ සිරි ලංකා තායේ ” බව දක්වා ඇත.


සිංහලෙන් පළකර ඇති වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3වන උපලේඛනයේ “ ශ්‍රී ලංකා මාතා අප ශ්‍රී ලංකා නමො නමෝ නමෝ මාතා”ලෙස වන සම්පූර්ණ පදමාලාව සහ සංගීතය දක්වා ඇත. එමෙන්ම දෙමළෙන් පළකර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3වන උපලේඛනයේ “ ශ්‍රී ලංකා තායේ නම් ශ්‍රී ලංකා නමො නමෝ නමෝ තායේ ” ලෙස වන සම්පූර්ණ පදමාලාව සහ සංගීතය දක්වා ඇත. ඒ අනුව “ ශ්‍රී ලංකා තායේ නම් ශ්‍රී ලංකා නමො නමෝ නමෝ තායේ ” වන ජාතික ගීය දෙමළෙන් ගැයීමට අවශ්‍ය විධිවිධාන වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පිළිගෙන ඇති බව පැහැදිලි වෙයි. (යම් කිසි අයෙකුට මේ සම්බන්ධව සැකයක් පවතී නම් දෙමළ බසින් මුද්‍රිත වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7වන ව්‍යවස්ථාව සහ 3වන උපලේඛනය අධ්‍යයනය කිරීමෙන් මෙම ගැටළුව නිරාකරණය කර ගත හැක.)


වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිංහල, දෙමළ, ඉංග්‍රීසි මුද්‍රණයේ ජාතික ගීයට අදාල සංගීතය සමාන ආකාරයෙන් දක්වා ඇති නමුත් ජාතික ගීයේ සිංහල පදමාලාව සිංහල භාෂාවෙන් වන වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේද , ජාතික ගීයේ දෙමළ පදමාලාව දෙමළ භාෂාවෙන් වනවර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාෙවේ ද දක්වා ඇත.වැදගත් කරුණ වන්නේ ජාතික ගීයේ ඉංග්‍රීසි පදමාලාව ඉංග්‍රීසි භාෂාවෙන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා නො තිබීම. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජාතික ගීයේ ඉංග්‍රීසි පදමාලාව වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිළිගෙන නැති හෙයින් ඉංග්‍රීසි භාෂාවෙන් ජාතික ගීය ගැයීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් වේ. නමුත් දෙමළ භාෂාවෙන්වන පදමාලාව සහ සිංහල භාෂාවෙන් වන පදමාලාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිළිගෙන ඇති හෙයින් සිංහලෙන් සහ දෙමළෙන් ජාතික ගීය ගැයීම හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිළිගෙන ඇති පදමාලාවකින් ජාතික ගීය ගායනා කිරීම කිසිසේත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් නො වේ.


1978 ආණ්ඩුක්‍රම ව්යෙඅවස්ථාව පනවන අවධියේ සිටිම දෙමළ භාෂාවෙන් වන ජාතික ගීයේ පදමාලාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිළිගෙන ඇති හෙයින් එකී පිළිගත් අයිතියක් නොතකා සිටින්නේ නම් 2වන ව්‍යවස්ථාවේ ඇති “ඒකීය” යන්න එනම් දෙමළ භාෂාවෙන් වන“ඔට්ට්‍රෛයාච්චි” යන්න දෙමළ ජනතාව විසින් නොතකා සිටීමට  ක්‍රියාකළ හොත් ඇතිවන තත්වයද තේරුම් ගත යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නියමයන් අනුව කටයුතු කිරීම සෑම පුරවැසියකුගේ ම යුතුකම වගකීම වෙයි. වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පිළිගෙන ඇති කරුණක් වෙනස් කරන්නේ නම් ඒ සදහා අනුගමනය කළ යුතු පියවරද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දක්වා ඇති අතර යම් ජන කොටසකගේ අයිතියක් බලහත්කාරයෙන් යටපත් කිරීම නීතියේ පාලනය නො වේ.

2016.01.30


බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ විනය පාලනය කිරීමේ නීති කෙටුම්පතක් (ථේරවාදී භික්ෂු කතිකාවත) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධ විවිධ අදහස් ඉදිරිපත් වෙමින් ඇත. මේ පනත ගේන්න යන්නේ නූතන ජෝන් ඩොයිලිලා විසින් බව ජනතාවට ඒත්තු නොයන ආකාරයට ක්‍රියා කිරීම සැමගේ වගකීමය. ජෝන් ඩොයිලි යනු සිංහල සහ බුදු දහම මැනවින් උගෙන නායක හිමිවරැන් සමග හිතවත්ව වර්ෂ 1815දී කන්ද උඩරට රාජධානිය බ්‍රිතාන්‍යයන්ට යටත් කර දුන් රාජ්‍යතාන්ත්‍රක දූතයෙක් විය.


මේ පනත ගේන ඒමට අවශ්‍යම නම් පහත කොන්දේසි 07 සපුරා ගෙන එන ලෙස දැනුවත් වෙමු.


1. භික්ෂුන් අරභයා ගෙන ඒමට නියමිත නව පනත් කෙටුම්පතට අදාල නඩු විභාග කිරීමේ විනිසුරැවරැන් ලෙස ගිහි පුද්ගලයින් පත් නො කළ යුතුය. මෙම නඩු විභාග කිරීමට බෞද්ධ දර්ශනය, පාලි, විනය පිටකය සම්බන්ධව මනා අවභෝධයක් ඇති උගත් සංඝයාවහන්සේ පමණක් පත් කළ යුතුය. එහි අභියාචනා පවා ගිහියන්ගේ අධිකරණවල නොව සංඝ උත්තරීතර විනිශ්චය මහා සභාවක සිදු කළ යුතුය.


2. මේ පනතට අදාල නඩු විභාග වලට කතෝලික, මුස්ලිම් සහ නමට බෞද්ධවන නීතීඥවරැන්ට පෙනී සිටීම තහනම් විය යුතුය.(සමථ මණ්ඩල ඉදිරියේ නීතීඥවරැන්ට පෙනී සිටීම දැනටමත් තහනම් කර ඇත). මෙම නඩු සදහා පෙනී සිටිය හැක්කේ බෞද්ධ දර්ශනය සම්බන්ධව ප්‍රාමාණික අවභෝධයක් ඇති අය පමණක් විය යුතුය.


3. මෙම නඩු විභාග කටයුතු අධිකරණ සේවා කොමිසමේ පාලනයෙන් ඉවත් කර මහානායක හිමිවරැන්ගේ පාලනයේ පමණක් තැබිය යුතුය.


4. මෙම නඩු විභාග කරන අධිකරණ ශාලා වර්තමානයේ පවතින බයිබලය ප්‍රදර්ශනය කරන කතොලික ආගමේ ස්වරෑපයෙන් ඈත් කර ආර්ය බෞද්ධ සම්ප්‍රදය අනුව සකස් කළ යුතුය. වර්තමානයේ පවතින ලෝගු ක්‍රමය මෙම අධිකරණයෙන් ඉවත් කළ යුතුය.


5. මෙම පනත ගිහියන් විසින් නොව මහා සංඝයා වහන්සේ විසින් පමණක් සකස් කළ යුතුය.


6. මෙම නඩු විභාග වලදී කිසිදු ආකාරයේ ගාස්තු අයකිරීමක් සිදු කිරීම තහනම් කළ යුතුය.


7. මෙම නඩු විභාග සදහා ප්‍රමුඛස්ථානය දිය යුතුය.

2016.01.15